Sunday, November 24, 2013

පංකජ මල



දහසක් දේ හිතේ දරන්
මහමෙර සේ දුක් උහුලන්
පංකජ මල අතින් අරන්
නගින බසින කඳු පල්ලම්
අතර මැද්දේ මහ වලවල්
අඳුරු මහා කළු වනයන්
නේක විවිද මඩ ගොහොරුත්
පාලු රුදිරු සොහොන් පිටිත්
ක්ෂේම භුමි නැති කතරත්
මහා සීතල කඳු පංතිත්
පහු කරගෙන ගෙන යද්දිත්
නොම පර වුනු පංකජ මල
අනෝතප්ත විල ගාවදි
පර කරගනු ඇයි මේ ලෙස..

Friday, November 22, 2013

අපේ කේන්දරේ අපිම බලමු



ප්‍රබල ග්‍රහ මාරු කිහිපයක් ලග්න හතරකට ප්‍රබල ධන යෝග තවත් ලග්න දෙකකට විදෙස් ගතවීම් නියතයි.ලග්නයට අනුව ගති ගුණ දැනගන්න ඔබේ කේන්දරය ඔබම බලා ගන්න එන්න..

කට්ටිය බලනවා ඇති ෂැගියට  මොකෝ මේ ජෝතිෂ හැකියාවක් පහල වෙලා කියලා.ඇත්තටම දැන් ලග්න පලාපල එහෙම බලාගන්න කට්ටිය ආවනම් කට්ටිය පොඩ්ඩක් කියවගෙන යන්නකෝ..මේකයි මාත් ඔය ලග්න පලාපල සාත්තර එහෙම අහලා දැනගන්න ආසයි මොකද හැමෝටම වගේ නොපෙනෙන අනාගතය ගැන මට තියෙන්නෙත් පොඩි කුකුසක් අන්න ඒ නිසා මාත් ඕවා පොඩ්ඩක් හොයලා බලනවා.ඇත්තටම මට මේ ලිපිය ලියන්න හිතුනේ ලගදි වුන පුංචි සිදුවීමක් නිසා..

ෂැගිය පට්ට කම්මැලි කමේ ඉඳලා සින්දු අහලා ෆිල්ම් බලලා නිදියන්න හදලා මේ සේරටමත් වැඩියෙන් කම්මැලි කම දැනෙන නිසා දුකට සැපට ලග ඉන්න යෙහෙළියකට දුරකථන ඇමතුමක් දුන්නා..දීලා ඉතින් ඔහේ කතා කරන ගමන් ඇය මට කියනවා. ෂැගිය මේ වෙලාව තමයි ඔයා ඔය ගැන හිතන්න ගන්න ඕනි වෙලාව කියලා..
ඇත්තටම ඒ කතාවත් එක්ක මට තේරුනේ අපි ජිවිතේ කොච්චර නම් අනිත් ඇය ගැන හිතනවද ඒත් මේ හැල්මේ දුවන ගමන නවත්තලා ටිකක් අපි අපි ගැන හිතපු කාලේ අඩුයි කියලා.එහෙම ටිකක් වෙලා හිතා ගෙන යන ගමන් මන් ගැන මන් හොදටම දන්න නිසා මගේ ගති ගුණ මට හරිගිය තැන් ජිවිතේ අම්බානක අනාගත්ත තැන් මන් පුංචි කඩදහියක ලියාගෙන ගියා.මන් කරපු දේවල් නිසා මට ලැබුණු දේවල් නොලැබුණු දේවල් වගේ ගොඩක් දේ මන් ගලප ගත්තා..
ගොඩක් කල් මගේ කේන්දරේ බලපු අයටවත් කියන්න බැරි වුන තරම් සිදුවීම් එකේ තිබ්බා.ඇත්තනේ මන් ගැන දන්නේ මන් විතරනේ ඉතින් මේ වෙච්ච දේවල් ටික දිහා බලාගෙන ඉද්දි දැන් මන් කරන දේවල් නිසා මට වෙන්න යන දේවල් මොනවද කියලත් තේරුම් යන්න පටන් ගත්තා එකයි මන් කියුවේ අපේ කේන්දරේ අපිම බලමු කියලා..   මගේ තියන හැකියා දුර්වලතාත් එක්ක මගේ අරමුණු ගලප ගන්න මට ඒක ලොකු උදවුවක් වුනා එකයි ඒ ගැන දාන්න හිතුනේ..
ඒ වගේම තමා ධනාත්මක චින්තනේ ගගා මට හැමදේම පුළුවන් පුළුවන් කියලා මුමුණ ඉන්නේ නැතිව පුළුවන් දේ වඩා හොදින් කරන්න උත්සහ ගමු කියන එකයි ෂැගියගේ චින්තනය නම්.. මොකද මට හුගාක් ධනාත්මක චින්තනය ගැන දැඩි මතදාරියෝ හම්බවෙලා තියනවා..අධි වේගයෙන් නොහැකි ඉලක්ක පස්සේ දුවන්න ගිහින් හති වැටුනම මුළු ලෝකේ ගැනම කලකිරිලා ඍන සිතුවිලි පුරවන් ඉන්නවා..ඇත්තටම ධන සිතුවිලි තමයි අපිව නැගිට්ටලා ගන්නේ ඒ වගේම අපේ අරමුණ අපේ හැකියාවන් හා සම්පත් මත ලගා කරගත හැකි අරමුණක් නම් වඩා පලදායි වෙයි කියලා මට හිතෙනවා..
කේන්දරේ කියවගත්තාම වැඩ කරගෙන යද්දී ඕන වෙයි කියලා හිතිලයි ලියලා දැම්මේ.මට මගේ කේන්දරේ සාධනීය වෙනසක් කල නිසයි මේ ගැන ලියලා දැම්මේ.. ගැලපෙයි කියලා හිතෙනවා නම් කරලා බලන්න..


ජනාදර හිතාදර ෂැගියා

Sunday, November 3, 2013

අනාථයා



අම්මා කියනවා මන් කීකරු පුතෙක්ලු..
ඒත් මට අම්මා කෙනෙක් නෑ...
තාත්තා කියනවා මන් එයාගේ පරම්පරාව ගෙනියයිලු.
ඒත් මට තාත්තා කෙනෙක් නෑ..
මගේ යාලුවෝ කියනවා උඹ එල පොරක්ලු..
ඒත් මට යාළුවො නෑ..
මගේ පෙම්වතිය කියනවා එයා මට ගොඩක් ආදරෙයිලු..
ඒත් මට පෙම්වතියක් නෑ..
මටම මන් කියනවා උබ කිසිම දෙකට සැලෙන්න එපා කියලා..
ඒත් මට මන් වත් නෑ....