Thursday, May 1, 2014

අපේ මැයි දිනේ


රතු පාටට සැරසිලා.. රතු කොඩිත් වන වනා උස් හඬින් සටන් පාට කියවමින් මඟ දෙපස කලබලෙන්..

ආ.... මට අමතක වුනා  අද ලෝක කම්කරු දිනේ ..

රතු පාට කොඩි අතර කොලපාට නිල්පාට කහපාට පාටපාටා කොඩිත් යනවා..


ආදරණිය සහෝදරය සහෝදරිය මේ ක්‍රමේ වෙනස් කරමු..

පොඩි මිනිහට තැනක් හදමු.. ඔය අස්සේ කට්ටියක් ආණ්ඩුව පෙරලමුලු..

 නෑ නෑ මේ රටට එන කුමන්ත්‍රණ නවතා රටට ආදරේ කරමුලු..

එක එකා ඔවුන්ගේ මත කෝ අපේ මතය...

එන්න හම්බුනා බස් එකක් කන්න හම්බුනා බත් එකක් කාලා බොන්න සමහරුන්ට හම්බුනා බෝතලයක්..

ඉවරවුනා යන්න බසුත් නෑ රෑට කෑමත් නෑ අපි පාරේ හැම පාට කොඩියක්ම මහ පාරේ..

ලිබරල් වාදියෝයි සමජවාදියෝයි එකට බුදිනවා හිල්ටන් හෝටලයේ..

ඇගේ අමාරුවට අද ඇහැරුනේ පහු වෙලා.. මොකද මිනිහෝ අදත් පරක්කු..

අනේ මේ ඊයේ මගේම සහෝදරයා වෙලා හිටපු මහත්තයා නේද??


ආ.... මට අමතක වුනා ඊයෙනෙ කම්කරු දිනේ අද නෙමේනේ...

35 comments:

  1. දැන්මයි...

    අද දින ප්‍රයෝජනයට ගත් මලකඩ කෑ දෑකැත්ත සහ මිටිය ලබන මැයි පලවෙනිදාට ප්‍රයෝජනට ගන්නා තෙක් කුලියට හෝ බද්දට දෙනු ලැබේ...

    රට කන්නෝ සහ විකුනන්නෝ සමාගම..


    ජය වේවා!!!

    ReplyDelete
    Replies
    1. මොනා වුනත් අපේ මැයි දිනේට ජය වේවා!!!

      Delete
  2. ඔන්න ඕකයි තත්ත්වේ! මොනවා කරන්නද! ඇත්තෝ කති බොති දැන් දැන් අන්දති!!!

    ReplyDelete
  3. මැයි පලවෙනිදා කියන්නේ කාන්තා ශෝක දිනය බවත් අමතක කරන්න එපා....

    ReplyDelete
    Replies
    1. එහෙමත් වෙනවා තමා බලාගෙන ගියාම නේද???

      Delete
  4. ආ මැයි පළවෙනිදා කියන්නේ කම්කරු දිනයද එතකොට ?

    ReplyDelete
    Replies
    1. හරියටම මතක නෑ මටත්

      Delete
  5. එක දවසක් හරි සහෝදරයො වෙලා හිටි එකම මදෑ බං. :)

    ReplyDelete
    Replies
    1. නැතුව නැතුව සහෝදරයා...

      Delete
  6. \\අනේ මේ ඊයේ මගේම සහෝදරයා වෙලා හිටපු මහත්තයා නේද??//

    හරි අපූරුවට ලියල මචං. එළම කිරි.

    මැයි දිනේ කියන්නෙ තවත් එක සංස්කෘතික ප්‍රදර්ශනයක් වෙලා දැන්.

    ReplyDelete
    Replies
    1. මැයි දිනේ තියෙන්නේ මොකටද කියලා දන්නෙත් නෑ ගොඩක් වුන්...

      Delete
  7. ලෝක කම්කරු දිනයේ සැබෑ අරුත දිගුකල් රැඳේවා!!!!

    ReplyDelete
  8. ආ.... මට අමතක වුනා ඊයෙනෙ කම්කරු දිනේ අද නෙමේනේ...///

    මේ ක නං සහතික ඇත්ත..
    අපේ මිනිස්සු මානසිකව නිර්වින්දනය වෙලා ඉන්නෙ...
    උන්ට මේ ඉන්න සැට් එකම හොදයි..
    ඉතිං උන්ට මොනා කරල ගියත් කමක් නෑ

    ReplyDelete
    Replies
    1. කොහොම තේරුම් කරන්නද මන්දා......

      Delete
  9. මැයි දිනය විතරක් නෙවෙයි ඔය කොයි දිනයත් බොරු සෝබනයට පවත්වන ඒවා.

    ReplyDelete
    Replies
    1. අයිතිවාසිම් ඉල්ලනවා වෙනුවට යුතුකම් ඉටු කරන සමාජයක් බිහි කල හැකිනම්.. විවිද දින අවශ්‍ය නොවනු ඇති..

      Delete
  10. දිනකට කම්කරුවෝ..

    ReplyDelete
    Replies
    1. නෑ සැමදා කම්කරුවෝ වුනා දිනකට මහා විරුවෝ..

      Delete
  11. අපොයි කම්කරුවණි,

    ReplyDelete
    Replies
    1. උන්ට අපිත් අපි උන්ටත් රැවටිලා..

      Delete
  12. මෙච්චර කාලෙකට මැයි දින සමරලා අත් කරගත්ත ප්‍රයෝජනේ මොකක්ද කියලා ඔය සමාජවාදි වුර්තීය සමිති වල ඉන්න කම්කරුවන්ගෙන්ම අහල බැලුවනම් නිවැරදි උත්තරේ හොයාගන්න ලැබෙයි.

    ReplyDelete
    Replies
    1. මන් හිතන්නේ ඇහුවත් ලොකු තේරුමක් වෙන එකක් නෑ...

      Delete
  13. Replies
    1. මොනා කියලා කරන්නද අපිත්..

      Delete
  14. මොනවා කියන්නද මන්දා.එකම අදහසකට යන්නේ කවද්ද අපි?

    ReplyDelete
    Replies
    1. කවදාවත් එහෙම යන එකක් නෑ ඒත් අඩුම ගානේ අපි පොදු ප්‍රශ්න ටිකවත් විසඳ ගන්න ඕනි ..

      Delete
  15. අනේ මේ ඊයේ මගේම සහෝදරයා වෙලා හිටපු මහත්තයා නේද??


    හි හි ,නියමයි

    ReplyDelete
    Replies
    1. නැතුව නැතුව අපූරුයි නේද??? අපූර්වී

      Delete
  16. හග් හා උබ හදන්නෙ එක දවසක් සහොදරය වුන එකෙන් කරෙ නගින්න නෙද.එව කොහෙද

    ReplyDelete
    Replies
    1. හැමදාම අපේ කරෙන් යන අයගේ කරේ දවසක් ගියා ඇති තමා බලන් ගිහාම නේද???

      Delete
  17. //අනේ මේ ඊයේ මගේම සහෝදරයා වෙලා හිටපු මහත්තයා නේද??//
    පට්ටයි ෂැගියෝ...

    ReplyDelete
    Replies
    1. තැන්කූ.. වේවා!! බස්සියේ..

      Delete
  18. සාදරයෙන් පිලිගන්නවා... එන්නම්කෝ ඔය පැත්තෙත්....

    ReplyDelete

හිතේ තියන් යන්නේ නැතුව හිතෙන දෙයක් කියලා යන්න...