Monday, April 21, 2014

කවියේ නිරුවත





වලාකුලු සහ පොලව


ලස්සන නිල් අහසට
පෙම් කරන විට
එහි හිස් බව මකාලමින්
නුබ 
මා හා අහස මැදට
පැමිනි විට වේගයෙන්
පොලොව මම හැඬුව කෙන්තියෙන්
එත් නුබ ආවේ....
හිරුගෙ දැඩි රැසින් මා මුදවන්න
බව වැටහුනෙ පසුව මට...

කලු පාටට ගොරවමින්
හෙන හඩත් නන් වමින්
සැරසෙද්දි වහින්නට
පොලොව මම බිය වුනා
ඒත් නුබ ඒ ලෙසින්
වැසි වැට්ටුවෙ සරුසාර කරන්න
බව මාව වැටහුනෙ පසුව මට....

සැගියා කාලෙකට කලින් ලියපු කවියක් ඇයි ආපහු දාන්නේ කියලා සමහර විට කෙනෙක් අහයි ඒත් මේක දාන්නේ පොඩි ඉල්ලීම් කිහිපයක් ආවා තේරුමත් කියන්න කියලා මේ ඒ  නිසා. ඇත්තටම මේ කවි වලට සමහරු එක එක තේරුම් දුන්නා ඇත්තටම සැගියාගේ හිතේ තිබුණු තේරුම කිවුවොත් හොඳයි කියලා හිතුනා. හොඳ නැත්තම් සොරි වේවා!!!! වලාකුළු සහ පොලව කියන කවිය මෙහෙම ගලපාගෙන බලන්න වලාකුළු දෙමාපියන් විදිහට සහ පොලව ළමයි විදිහට...

නදිය සහ විල


සැඩ පහර හසුරමින් 
පෙණ බුබුළු නංවමින් 
දඟකාර ලෙස ගලා යන විට
නොගැඹුරු වුවත්
පැන් පහස ලබන්නට බියවීමි 
නුඹෙන් මම

නිසසලව 
චාම් ලෙස
අහිංසක සොඳුරු ලෙස
සඟවමින් රුදිරු බවසිටි විලට ලංවුනා

පැන් පහස ලබන්නට

පිහිනන්න නොදත් මම
තවත් දඟලමින් ඇත
ගොඩ එන්න..............

නදිය සහ විලෙන් කියන්න හැදුවේ කෙල්ලෝ දෙන්නෙක් ගැන නදිය හරියට දඟකාර කෙල්ලෙක් වගේ විල සන්සුන් කෙල්ලෙක් වගේ ඒත් සමහර දඟකාර කෙල්ලෝ තැන්පත් කෙල්ලන්ට වඩා අහිංසකයි...

දැනුනු දේ කියන්න දරපු උත්සහයක් විතරයි..

21 comments:

  1. කවියෙන් කියවන දේ මේකයි කියල කියන්න යන්න එපෝ!!! කවියක් ලිව්වට පස්සෙ ඒක අයිති කියවන අයට....

    ReplyDelete
    Replies
    1. ඔව් ඇත්ත මේ ඒ කවි මන් රසවිඳපු විදිහ...
      බාදාවක් නෑ කැමති විදිහකට රස විදින්න..
      මේ කවි දැන් හුඟාක් පරණයි ඒ යට හිතේ විදිහට රස විදින්න කල් තිබුනා කියලා හිතනවා..
      කොහොමත් ආයෙත් තේරුම් කියන්න උත්සහයක් නෑ.. පළමු සහ අවසන් නිරුවත

      Delete
  2. හැබැයි කියන්න යනදේ තේරුම් කරන්න එපා , එක එකා එක එක දේවල් හිතාගන්න් එකත් වෙලාවකට හරිම සුන්දරයි

    ReplyDelete
    Replies
    1. මටත් හිතුනා එක එක ඒවා හිතන් හිටපු අය දැන් බනිනවත් ඇති ;)

      Delete
  3. සමහර වෙලාවට නොහිතන විදියට ඔය ළමයි සැර වෙන්න පුළුවන්

    ReplyDelete
    Replies
    1. කොඉ ලමයිද??? දේශක තුමෝ....

      Delete
    2. දිය ඇලි. ගංගා ඇළදොළ

      Delete
    3. හ්ම්ම්ම්ම් හ්ම්ම්ම් අත්දැකීමෙන් වගේ

      Delete
  4. ෂහ් ලස්සන කවි පේලි.

    ReplyDelete
  5. ස්ත්‍රී චරිතය තේරුම් ගැනීම අමාරුය.නමුත් කල හැකිය..

    ReplyDelete
    Replies
    1. ස්ත්‍රිය වේවා පුරුෂයා වේවා මගේ මතය නම් කිසිවකු තේරුම් ගත නොහැකිය.. නමුත් අපට අපව තේරුම් ගත හැකිය එවිට මුළු ලොවම තේරුම් ගත හැකිය..

      Delete
    2. හේ හේ... ඔව් ඒක හරි..

      Delete
  6. ෂැගියෝ අවුරුදු උත්සවේට ආවද?

    ReplyDelete
    Replies
    1. එන්න තමයි හිටියේ වෙනද වෙනදේම වුනා එන්න බැරි වුනා.. :(

      Delete
  7. කවියේ තේරුම දාන්න එපා බං.. ඔය දන්නේ නැති වචනයක් ගැන නොදන්න කෙනෙක් ඇහුවොත් කියනවා ඇරෙන්න.. එතකොට කවිය කියවලා අපි හිතට දා ගන්න ඉමේජ් එක වෙනස් වෙනවා..

    ReplyDelete
    Replies
    1. මේ අවසන් වතාව ;) මන් ඉතින් ලොකුවට කවි ලියන්න නොදන්නා එකේ තේරුමත් දැම්මා...

      Delete
  8. ඔය කවි දෙකට එකිනෙකට වෙනස් තේරුම් දහස් ගානක් හිතේ රඳවගෙන රසවිඳින්න පුලුවන්.

    ReplyDelete

හිතේ තියන් යන්නේ නැතුව හිතෙන දෙයක් කියලා යන්න...