රතු පාටට සැරසිලා.. රතු කොඩිත් වන වනා උස් හඬින් සටන්
පාට කියවමින් මඟ දෙපස කලබලෙන්..
ආ.... මට අමතක වුනා අද ලෝක කම්කරු දිනේ ..
රතු පාට කොඩි අතර කොලපාට නිල්පාට කහපාට පාටපාටා කොඩිත්
යනවා..
ආදරණිය සහෝදරය සහෝදරිය මේ ක්‍රමේ වෙනස් කරමු..
පොඩි මිනිහට තැනක් හදමු.. ඔය අස්සේ කට්ටියක් ආණ්ඩුව
පෙරලමුලු..
නෑ නෑ මේ රටට එන
කුමන්ත්‍රණ නවතා රටට ආදරේ කරමුලු..
එක එකා ඔවුන්ගේ මත කෝ අපේ මතය...
එන්න හම්බුනා බස් එකක් කන්න හම්බුනා බත් එකක් කාලා බොන්න
සමහරුන්ට හම්බුනා බෝතලයක්..
ඉවරවුනා යන්න බසුත් නෑ රෑට කෑමත් නෑ අපි පාරේ හැම පාට
කොඩියක්ම මහ පාරේ..
ලිබරල් වාදියෝයි සමජවාදියෝයි එකට බුදිනවා හිල්ටන්
හෝටලයේ..
ඇගේ අමාරුවට අද ඇහැරුනේ පහු වෙලා.. මොකද මිනිහෝ අදත්
පරක්කු..
අනේ මේ ඊයේ මගේම සහෝදරයා වෙලා හිටපු මහත්තයා නේද??
ආ.... මට අමතක වුනා ඊයෙනෙ කම්කරු දිනේ අද නෙමේනේ...
දැන්මයි...
ReplyDeleteඅද දින ප්‍රයෝජනයට ගත් මලකඩ කෑ දෑකැත්ත සහ මිටිය ලබන මැයි පලවෙනිදාට ප්‍රයෝජනට ගන්නා තෙක් කුලියට හෝ බද්දට දෙනු ලැබේ...
රට කන්නෝ සහ විකුනන්නෝ සමාගම..
ජය වේවා!!!
මොනා වුනත් අපේ මැයි දිනේට ජය වේවා!!!
Deleteඔන්න ඕකයි තත්ත්වේ! මොනවා කරන්නද! ඇත්තෝ කති බොති දැන් දැන් අන්දති!!!
ReplyDeleteඅපිද ඇන්දෙති
Deleteමැයි පලවෙනිදා කියන්නේ කාන්තා ශෝක දිනය බවත් අමතක කරන්න එපා....
ReplyDeleteඑහෙමත් වෙනවා තමා බලාගෙන ගියාම නේද???
Deleteආ මැයි පළවෙනිදා කියන්නේ කම්කරු දිනයද එතකොට ?
ReplyDeleteහරියටම මතක නෑ මටත්
Deleteඑක දවසක් හරි සහෝදරයො වෙලා හිටි එකම මදෑ බං. :)
ReplyDeleteනැතුව නැතුව සහෝදරයා...
Delete\\අනේ මේ ඊයේ මගේම සහෝදරයා වෙලා හිටපු මහත්තයා නේද??//
ReplyDeleteහරි අපූරුවට ලියල මචං. එළම කිරි.
මැයි දිනේ කියන්නෙ තවත් එක සංස්කෘතික ප්‍රදර්ශනයක් වෙලා දැන්.
මැයි දිනේ තියෙන්නේ මොකටද කියලා දන්නෙත් නෑ ගොඩක් වුන්...
Deleteලෝක කම්කරු දිනයේ සැබෑ අරුත දිගුකල් රැඳේවා!!!!
ReplyDeleteජය වේවා!!!!
Deleteආ.... මට අමතක වුනා ඊයෙනෙ කම්කරු දිනේ අද නෙමේනේ...///
ReplyDeleteමේ ක නං සහතික ඇත්ත..
අපේ මිනිස්සු මානසිකව නිර්වින්දනය වෙලා ඉන්නෙ...
උන්ට මේ ඉන්න සැට් එකම හොදයි..
ඉතිං උන්ට මොනා කරල ගියත් කමක් නෑ
කොහොම තේරුම් කරන්නද මන්දා......
Deleteමැයි දිනය විතරක් නෙවෙයි ඔය කොයි දිනයත් බොරු සෝබනයට පවත්වන ඒවා.
ReplyDeleteඅයිතිවාසිම් ඉල්ලනවා වෙනුවට යුතුකම් ඉටු කරන සමාජයක් බිහි කල හැකිනම්.. විවිද දින අවශ්‍ය නොවනු ඇති..
Deleteදිනකට කම්කරුවෝ..
ReplyDeleteනෑ සැමදා කම්කරුවෝ වුනා දිනකට මහා විරුවෝ..
Deleteඅපොයි කම්කරුවණි,
ReplyDeleteඋන්ට අපිත් අපි උන්ටත් රැවටිලා..
Deleteමෙච්චර කාලෙකට මැයි දින සමරලා අත් කරගත්ත ප්‍රයෝජනේ මොකක්ද කියලා ඔය සමාජවාදි වුර්තීය සමිති වල ඉන්න කම්කරුවන්ගෙන්ම අහල බැලුවනම් නිවැරදි උත්තරේ හොයාගන්න ලැබෙයි.
ReplyDeleteමන් හිතන්නේ ඇහුවත් ලොකු තේරුමක් වෙන එකක් නෑ...
Deleteඅනේ අපෝයි
ReplyDeleteමොනා කියලා කරන්නද අපිත්..
Deleteමොනවා කියන්නද මන්දා.එකම අදහසකට යන්නේ කවද්ද අපි?
ReplyDeleteකවදාවත් එහෙම යන එකක් නෑ ඒත් අඩුම ගානේ අපි පොදු ප්‍රශ්න ටිකවත් විසඳ ගන්න ඕනි ..
Deleteඅනේ මේ ඊයේ මගේම සහෝදරයා වෙලා හිටපු මහත්තයා නේද??
ReplyDeleteහි හි ,නියමයි
නැතුව නැතුව අපූරුයි නේද??? අපූර්වී
Deleteහග් හා උබ හදන්නෙ එක දවසක් සහොදරය වුන එකෙන් කරෙ නගින්න නෙද.එව කොහෙද
ReplyDeleteහැමදාම අපේ කරෙන් යන අයගේ කරේ දවසක් ගියා ඇති තමා බලන් ගිහාම නේද???
Delete//අනේ මේ ඊයේ මගේම සහෝදරයා වෙලා හිටපු මහත්තයා නේද??//
ReplyDeleteපට්ටයි ෂැගියෝ...
තැන්කූ.. වේවා!! බස්සියේ..
Deleteසාදරයෙන් පිලිගන්නවා... එන්නම්කෝ ඔය පැත්තෙත්....
ReplyDelete