Saturday, May 30, 2015

ෆෙන්ෂුයි



චීනෙන් ගෙනා රස රහස්
කැටිකොට පොතකට
ලොකු සෙමිනා විකුණනවා
රතු ඇඳගත් මාස්ටර්

කාසි තුන දොරගාව
ලාෆින් පිළිමේ මේසේ උඩ
රුවල් නැව නැගෙනහිර
හරියනවා ධන ලාභ

හුටා... ඒ මැද්දේ ගණ දෙවියෝ
වැඩම කරලනේ චීනෙට
හැබැයි දුන් ස්ත්‍රෝත්‍ර තිබුණේ
සංස්කෘත වලින්

මාස්ටර්ට තියනවලු කනෙක්ෂන්
දෙවියෝ ගණපති සමඟ
දෙවියෝ වෙනවලු සතුටු
ගැයූ විට ස්ත්‍රෝත්‍ර තාලයට

නැත මතක හිටින්නේ මට
දෙවියන්ගේ භාෂාව
මට මොළේ නැහැ නොවෑ
ගණපතිඳු වගේ

එකනෙමේ මාස්ටර්
ආයි සෙට් වුනොත් දෙවියෝ
හරහා ඔබේ කනෙක්ෂන්  
කියන් මේ පණිවිඩය
නුවණ ඇති ගණදෙවිඳු
සමා අවසර
සිංහලත් ඉගෙන ගන්නකො මගේ දෙවියනි
ඔබටලනු නුවණ ඇති ලොකු දෙවියෝ සක්වලේ
නැහැ අමාරු ලෙහෙසිනේ අපේ බස
අමාරුමනම් ටියුෂන් කරනවා ලොකු සර් ඉරිදට

දෙවියෝ ගොඩ දැම්මොතින් සිංහල ඉක්මනට
මාස්ටර්, මට ඩිරෙක්ට් ඉල්ලන්න පුළුවන්නේ
ඕන දේ...


12 comments:

  1. මේකනේ බං ලංකාවේ හොඳටම මාකට් කරන්න පුළුවන් දෙයක් තමයි අන්ධ භක්තිය! මොනවා කරන්නද ඉතිං!

    ReplyDelete
    Replies
    1. ඔව් බන් එකනම් ඇත්ත.. :)

      Delete
  2. ඕවා තමයි ඉතින් මාර්කටින්

    ReplyDelete
    Replies
    1. අපේ මිනිස්සුත් බලන්නේ ලේසියෙන් පෝසත් වෙන විදිනේ

      Delete
  3. ඕවට ඉතින් අහුවෙන අයත් ඕන තරම් ඉන්නවනේ..

    ReplyDelete
    Replies
    1. අහුවෙනවා කියන්නේ පුදුම අහුවිමක් බන් ඒක ..

      Delete
  4. චීනෙත් නැතුව ඇති බන් මෙහෙ තරම් ෆෙන්ෂුයි....

    ReplyDelete

හිතේ තියන් යන්නේ නැතුව හිතෙන දෙයක් කියලා යන්න...