Friday, December 27, 2013

ඇසුණු කතා.. (ඇනකොන්ඩාවට මොකද වුනේ..)

නත්තල් නිසා මේ ටිකේ පොඩි පොඩි සාදයන් හැමතනමය. මමද එකකට දෙකකට සහභාගී වීමි.කෙසේ හෝ එකතැනකදී ඇසුණු කතා බහක් මෙසේ සටහන් කරමි.කතාවනම් ඇනකොන්ඩාව ඇනකොන්ඩිය ගිල දැමීම පිලිබඳවය.
මාතෘකාව ඔස්සේ විවිද කරුණු යන අතර එක්තරා පොරක් මෙසේ කියුවේය..
“ඕකත් බන් ආණ්ඩුවේම වැඩක් තමයි. උබලට ඉතින් ඕව තේරෙන එකක්යැ මේකයි දැන් බලපල්ලා උබලට බඩුමිල වැඩි වුන එක පඩි වැඩි නොවුණු එක බස් ගාස්තු වැඩි වුන එක මේවා සේරටම වඩා ලොකු කොහෙවත් නැති වලත්ත  ඇනකොන්ඩියක් උගේ මිනිහව ගිලපු එකනේ”

ඒත් එක්කම තද වුනු පොරක් තමා අදහස් වේගයෙන් කියාගෙන යන්නට විය.මා ඔහු හදුනන්නේය මහරජාණෝ කිවුවොත් ඔහු දන නැමෙන්නේ නිසඟයෙන්මය.
“අනේ බන් නිකං බොරු කතා නොකිය ඉඳපන් උබලා දන්නේ ඕන දේකට ආණ්ඩුව අල්ල ගන්න තමා ගංවතුරක් සුනාමියක් ආවත් වැරදි ආණ්ඩුවනේ හ්ම්ම්ම් මේවා බන් රජය අපහසුතාවට පත් කරන කුමන්ත්‍රණ දැන් ඔය ඇනකොන්ඩා මැරුණු එකෙන් අපේ රජය අපකීර්තියට පත් කරන්න තමයි විජාතික බල වේග වලට ඕනි. ඒ අස්සේ උබලා ඒකට උල් පන්දම් දෙනවා.. අනේ තොපි වගේ ජාතිද්‍රෝහියෝ ”

දෙදෙනා අතර වාග්ප්‍රහාරය තියුණු වූ නිසා හැන්සාඩ් වාර්තාවෙන් ඉවත් කරන ලදී..

“උබලා ඕකට ගහ මර ගන්න එපා.ඒක බන් ඔය ඇනකොන්ඩගේ කරුමේ.තමගේ එකට හිටපු නෝනා ම ගිලලා මැරෙන්න තරම් වූ මොන සා නම් පවක් කරලා ඇත්තද??” ඒ ධර්මදාස අන්කල්ය.

“අනේ ධර්මේ උබලාගේ ඔය කර්මේ නිසා තමා මේ සේරම මේක මචන් මේ සමාජ කර්මයේ වරද්ද??පුළුවන් එකා හැමදාම බැරි එකාව ගිලන් කනවා.අනික බන් බඩගින්න වැඩි කමට නෝනද මහත්තයද ළමයද කියලා නෑ ගිලලා දානවා. ඒ තරම් මේ ධනවාදී ආර්ථික ක්‍රමය මහා පිළිලයක් වෙලා.මේ ක්‍රමය වෙනස් වෙන්න ඕනි”
ඒ රැවුල වවන් රතු තොප්පියක් පැළද සිටි කෙනෙකි..

“ඇත්තටම බන් ඔය සත්තුන්ට දීලා තියෙන්නේ කුකුලෝ තුන්දෙනයි එක වුන්ට ගෑවෙන්නත් මදි එකයි ප්‍රශ්නේ”
අනික බන් ඕක වෙන්නේ ඇනකොන්ඩ ලා අතර විතරක් නෙමේනේ බන් දැන් ඇනකොන්ඩි එක පාරක් මිනිහව ගිලලා වැමෑරුවා එච්චරයි ඒකටා අපේ අනකොන්ඩියෝ ගිල ගිල වමාරනවා අපිව හැමදාම”

එක එක මතවල සිටි සැවොම ඒ මතයට නම් එක හෙලා එකඟ වුනි.මේ කතා බහ අතර පළමු මදුවිත බෝතලය ඉවර වූ අතර දෙවැන්නට මාරු වන ලදී..

කෙසේ හෝ පාට පාට කන්නාඩි වලින් ලෝකය බලන්නේ නැතුව ස්වාදීනව ඒ දෙස බලන්න පුළුවන් නම් අලුත් අවුරුද්දේ ඉදන් වත් ගොඩක් හොදයි නේද???

14 comments:

  1. පාට පාට කන්නාඩි හැම තැනම තියෙද්දි ඒක ප්‍රජාචන්ත්‍රවාදය කියල නෙව කියන්නේ.. ඉතිං අපිට මොකෝ. ඕන එකක් කරගත්තාවේ

    ReplyDelete
    Replies
    1. එහෙමත් එකක් තියේද බන් අපේ රටේ... ;)

      Delete
  2. අඩේ අප්පේ මේකත් දේශපාලනිකරණය උණාද ඒ පාර?

    ReplyDelete
    Replies
    1. ඔය වෙලා තියෙන්නේ.. අනික මිනිසා යනු දේශපාලනික සත්වයෙක් ලු නේ බන්..

      Delete
  3. ඕක ඇහුන ගමන් මමනං බයෙන් ඉන්නේ බං! කොයි වෙලේ ගිලලා දායි ද දන්නේ නෑනේ! මේකනේ බං සීන් කෝන් එක. ලංකාවේ උන්ට මොකක් හරි දේකට හේතු පැහැදිලි කරන්නේ නැතිව ඉන්නම බෑ! පැහැදිලි කරන්නේ තමන් දකින දේ උපරිම හරි කියලා හිතාගෙන. එතනයි වැරැද්ද.

    ReplyDelete
    Replies
    1. අනිවාර්යයෙන්ම සමහර වෙලාවට බන් තමන්ගේ මතේමත් නෙමෙයි ගොඩක් ඇය දගලන්නේ අනුන්ගේ මත වලින් ඔලු පුරවගෙන.. දැන් කොයි ඇනකොන්ඩිද? උබව ගිලින්නේ..

      Delete
  4. නියම චින්තනය ෂැගියෝ මේක තමයි ෂැගියාගේ චින්තනය..

    ReplyDelete
    Replies
    1. අනිවා මගේම විදිහකට ලෝකය දිහා බලන එකතමා මගේ විදිහ.. ඇත්තටම විචාරයකින් තොරව බලන නිසා තමා ලංකාවේ මිනිස්සු අන්දන්න ලේසි.. ;)

      Delete
    2. හැ ....අපිව අන්දන්ඩ හිතව මදි

      Delete
    3. ඔය ඇන්දිල තියන තරම් මදැයි.. ;)

      Delete
  5. ඇනකොණ්ඩා ද චින්තන මාධ්‍යකි....

    ReplyDelete
    Replies
    1. චින්තනය ඇනකොන්ඩා මාධයෙන් එලියට ආවේය..

      Delete
  6. ගොඩක් අය හිතන්නෙ තමන්ට හිතෙන දේ,කරන දේ තමයි හරිම දේ කියල.තව කෙනෙක්ට ඇහුම්කම් දෙන්න පුරුදු වෙල නෑ.මිනිස්සු ගොඩ දෙනෙක් පුරුදු වෙලා තියෙන්නෙ තමන්ගෙන් රටට වෙන්න ඕනෙ දේ පුන්ච්චියට හරි කරන්න නෙවෙයි.රටේ වැරදි,පාලකයන්ගෙ වැරදි කියව කියව කාලෙ කන්න...

    නියම ලිපියක්.. ජයම වේවා !!!

    ReplyDelete
    Replies
    1. ඇත්තටම අපි තමා තමන්ගේ වගකීම් යුතුකම් ඉෂ්ට කරනවානම් හැමෝගෙම අයිතිවාසිකම් නිකන්ම සුරැකෙනවා කියන එකනේ..

      Delete

හිතේ තියන් යන්නේ නැතුව හිතෙන දෙයක් කියලා යන්න...