![]() |
(ජායාරුපය උපුටා ගැනීම www.thespiritscience.net වෙබ් අඩවියෙනි ) |
ඇය කවි කියන විට
හිතයි රාහු වී
එසඳ ගිලින්නට
නුඹව අහිමි කල ප්රමාදය
සිහිවන විට
හිතයි කාලය කරකවන්නට
රාවණා වී නුඹ ගෙනෙන්නට
හිතයි විටකදී
ගෙනාවොත් නුඹ දිනිනවා මම
විභීෂණ නැති නිසා පාවා දෙන්නට
සේරමත් හරි
තියන් ආදරය හිත යට
හංගගෙන ඉන්න උඹව දැක්කම
කේන්තියි මට
ෂැගියාට කවි ලියන්නට හැකි දෝ නොහැකිදෝ නොදනිමි හිතට එන සමහර ගොන් මොංගල් අදහස් ලෙක්චර් අතරතුර දී කොළ වල ලිය වෙයි ඒවා කවි යැයි මට සිතෙයි ඒවා එසේ නොවේ නම් සමාවුව මැනවි.
කාලෙකට පස්සේ ඔන්න මකුළු දැල් එහෙම කඩලා දැම්ම බ්ලොගියේ තිබ්බ.
ඒ ෂැගියා තාම ඉන්නවා නේද???? පහුගිය ටිකේ ඡන්ද වැඩද????
ReplyDeleteතාම ජිවතුන් අතර ඉන්නවෝ.. මේ අවුරුද්දටම තාම පොස්ටු හතරයි දැන් ආයි වැඩ පටන් ගන්න කියලා බැලුවේ :)
Deleteහ්ම්ම්.. හ්ම්ම්... අපි හොයමු විසඳුමක්....
ReplyDeleteහ්ම්ම් හ්ම්ම් විසදුමක් නොවන විසඳුමක් හොයමු :)
Deleteඅලුත් තාලේ කවියක්. ලස්සනයි. අයි මෙහෙට ආවේ.
ReplyDeleteදිගටම එන්න ආරාධනා කරනවා එහෙනම් :) තැන්කු වේවා!!
Deleteශැගියාගේ ආගමනය ගැන හුගක් සතුටුයි.
ReplyDeleteකොමෙන්ටු නොදැම්මත් පුළුවන් හැම වෙලේම ඒ පැත්තෙත් යනවා එනවා :) අපි
Deleteෂැගීීීීඊඊඊඊඊඊ.................. ලස්සනයි.
ReplyDeleteකුරුටු ගානවා කියන්නේ ලෙක්චර් එක වෙලාවේ ෂැගී ඇහැරලා.... අම්මෝ ඒකවත් මදැ
තැන්කු වේවා!! බොහෝවිට නිදි ඇහැරුණු වෙලාවට ලියවුණොත් තමා ඉතින් :)
Deleteසන්තෝසයි ෂැගීීීීඊඊඊඊඊඊ.
ReplyDeleteසන්තෝසයි අපිටත් මේ පැත්තේ ගොඩවෙන ඒකට කට්ටිය තාම.. :)
Deleteකවිය ලස්සනයි ෂැගියෝ
ReplyDeleteජයවෛ්වා!
තැන්කු වේවා!!
Deleteජය වේවා!!
අපූරුයි... කුරුටු ගාන දේවල් තමයි හොඳ නිර්මාණ වෙන්නේ දවසක..
ReplyDeleteතැන්කු වේවා!!
Delete