Wednesday, May 28, 2014

ඇගේ පෙම

ඇගේ නළලත වැටුණු කෙහෙරැල්ලක්  හුළගට ඉස්සර වගේම තාලයට රඟනවා.

මගේම ආදරවන්ති වෙලා හිටපු ඔයා කාලයත් එක්ක මොනතරම් වෙනස් වෙලාද ඉස්සර අපි ඔහේ කතා කරකර ගියා පුංචි එකියක් වගේ ඔයා හුරතල් වුනා.. ආදරයෙන් වගේම ශුංගාරය උතුරන ලස්සන ඇස් දෙකෙන් මා දිහා බලාගෙන මාව වෙනමම ලෝකෙකට ගෙනිච්චා..

කවදාවත් ඈත්වෙලා යන්නේ නෑ කිය කියා පොරොන්දු වුනා.. හීන මවන්න අකමැති වුන මාව හීන දිගේ අවිද්දගෙන ගියා.. රළුවට හතරස්ව හිටපු මාව පොඩි එකෙක් වගේ හුරතල් කළා..

එහෙම කරපු ඔයා අද...

මන් ඔයාගේ ඉස්සරහා ඉඳලත් නොදැක්කා වගේ වෙන කෙනෙක්ව හුරතල් කරනවා..ඔව් මට ඔයාගේ කටහඬ හොදින් ඇහෙනවා “මගේ සුදු මහත්තයට මන් ගොඩක් ආදරෙයි" ඔයා මේවා කියන්නේ මන් දිහා බල බලමයි මන් ළඟ ඉන්නවා කියලා ඔයාට ගානක්වත් නෑ හරියට මාව අදුරන්නේ නැති ගානට කොහොමද ඔයා ඉන්නේ කියලා මටම පුදුමයි.. 

මාව හීන වල ඇවිද්දපු ඔයා අද එයාව හීන දිගේ ඇවිද්දනවා.. මාව සිප ගත්ත දෙතොල් වලින් ඉමක් කොනක් නැතිව ඔහුව සිපගන්නවා මගේ ඉස්සරහම..

ඒ අස්සෙන් හෙමිහිට මන් දිහා බලනවා. ඔව් මන් ඒක දැක්කා..

විඩාවෙන් ඔයා දිහා බලන් හිටපු මාව ඔයා එයාට පෙන්නුවා.. “අන්න රත්තරනේ තාත්තා ඇවිල්ලා”





33 comments:

  1. හ්ම්ම්..... ඒ තමයි ලෝකේ තියෙන උතුම් ම ආදරය මචං

    ReplyDelete
    Replies
    1. හ්ම්ම්ම්ම්... ඇත්ත ඇත්ත මචං

      Delete
  2. හප්පේ ඒක ලියල තියෙන හැටි... මුල ඉදලම මේ මක්කෙයි දොඩන්නෙ කියල හිතාගන්න බැරිව හිටිය.. අන්තිම වෙද්දි බේං...
    අර නාඩිය කියනව වගේ අම්ම කෙනෙක්ට තමංගෙ දරුව තරං සමුපතක් නෑ නෙව...

    ReplyDelete
    Replies
    1. ලියපු දෙ තෙරුනෙත් අන්තිමට වගෙ තමා බන් අපිට අම්මගෙ ආදරේ තේරෙන්නෙත් අන්තිමටමනෙ

      Delete
  3. අම්ම කෙනෙකුට මීට වඩා ආදරයක් තියෙනවද?

    ReplyDelete
  4. අම්මගේ ආදරේ ලබා ගන්න උන් පෙරලා ඉන් කාලක් වත් හිතේ තියාගන්නෑ නෙව බං..

    ReplyDelete
    Replies
    1. ඒක තමයි බ්න් තියන ප්‍රශ්නෙ හැබැයි කාලයක් යනකොට ආයෙත් අම්මගේ ආදරේ දැනෙන්න පටන් ගන්නවා ඒත් එතකොට අම්මා නෑ..

      Delete
  5. අසම සම ආදරය මවු සෙනෙහහ. හැබැයි දරුන් අතර වුණත් මේ පෙමත් වෙලාවකට උස් මිටි වෙනවා.

    ReplyDelete
    Replies
    1. හ්ම්ම්ම්... මොනා වුනත් ලොකේ දරුවෙක්ට ලබන්න පුලුවන් උපරිම ආදරය

      Delete
  6. හුට්ටප්පරේ..........

    දාන්න ආව කමෙන්ට් එක විනාසයි!!!

    නියමයි ෂැගියො. අන්තිම වචනෙ කියවනකල්ම වැරදි වැටහීමක හිටියෙ.

    ReplyDelete
    Replies
    1. අම්මගෙ ආදරෙත් ඔය වගෙ තමා අන්තිම වෙනකම්ම තෙර්න්නෙ නෑ...

      Delete
  7. අන්තිම වෙනකන් වෙනදෙයක් හිතන් හිටියේ,,

    නියමයි,,,, ජය....!

    ReplyDelete
  8. කිරි සුවඳත් දැනුනා කවිය ඉවර වෙනකොට.....

    ReplyDelete
    Replies
    1. එහෙනම් වඩෙ සාර්තකයි වගෙ.. තැන්කු වේවා!!!

      Delete
  9. ඉස්සර මට පොඩි ප්‍රශ්නයක් තිබුණා අර අම්මා ගැන කියවෙන සිංදුවක් තියෙන්නෙ ,මේ ජීවනයේ මුළු සංසාරේ ...ඔන්න ඔක... මෙකත් ඒ වගේ තමා උඩ ඉදන් කියවාගෙන ඇවිත් බලන කොට .......

    ReplyDelete
    Replies
    1. එකම තමා කියන්න ඔනි වුනෙත් අපි අම්මගෙ ආදරේ තෙරුම් ගන්නෙ කොහොමත් අන්තිමටනෙ සහො ;)

      Delete
  10. මේකනම් පට්ටයි ෂැගියෝ!!

    ReplyDelete
    Replies
    1. තැන්කු වේවා බස්සියේ....!!

      Delete
  11. හිතෙන දෙවල් ! ෆොටෝ එක දැක්කයින් හිතා ගත්තා මුලින්ම. ;) ගති ! 

    ReplyDelete
    Replies
    1. ෂා වෙන ෆොටො එකක් දාලා තිබ්බනම් තව ටිකක් බ්‍රෂ් යවන්න තිබ්බා!! තැන්කු වේවා!!!!

      Delete
  12. ඒ ආදරේට වෙන කිසිම දෙයක් සම නෑ බං.. නියමයි උඹේ ලියවිල්ල...

    ReplyDelete
    Replies
    1. ඒකත් එතකොට අසම සම ආදරයක් වෙන කිසිම දේකට සම වෙන්නෙ නෑ සම වෙන්නෙ අම්මගෙ ආදරේටම විතරයි.. තැන්කු වේවා!!

      Delete
  13. සතුටක් දැනෙනවා එයා ඒ විදිහට එයාට ආදරය කරනවා දකිනකොට..
    දැනුන මචං හිතට තදටම

    ReplyDelete
    Replies
    1. මව් සෙනෙහස කියන්නෙ අපි කාටත් තදින්ම දැනෙන දෙයක් තමා.. බලාගෙන කවිය කියපු තාත්තා ගැනත් උබට දැනුනු එක නම් සුපිරි

      Delete
  14. මමත් මුල ඉඳන් වෙනස් විදිහකට හිතාගෙන හිටියෙ :-)))

    ReplyDelete
    Replies
    1. අන්තිමට හරි තෙරුනානෙ.... ;)

      Delete
  15. ඔන්න ෂැගියා අපිත් ආවා....

    පාර පෙන්නුවට ස්තූතියි... අද තමයි අපි ආවේ මේ පැත්තට.. දැන්නම් ඉතින් එපා කිව්වත් දිගට ම එනවා..

    පෝස්ටුව එලස්... පුංචි පුතේ උඹ ආ පසු අම්මි හුගක් වෙනස් වෙලා. එදා වගේ බොළද වදන් දැන් කියන්නේ නෑ..................

    ඔය සින්දු වලින් කියැවෙන ඇත්ත තමයි ඕක. දරුවාගේ පැත්තෙන් බැලුවා ම ඉලෙක්ට්‍රා, ඊඩිපස් සංකීර්ණයන් හැදෙන්නෙත් ඔය ගැටුම නිසා තමයි... පියාට දැනෙනවා වගේම දෙයක් දරුවටත් දැනෙනවා. ඕක පිරිමි දරුවට දැනෙද්දි එයා අම්මාට ලං වෙනවා... ගැහැණු දරුවට දැනෙද්දි ඇය පියාට ළං වෙනවා... පසු කාලීන ව දරුවන්ගේ පෞරුෂය හැදෙන්නෙත් ඔය ගැටුම අනුව තමයි... ඒ නිසා ඔය හැගීම හරිම සුන්දරයි ෂැගියා..........................

    ReplyDelete
    Replies
    1. ඔය කතාව ම්න් එහෙන් මෙහෙන් යන්තම් දැනගෙන හිටියත් අද තමා මෙම දැන ගත්තෙ.. ආවට ස්තුති දිගටම එන්න..

      Delete
  16. අදෙර් බෙදිලා යනකොට ඔයාටත් ඉරිසියා හිතුන නේද.....?

    ReplyDelete
    Replies
    1. නෑ ආදරේ හිතුනා වෙනදටත් වඩා මොකද? ඒත් මගෙම දායාදයක් නිසා...

      Delete
  17. යකු තමන්ගේම දරුවට නේද අයියේ ඉරිසියා කොරන්නේ

    ReplyDelete

හිතේ තියන් යන්නේ නැතුව හිතෙන දෙයක් කියලා යන්න...