Sunday, April 27, 2014

අක්ෂරය 4 ද?

අක්ෂරය   ද?
නෑ නෑ අක්ෂර හතර
ආ... අකුරු හතර...
ඔව්

පිළිවලක් නැති සැලසුමක් නැති
ඔහේ ගලා ගෙන ගිය
අකුරු හතර....
ජීවිතය................

ජිවිතයට                                
images www.diwaina.com උපුටා ගන්නා ලදී.
පිළිවලක් සැලසුමක්
ගෙනවිත් දුන්
අකුරු හතර..
ආදරය...

ආයෙමත් පිලිවලත් සැලසුමත්
රැගෙන ගිය
අකුරු හතර...
විරහව..

ඒ නිසා සමහරු 
නැති කරගත්ත 
අකුරු හතර..
ජීවිතය..

ඒත් එකෙන් සමහරු
ගොඩනගපු 
අකුරු හතර..

ජීවිතය.. 

32 comments:

  1. මේ වනවිටත් සාර්ථකව අපි අපේ බ්ලොග් දර්ශකයට බ්ලොග් පිටු ඇතුලත්කරමින් සිටිනවා. ඔයාලත් දන්න බ්ලොග් අඩවි තියෙනවනම් අප වෙත ඉදිරිපත් කරන්න දර්ශකයට ඇතුල් කරන්න. අපේ බ්ලොග් දර්ශකය වෙත පිවිසෙන්න.

    http://blogdharshakaya.blogspot.com/

    ReplyDelete
  2. ඒ අතරේ වටිනාම අකුරු හතර.. "සිනහව"

    ReplyDelete
    Replies
    1. තියනවනම් මේ අකුරු හතර..
      එනම් "කරුණාව"
      ලැබේවි මුළු ලොවටම ඔය අකුරු හතර..
      එනම් "සිනහව"

      Delete
  3. සිරා මචං.. ඔය අකුරු ටික හොයන්න මිනිස්සු කොච්චරනම් මහන්සි වෙනවද..

    ReplyDelete
    Replies
    1. ඔව් අන්තිමට මිනිස්සු ඔය අකුරු හතර ලබා ගන්න
      යොදා ගන්නවා මේ අකුරු හතර "යුද්ධය"
      ඒ වුනාට ලෝකෙටම ඕන මේ අකුරු හතර "සමඟිය"

      Delete
  4. අකුරු හතරේ සරල වචනය තුල තියෙන සංකීර්ණතාවය ?

    ReplyDelete
    Replies
    1. ඔය හැමදේටම මුල් වුන අකුරු හතර "සිතුවිලි"

      Delete
  5. Replies
    1. අකුරක වෙනසත් ගේන්න පුළුවන් මරණය..

      Delete
  6. හොයාගන්න බෑ බං..

    ReplyDelete
    Replies
    1. අපි තාමත් හොයන අකුරු හතර "නිදහස"

      Delete
  7. අමුතුම ලිවිල්ලක්...
    ජයවේවා..
    අදනෙ ආවෙ
    එන්නං දිගටම දාගත්ත ඕන් මාත් රෝලට

    ReplyDelete
    Replies
    1. එන්න දිගටම
      පිලිගන්නවා හැමදාටම

      Delete
  8. අරුමය
    අක්ෂර
    හතරක
    මහිමය

    ReplyDelete
    Replies
    1. තේරුම් නොගෙන "අරුමය "
      සිදු වුනොත් අකුරෙන් "කරුමය"
      ලැබෙන "මහිමය"
      උරුම කරගත් නිරිය "හතරය"

      Delete
  9. මුලින්ම අවසරයි සැගියෝ,

    නියමෙටම ගලපලා ලියලා තියෙනවා. අනර්ඝයි.. ජය...!

    ReplyDelete
  10. මුලින්ම මේ අකුරු හතර "අවසර"
    ඇගයීමට මේ අකුරු හතර "ස්තුතිය"

    ReplyDelete
  11. මං බැලුවා මේ හදගම ගේ එකද කියලා ....නියමයි ලස්සනයි

    ReplyDelete
    Replies
    1. හ්ම්ම් "හඳගම" එතනත් අකුරු හතරයි..
      "සහෝදර" ඔබටත් අකුරු හතරයි..

      Delete
    2. අන්න බුකියේ මෙක ශෙයා වෙනවා ,කිං කොබ්‍රා කියන පොරගේ වගේ

      Delete
    3. එහෙමත් එකක්ද? කවුද කිං කොබ්‍රා

      Delete
  12. මට නම් වටිනම අකුරු හතර "ආදරය" :)

    ReplyDelete
  13. අකුරු හතරෙ වචන "ඉවරයි" ද මන්දා...

    ජය වේවා!!!

    ReplyDelete
    Replies
    1. "අවසන" වගේම "ඇරඹුම" වෙන්නත් අකුරු හතරනේ විදානේ!!!

      Delete
  14. සිරා කතාවක් ෂැගියෝ!

    ReplyDelete
  15. බස්සිගේ අකුරු හතර "හ්ම්ම්ම්"
    කොමෙන්ටුවට දෙන අකුරු හතර "ස්තූතිය"

    ReplyDelete
  16. ආදරය...කෑදරය.

    ReplyDelete
    Replies
    1. "ආදරය" "සාගරය" තරම් විශාලය

      Delete

හිතේ තියන් යන්නේ නැතුව හිතෙන දෙයක් කියලා යන්න...