Thursday, September 15, 2016

ලියවෙච්ච මගේ කවිය




සුන්වෙච්ච හදවතින් 
ලියවෙච්ච කවි අතර 
හැංගිච්ච පද හතරේ 
ලන්වෙච්ච එක කවිය 

හිමිවෙච්ච අහිමිබව 
ලියවෙච්ච ඉරණමට 
නැතිවෙච්ච පද හතරේ 
මැලවෙච්ච මගේ කවිය 

කලුවෙච්ච මේඝ වල 
ඇතිවෙච්ච රිදී ඉර 
හැංගිච්ච ඉක්මනින් 
නැතිවෙච්ච එක කවිය 


හමුවෙච්ච ප්‍රමාදය
හිමිවෙච්ච නැති කරුණ  
සවිවෙච්ච හදවතට 
වැටහිච්ච නැති කවිය 

8 comments:

  1. පීදීච්ච මල් කැකුලෙ
    නැතිවෙච්ච සුවඳ ගැන
    දුක්වෙච්ච හදවතින්
    ලියවේච්ච් නුඹෙ කවිය.....
    අපූරුයි.

    ජයවේවා!!!

    ReplyDelete
  2. අකුරු කතා.. අතුරු කතා....

    ReplyDelete
    Replies
    1. අතුරු කතාවක් නිසා ලියපු අකුරු කතාවක්

      Delete
  3. හරි අපූරුයිනේ ලියවෙච්ච ඔබේ කවිය..

    ReplyDelete
  4. පහුවෙච්ච අතීතෙක
    ගිලිහිච්ච ප්‍රේමයක
    හිමිවෙච්ච ශෝකයක
    දැවටිච්ච කවියකට

    තනිවෙච්ච ලෝකයක
    දුරුවෙච්ච ආලයම
    පිරවිච්ච නිදහසම
    ඇතිවෙච්ච සැනසීම

    ගැලපිච්ච පද පෙළක
    සැගවිච්ච අර්ථයට
    බයවෙච්ච ඒ කවිය...
    නොහැගිච්ච ගානටම
    හිනැහිච්ච අපූරුව

    ReplyDelete
  5. මේ වනවිට ඔබේ නිර්මාණ බොහොමයක් රස විද තිබෙනවා . ඒවා විවිධ පරාස කරා යන අයුරු අපූරුයි . බ්ලොග් කලාවට අළුත් මට ඔබේ භාවිතය හොද අත්වැලක් . ඉඩක් ලැබුණොත් මගේ අහස් ගව්වෙන් එහා ලෝකයට ගොඩ වැදිලා අඩුපාඩු ලියන්න . වැඩි පිරිසකට මගේ නිර්මාණ රසවිදින්න උදව් කරන්න . ඔබට ජය
    http://ahasgawwenehalokaya.blogspot.com

    ReplyDelete
  6. මම ලබන අවුරුද්දේ මුලදී සවන අන්තර්ජාල රේඩියෝවට කවි ගැන වැඩසටහනක් කරන්න ඉන්නවා . ඔබේ කවි එමගින් ඉදිරිපත් කිරීමටත් , සංවර්ධනාත්මක ප්රතිචාරයක් ( Constructive Feedback )සම්පත් දායකයින් මගින් ලබා දෙන්නත් පුළුවන් . ඔබේ කැමැත්ත සහ අවසරය මගේ විද්යුත් ලිපිනයට එවන්න . වැඩසටහන් ආකෘතිය සහ ඔබේ පුර්ව පිටපත සහ අවසන් පිටපත විද්යුත් තැපෑල හරහා බෙදා ගන්නම් . අනුරුද්ධ ......ahasgawwa1@gmail.com

    ReplyDelete

හිතේ තියන් යන්නේ නැතුව හිතෙන දෙයක් කියලා යන්න...