Monday, April 14, 2014

සියලු දෙනා හට සුබ නව වසරක් වේවා!

මීන රැසින් මේෂ රැසට හිරු කුමරු                  වඩින්නේ
කොවුල් නදින් පරිසරයම අවදි                      කරන්නේ
රබන් සුරල් හඬ දස දෙස පැතිරී                       යන්නේ
ඉස්සර එහෙමලු අපහට අවුරුදු                        ලැබුනේ

පංච දාලා ඔලිඳ කෙලින ගැහැණු                   ලමුන්නේ
චක්ගුඩු පැන අන් අදිනා පිරිමි                        ලමුන්නේ
නැකත් වෙලාවට පේවෙන                   වැඩිහිටියන්නේ
කෝ කෝ දැන් ඒ අවුරුදු හිරු                   දෙවියන්නේ


කාලේ වෙනස් තාලේ අලුත් බවත්                 ඇත්තනේ
ඕවට දැන් කාලේ  කොහෙද අපිට               තියෙන්නේ
පුළුවන් විදිහට කැවුමක් කඩෙන්                    අරන්නේ
යන්තම් අපි මේ විදිහට අවුරුදු                         කන්නේ


කොහෙන් කොහොම මොනවා උනත් මේ       අහපන්නේ
තියන සිරිත් හැකි පමණින් රැකුම                       වටින්නේ
හොඳක් මිසක වරදක් නෑ ඉන් සිදු                        වන්නේ
සිංහල අවුරුදු සිරිතයි ඉන්                           සුරැකෙන්නේ


හිරු දුටු පිනි බිඳු මෙන් දුක් වියකි           යෙත්වා!
නිරෝගී සම්පත හැම සත වෙතට          ලැබේවා!
උතුරන කිරි කලය වගේ ධනය             ලැබේවා!
සියලු දෙනා හට සුබ නව වසරක්              වේවා!

16 comments:

  1. කිරියෙන් පැණියෙන් උතුරන නව වසරක් වේවා!!!

    ReplyDelete
  2. තියන තියන හැම පියවර සුභ වේවා
    කරන කියන දේ රිසි ඵල ගෙන දේවා
    හිතන පතන සැප සම්පත් ඉතිරේවා
    නිතින සහන ලැබදෙන වසරක් වේවා!!!!!!!!!!!

    ReplyDelete
    Replies
    1. කවියේ පැතුම මෙන් පැතුමන් ඉටු වේවා!!
      බස්සි ඔබට සුබ නව වසරක් වේවා!!

      Delete
  3. This comment has been removed by the author.

    ReplyDelete
  4. පියුම් පිරි විලක් මෙන් මෙන් දිවියම සුවඳ වෙන්නයි
    ඵලබර නැවුම් වසන්තයක් සේ දිවි සරු වෙන්නයි
    මහ සයුරේ දිය කඳ මෙන් සතුට උතුරන්නයි
    මේ හැම පැතුමන් නව වසර සුභ වෙන්නයි

    ඔබ සැමට මේ සිංහල හින්දු අළුත් අවුරුද්ද සුභම සුභ අළුත් අවුරුද්දක් වේවා ...!

    ReplyDelete
    Replies
    1. ඔබටත් පවුලේ සැමටත් එසේම වේවා!!!

      Delete
  5. ඔබ සියලුදෙනාට සුභම සුභ අළුත් අවුරුද්දක් වේවා.

    ReplyDelete
  6. ෂැගියටත් සුබ නව වසරක් වේවා……!!

    ReplyDelete
  7. සුභ නව වසරක් වේවා!!

    ReplyDelete
  8. සුභ අළුත් අවුරුද්දකට මෙන්න මගෙනුත් සුභපැතුම්

    ReplyDelete
  9. ඔන්න එහෙනම් අද ඉඳන් පිටසක්වල අධීක්ෂණයට මෙම අඩවිය ලක් වෙනවා..
    සුභ අලුත් අවුරුද්දක් වේවා!

    ReplyDelete
    Replies
    1. එසේම වේවා!!! ඔයත් ෆ්‍රෙඩ් වගේ පිටසක්වලයෝ හොයනවද ;)

      Delete

හිතේ තියන් යන්නේ නැතුව හිතෙන දෙයක් කියලා යන්න...