ප්‍රබල ග්‍රහ මාරු
කිහිපයක් ලග්න හතරකට ප්‍රබල ධන යෝග තවත් ලග්න දෙකකට විදෙස් ගතවීම් නියතයි.ලග්නයට
අනුව ගති ගුණ දැනගන්න ඔබේ කේන්දරය ඔබම බලා ගන්න එන්න..

ෂැගිය පට්ට කම්මැලි කමේ
ඉඳලා සින්දු අහලා ෆිල්ම් බලලා නිදියන්න හදලා මේ සේරටමත් වැඩියෙන් කම්මැලි කම දැනෙන
නිසා දුකට සැපට ලග ඉන්න යෙහෙළියකට දුරකථන ඇමතුමක් දුන්නා..දීලා ඉතින් ඔහේ කතා කරන
ගමන් ඇය මට කියනවා. ෂැගිය මේ වෙලාව තමයි ඔයා ඔය ගැන හිතන්න ගන්න ඕනි වෙලාව කියලා..
ඇත්තටම ඒ කතාවත් එක්ක මට
තේරුනේ අපි ජිවිතේ කොච්චර නම් අනිත් ඇය ගැන හිතනවද ඒත් මේ හැල්මේ දුවන ගමන නවත්තලා
ටිකක් අපි අපි ගැන හිතපු කාලේ අඩුයි කියලා.එහෙම ටිකක් වෙලා හිතා ගෙන යන ගමන් මන්
ගැන මන් හොදටම දන්න නිසා මගේ ගති ගුණ මට හරිගිය තැන් ජිවිතේ අම්බානක අනාගත්ත තැන්
මන් පුංචි කඩදහියක ලියාගෙන ගියා.මන් කරපු දේවල් නිසා මට ලැබුණු දේවල් නොලැබුණු
දේවල් වගේ ගොඩක් දේ මන් ගලප ගත්තා..

ඒ වගේම තමා ධනාත්මක
චින්තනේ ගගා මට හැමදේම පුළුවන් පුළුවන් කියලා මුමුණ ඉන්නේ නැතිව පුළුවන් දේ වඩා
හොදින් කරන්න උත්සහ ගමු කියන එකයි ෂැගියගේ චින්තනය නම්.. මොකද මට හුගාක් ධනාත්මක
චින්තනය ගැන දැඩි මතදාරියෝ හම්බවෙලා තියනවා..අධි වේගයෙන් නොහැකි ඉලක්ක පස්සේ
දුවන්න ගිහින් හති වැටුනම මුළු ලෝකේ ගැනම කලකිරිලා ඍන සිතුවිලි පුරවන් ඉන්නවා..ඇත්තටම
ධන සිතුවිලි තමයි අපිව නැගිට්ටලා ගන්නේ ඒ වගේම අපේ අරමුණ අපේ හැකියාවන් හා සම්පත්
මත ලගා කරගත හැකි අරමුණක් නම් වඩා පලදායි වෙයි කියලා මට හිතෙනවා..
කේන්දරේ කියවගත්තාම වැඩ
කරගෙන යද්දී ඕන වෙයි කියලා හිතිලයි ලියලා දැම්මේ.මට මගේ කේන්දරේ සාධනීය වෙනසක් කල
නිසයි මේ ගැන ලියලා දැම්මේ.. ගැලපෙයි කියලා හිතෙනවා නම් කරලා බලන්න..
ජනාදර හිතාදර ෂැගියා
ඇයි මොකෝ මේ හදිස්සියේ "අවුලක්" ද?? ;)
ReplyDeleteනෑ පොඩි කිවුලක් දැනුනා.. ;)
Deleteඅව්ලෙන් කිව්ලෙන් කමක් නෑ... දැන් එතකොට උඹ කේන්දර බලන එකත් නවත්තන්නද යන්නේ?
ReplyDeleteගුරු මුෂ්ටි නැතිව හැමෝටම කියලා දුන්නනේ බලන විදිය ඒක නිසා "අවුලක්" වෙන එකක් නෑ..
Deleteමගේ නං විස්වාසයක් නැත
ReplyDeleteතමන් ගැනද???
Deleteමට නම් ඔය රෙද්ද එපා වෙලා..
ReplyDeleteකොයි රෙද්දද දැන් එපා වුනේ... ;)
Deleteෂැගියෝ......කේන්දරේ කියන්නේ හිත නම් අපේ අනිත් අවයව තමයි ග්‍රහයෝ...උන් එහා මෙහා උනාම තමයි බන් අපල.
ReplyDeleteඔය කියවගෙන තියෙන්නේ අපූරුවට කේන්දරේ..
Deleters: 500/- ක්ම ඉතුරුයි :)
ReplyDeleteඇයි ඊට පස්සේ යන්තර මන්තර වලට යන ගාන එහෙමත් ඉතුරුයි නේ.. :)
Delete