මගේ නත්තල දුගියා බත් කන
දාය...
පන්සලේ පියතුමා එහෙමත්
නැත්තම් මර්සලින් ජයකොඩි පියතුමාගේ කාව්‍යම අදහසක් තමයි ඒ..
පහුගිය දෙසැම්බර් 19
ෂැගියට පුංචි ඇරයුමක් ලැබුනා නත්තල් සාදයකට යමු කියලා.ඒ අපේම campus එකේ සහෝදර
කතෝලික සහ ක්‍රිස්තියානි සොයුර සොයුරියන්ගෙන් sun beams සමාජයෙන් , අපිත් දැන් දෙපාරක්
විතර නත්තලට කැරොල් කියපු එකේ අපිත් වැඩේට සෙට් වුනා. මොනවා වුනත් සාදයක්නේ ;) සාදය
තිබුනේ අනුරාධපුරේ අවන්ති දේවි ළමා නිවාසයේ ඉතින් අපිත් උදේ පාන්දර 9 ට විතර පිටත්
වුනා යද්දී අපිත් එක්ක අනුරාධපුරේ (කැකිරාවට ) කිට්ටු සොයුරියක් පාර පෙන්නපු නිසා
අපි සෑහෙන වෙලාවකට පස්සේ තැන හොයා ගත්තා.කොහොමහරි ඉතින් එතනට යද්දිත් වැඩේ ටිකක්
පටන් අරන් තිබ්බේ.
අපි යනකොට පුංචි කෙලි
පොඩ්ඩියෝ දෙන්නෙක් සින්දු කියනවා.ඒ පුංචි වුන් ලස්සන ඉදිරිමත් කිරීම් ගොඩක් කළා
හැබැයි ෆොටෝ ගන්න තහනම් නිසා අපේ හෙන්ඩු කොලුවා අර තඩි කැමරාව උස්සන් අලි මන්තර
කියා කියා බලාගෙන හිටපු හැටි මතක් වෙනකොටත් දුකේ බෑ.සින්දු එකක් දෙකක් නෙමේ 3ක්
4ක් ම කියුවා.
ඒ වෙලාවේ අපේ වුන් ගොඩක්
සංවේදී විදිහට බලන් ඉන්නවා මන් දැක්කා.මටත් මහේෂ් කුමාර කවියාගේ දේශනේකදී කියපු
කාරණාවක් මතක් වුනා.ඒ තමයි බොහෝවිට කලාවෙන් එලියට එන්නේ අපිට ලබා ගන්න තියන දෙයක්
ගැන හරි නැතිවුන දෙයක් ගැන හරි කියලා. ඇත්ත ඒ ළමයින්ට නැති සහ ලබාගන්න තියන එකම දේ
අම්මයි තාත්තවයි ඉතින් ඒ පොඩි වුන් කිවුවෙම ඒ ගැන ලිය වුනු ගීත.. ඒක හරිම සංවේදී
විදිහට දැනුනු කාරණාවක්.
අපි 12 වෙනකම් සින්දු
නටුම් ගැයුම් ක්‍රීඩා සුහද කතා බහ මේ දේවල් එක්ක පුළුවන් තරම් ඔවුන්ව සතුටින්
තිබ්බා ඇත්තටම අපේ යාළුවන්ට හිතුනු මේ අදහස ගැන හිතේ ඇති වුනේ පුදුම ගෞරවයක්.පොඩි
වුන් හිනා වෙනවා දැක්කම හිතට දැනුනු සතුට නම් කියලා වැඩක් නැහැ..
පොඩි වුන්ට තෑගී දෙන
නත්තල් සීයා වගේ ආපු මුවා නොහොත් සජිත් අංකල් තෑගී බෙදනකොට මට මතක් වුනේ බැරි
වෙලාවත් නත්තලට ඒ පොඩි එකෙක් සීයා ගෙන් අම්මයි තාතත්යි ඉල්ලුවනම් එහෙම අපි මොකද
කරන්නේ කියලා..
කොහේ හරි වරදක් ඇති ඒත්
මේ පොඩි වුන්ගේ වරද මොකක්ද??? අනේ මන්දා..
මොනවා වුනත් අම්මා
තාත්තා නැතත් ඊටත් එහා ගිය දෙවියන් වහන්සේගේ ආදරය උබලට හැමදාමත් ලැබේවී.මේ වගේ
විදියට නත්තල සමරන්න දෙවියන් වහන්සේ හොඳ හිත් ඇත්තන්ව පොලබාවි.
කුමන ආගමක දහමක අය වුනත්
හැමෝම සමගියෙන් ලෝකයේ මනුසත් බව අගයනකොට ජිවත් වෙනවා නම් මේ ලෝකේ මීට වඩා තව ලස්සන වෙවී..
රසාංජලී සොයුරි ඒ
කියන්නේ මේ වැඩේට මුල් වුනු සොයුරියක් ඇය කියපු කාරණාවක් තමයි.. “අපිට ඉර වෙන්න බෑ
ඒත් අපි ඉරු කිරණ වෙලා අදුර පොඩ්ඩක් හරි නැති කරා කියලා”
හැබැයි මට දැනුනේ නම් ඉර
නොපායපු උන්ගේ ලෝකෙට උබලා ඉරක්ම වුනා කියලා..
හැමෝගෙම නම් ලියන්න බැරි
වුනා එකට සොරි වේවා!!!