Sunday, July 28, 2013

පාළුව......



පාළුව කියන්නෙත් හරිම පුදුම දෙයක් කියලා ෂැගියට හිතුනා..මොකද දැන් මන් මේ ලිපිය ලියන්නෙත් මට ලොකු පාළුවක් දැනෙන නිසා. පාළුවත් එක්ක යාලු කමට ඉන්න අනිත් වචනේ තමයි තනිකම කියල කියන්නේ ඉතින් පාළුව තනිකම හුදකලාව දැනුන වෙලාවල් වලදී මහා ශ්‍රේෂ්ට කලාකෘති පවා ලෝකෙට බිහි වෙලා තියනවා. ඔය වික්ටර් රත්නායක මාස්ටර් ගායනා කරන තනි තරුවේ ගීතයත් එහෙම ලියවුනු එකක් කියලා ෂැගියාඅහලා තියනවා..

මන් කලිනුත් කිවුවනේ තනිකම කියන්නේ මහා පුදුම දෙයක් කියලා.තනිකම කියන වචනේ අහපු ගමන් අපිට මතක් වෙන්නේ කවුරුත් නැතිව පාලුවෙන් තනිවෙලා ඉන්න වෙලාවක් ඒත් අපි තනි වෙන්නේ පාළුව දැනේනේ කවුරුත් නැති වෙලාවට විතරක්ම නෙමෙයි.දහස් ගණන් සෙනග පිරිවර අපි වටේ ඉඳිද්දී ත් අපිට අපි තනි වෙලා වගේ දැනේනේ ඇයි කියන කාරණේ ගැන තමයි ෂැගියා මේ කල්පනා කලේ..
 සමහර සාද ගැන මතක් කරලා බලන්න අපි එතන හිටියත් හරියට ඉඳලා නෑ වගේ තමයි හිතට දැනේනේ එහෙම දැනේනේ අපි හිතින් තනි වුන නිසා.අපේ හිත ඉල්ලන බලාපොරොත්තු වෙන දෙයක් , කෙනෙක් , හිතක් නැත්තම් පුංචිම පුංචි සිතුවිල්ලක් එතනදී මුනනොගැසුන නිසා..
එතකොට අපිට දැනේනේ නම් මහා කරුමක්කාර මුසල බවක් අපිත් හරියට හත් ඉලවුවට ගහපු කලාබර වගේ ඔහේ බකන් නිලන් ඉන්නවා..
ඒත් පොඩ්ඩක් හිතලා බලන්නකෝ අර බලාපොරොතු වුන දෙය, කෙනා , හිත එහෙමත් නැතිනම් ඒ සිතු විල්ල අපිට මුණ ගැසුන කියලා.. එතනින් එහාටත් අපිට ඕනි වෙන්නේ අර දෙය , කෙනා , හිත නැත්තම් සිතුවිල්ලත් එක්ක තනිවෙන්නමයි ඒත් ඒ හුදකලාවට තනිකමට හිත ආදරෙයි.. පොඩිම පොඩි මුසල කමක්වත් දැනේනේ නෑ එතකොට ඒ වෙනුවට අපි හිතනවා අපි කොච්චර නම් වාසනාවන්තද කියලා 

ඉතින් තනිකම පාළුව හුදකලාව කියන්නෙත් ළඟ තියනකොට ඈත් කරගන්න හදන ඈත් වෙනකොට ලං කරගන්න දෙයක් වගේ කියලයි ෂැගියට නම් දැනුනේ...

මල හිරු බසිමින් යන හැන්දෑවක
නුඹ මට තුරුලුව
අපි තනිවෙනකොට
දැනුනු සොඳුරු බව..
මල හිරු බසිනා මේ හැන්දෑවේ
නැත නුඹ
තනියම මම අද වෙරළේ e
දැනෙයි අඳුරු මූසල බව දසතේ                                                          

  ජනාදර හිතාදර ෂැගියා.....
 

Wednesday, July 17, 2013

ජීවිතය


ලියුවත් බොහෝ දේ ගැන
නොලියු නිසා ජීවිතය ගැන
ජීවිතය ගැන ලියන්නට
ඇරයුමක් ලැබුනා මට ජීවිතයෙන්ම

ජීවිතය මේ අසන්
උපමාව උපමේය ගලපන්න
නොදන්නෙමි නුබට
මම

මගේ යැයි මමම යැයි
පතා සිටියෙන් මෙමා
පමා විය මේ බවයේ
ජීවිතය දිනන්නට

අහිමි විය ජීවිතය මේ බවයේ
නොපමාව වෙහෙසිලා
දිනමි ජීවිතය මම
මේ බවයෙදිම  
තව ටිකක් ජීවිතය නුබ ඉඩදුන්නොති නම් 

නොහැකි නම් ඉඩ දෙන්න
මතු බවයේ
නොපමාව දිනමි නුඹ
පාරමී වේවී මට මේ බවය නිසැකවම


ජනාදර හිතාදර  ෂැගියා...... 

Monday, July 8, 2013

The අපිට වෙච්ච දේවල් ....

(නාඩියා , මනියා පිළිබඳව අලලා ලියවුනු වගයි)

මේ පහුගිය දොහේ වැඩ රාජකාරි වලදී අපිට පාත් වුන කලාබර සහ ඕපාදුප ටිකක්...

ඔන්න පහු ගිය දවසක මනිය ට බඩ පපුව දැවිල්ල හැදිලා හත්ඉලවුවට ගහපු කලාබරේ වගේ එහෙ මෙහෙ දුව දුව ඉන්න අතරේ මමයි හුවාවී මනියව එක්කන් ගියා බඩේ දැවිල්ලට තියන ENO එකක් ගන්න මනිය කඩේ අංකල් ගාවට ගිහින් ඉල්ලුවා මෙන්න මෙහෙම...

“අංකල් අර බඩේ දැවිල්ලට බොන EWA තියනවද කියලා?”

අංකල් දෙසැරයක් මනියා දිහා බලල හිනා වෙනවා හෝ ගාලා අපිට වගේම මනියටත් හිනා මොනවා කරන්නද නිදි මතේ දිව පැටලුනාට

මේ අතර නාඩියාව අංකල් කෙනෙක් නිතර නිතර බදා ගත්තේ ශෝක් පොඩි එකා කියමිනි ලැජ්ජාවෙන් ඇඹේරෙමින්  අංකල්ගේ ග්‍රහනයෙන් නාඩියා මිදීමට දැරූ සෑම උත්සාහයක්ම හත් ඉලව්වට ගසන ලද කලාබර මෙන් විය..ආරංචි වල හැටියට නම් මේ ටිකේ නාඩියා ඔලුව කැරකීම වමනය සහ ආහාර අරුචියෙන් පෙලෙනා අතර ඇඹුල් රසැති ආහාර ප්‍රිය කරන බවද සැල වී තිබේ... අපි නම් දන්නේ නෑ ඔන්....

මේ අතර කිවයුතු තවත් වැදගත්ම දෙය නම් මනියා සහ ඩිංගිරි මැණිකේ රඟන ලද “අම්මලා ඇවිදින්” චිත්‍රපටියේ රූගත කිරීම්ය..වැඳ වැටෙමින් සිප වැළඳ ගනිමින් ඩිංගිරි මැණිකේ මෙමෙ චිත්‍රපටියේ පෙන්වන ලද රංගන කෞශල්‍ය පිලිබඳ කීමට වචන නොමැත...

මළගෙදර පැමිණි අයට සංග්‍රහ කිරීමට බීම සෑදීම අපිට බාර වූ අතර බීම කවලම් කීරීම බාර දුන්නේ නාඩියාටය ලොකු බාස්කට් එකක බීම පොල්කටු හැන්දකින් කවලම් කීරීම නාඩියා වඩාත් සතුටට පතු වූ කරුණ විය එනම් පොල් කටු සමඟින් නාඩියාට බොහෝ නෑකම් පවතින හෙයිනි.. කෙසේ හෝ වට 2ක් කලතන විට හැන්ද බාස්කට් එකේය ඉන්පසු හැන්ද සෙවීම අපහසු වුයේන් පිහිට වුයේ නාඩියාගේ අතය එසේ කලතන විට එක වරම දිව ගිය නාඩිය සින්ක් එකෙන් අත සෝදන්නට විය කලබල වූ අපි ඇයි බන් මොකද වුනේ යැයි ඇසීමු...
තම හඬ අවදි කල නාඩියා පැවසුයේ මුලදී අත සේදීමට අමතක වූ බවයි. කෙසේ හෝ මෙම ක්‍රියාව ඉවසාවදාලමින් අපි සිටින විට ගම්පහ හේරුවතී ආච්චි අම්මත් වතුරගම ලෆී නැන්දත් දෙහි මිරිකීමට ගොස් දෙහි පොතු 5ක් 6ක් ම බාස්කට් එකට දමන ලදී.. විටින් විට පොළොන්නරු කුන්චනාදයක් තුලින් අපේ පාළුව කාන්සිය බිඳ හෙලීය.. මේ සියල්ල අතරේ බීම එක වෙද පප්පාගේ අරිශ්ටේ මෙන් විය... අරංචි වල විදියට නම් බීම බීපු ගොඩක් අය බීම එක හදපු සියලු දෙනාගේ පරම්පරාවම මතක් කර ඇත...

මේ සියල්ල වූ අතරේ නාඩියා රෑ අප දෙසට උඩ පනිමින් දුව විත් හැංගීමට තැනක් සොයන්නට වීය. හේතුව සොයා බලන විට සිදු වී තිබුනේ නම් මෙවැනි දෙයකි..හේතුව මළගෙදරට කොමාන්ඩෝ රෙජිමේන්තුවේ කර්නල් වරයකු පැමිණීමය.. ඒ නාඩියා අදුනන නංගි කෙනෙකුගේ මාමා කෙනෙක්ලු හැන්ගුනේ ඇයි දැයි තාමත් අපිට නම් ගැටලුවකි...


ජනාදර හිතාදර ෂැගියා .......