Saturday, October 19, 2019

දුම්රිය සහ හූව



පළමු වේදිකාවට දැන් පැමිණි දුම්රිය කොළඹ කොටුව බලා ධාවනය වේ , කොළඹ කොටුව දක්වා ඇති සෑම දුම්රිය ස්ථානයකම දුම්රිය නවත්වනවා ඇත


ගත වුයේ සුළු මොහොතකි මහා හූ හඬක් නංවමින් දුම්රිය පිටත් වීමට සුදානම් විය. එය හිරුනිකා තැබූ හූ වට වඩා හැදියාවකින් යුක්ත වූ අතර හිරුනිකාට තැබූ හූ වට වඩා අර්ථාන්විත විය. එය පොහොට්ටු වාදීන් නිදහස් පක්ෂයේ මන්ත්‍රීවරුන්ට තැබූ හුවට වඩා ඥානාන්විත වූ අතර, එකල සජිත් වාදීන් රනිල්ට තැබූ හුවට වඩා ග්‍රාමීය බවකින් යුක්ත වනවා මෙන්ම ලගකදී රනල් වාදීන් සජිත්ට දැමූ හුවට වඩා කපටි විය. JVP වාදීන් පෙරේට්ටන්ට දමන හූ වට වඩා සමාජවාදී වූ අතර පෙරේට්ටන් JVP යට දමන හුව තරමට යල් පැනගිය එකක් නොවීය. එය කෑලි තුන හතරකට බෙදුනු විකල්පය දමන හූ වට වඩා විකල්ප ලක්ෂණ පෙන්වූ අතර සැවම විකල්පයට දමන හු වට වඩා අර්ථාන්විත විය.
බොරු දේශප්‍රේමියා දේශද්‍රෝහියට දමන හුවට වඩා දේශප්‍රේමී විය, ඊනියා උප්පති බෞද්ධයන් ගේ හුවට වඩා ශිෂ්ට සම්පන්න වූ අතර සහජීවන හුවට වැඩ සහජීවනයක් එතුල විය. අන්තවාදී මුසල්මනුවා දමන හුවට වැඩ එය මුස්ලිම් වූ අතර ෆෙඩරල් දෙමළා නගන හුවට වඩා ලාංකික දෙමල විය.
එකී මෙකි නොකී සියලු හු අතික්‍රමනය කල දුම්රිය හූව නැගුනේ 70 වසරක් තවමත් දාඩිය පෙරමින් දුම්රියේ එල්ලෙමින් බසයේ පොරකමින් බදු බරෙන් මිරිකෙමින් සිහින මවමින් ට්‍රිලියන 10 ක ණය ගෙවමින් එදා දුක් විදින ලාංකිකයටය.
ඔව් D.S. සේනානයකටත් වඩා UNP වුන උම්බටය , බණ්ඩාරනායකටත් වඩා ශ්‍රී ලංකා වුනු උම්බටය, රෝහණ විජේවිරටත් වඩා සමාජවාදී වුන උම්බටය , බෙදී වෙන් වුන විකල්පය වූ උඹලටය උන් වෙනුවෙන් පාගමන් ගිය උඹලටය උන් කියූ නිසා බස් ගිනි තැබූ උඹලටය උන් රට විනාශ කරද්දී කරබාගෙන සිටි උඹලටය, උන් ආරක්ෂා වෙද්දී බෝම්බ කාපු උඹලටය, බෝම්බ ගහපු උන් එකට ඉද්දි අහිංසක ගහ බැනගත් තොපිටය අවසානයේ මේ වගේ මගුල් ලියනා අපිටය, හැදෙනවනම් උඹලා ඔය හූ වත් ඇතිය.
උඹලා හරි දේ හරි කියපු දවසට පක්ෂ පාට නොබලා වැරදි වැඩේ වැරදි කියපු දවසට තමන්ගේ එකාගේ වරදක් දැක්කම ඊට වඩා අරු වැරදි නොකිය තමන්ගේ පක්ෂේ එකාගේ වරද හදවපු දවසට මේ කෝච්චිය ආපහු හූ කියයි ඒ උඹලට නෙමේ 70 වසරක් මේ රටට කෙලවන සිංහල දෙමල මුස්ලිම් පාලකයන්ටය
“හූ .............”
මගුලක් ලියන්න ගිහින් දැන් මරදාන පහුවෙලාය බසයක එල්ලී ටෙක්නිකල් දෙසට යා යුතුය.

sri lankan presidential election 2019, sri lankan presidential election 2019, sri lankan presidential election 2019,sri lankan presidential election 2019 sri lankan presidential election 2019,sri lankan presidential election 2019, sri lankan presidential election 2019sri lankan presidential election 2019,sri lankan presidential election 2019,sri lankan presidential election 2019, sri lankan politics, sri lankan politics sri lankan politics sri lankan politics sri lankan politics sri lankan politics sri lankan politics sri lankan politics sri lankan politics sri lankan politics dinananne kauda anawaki dinananne kauda anawaki dinananne kauda anawaki dinananne kauda anawaki dinananne kauda anawaki dinananne kauda anawaki dinananne kauda anawaki dinananne kauda anawaki sajith premadasa sajith premadasasajith premadasasajith premadasasajith premadasasajith premadasa gotabaya rajapakshe gotabaya rajapakshe gotabaya rajapakshe gotabaya rajapakshe gotabaya rajapakshe gotabaya rajapaksha gotabaya rajapaksha

3 comments:

  1. ඔබ මානසික ව්‍යාධියකින් පෙලෙනා බව සිතේ.

    රසික

    ReplyDelete

හිතේ තියන් යන්නේ නැතුව හිතෙන දෙයක් කියලා යන්න...