Friday, March 14, 2014

ප්‍රථම ප්‍රේමවන්ති

කවි ලියන්න කියා දුන්නු
මගේ ප්‍රථම ප්‍රේමවන්ති
විවාහ වෙලා යනවලු තව ටික
දොහකින්
කවි ලියන්න මට තහනම්
වේවිලු
ඈ කියනවා..
ඒත් නොලිය ඉන්න එපා
හැමදාමත් මන් වෙනුවෙන්
කවි ලියන්න

ඇගේ ඇස් දෙක මට කියනවා.....