Tuesday, December 31, 2013

ඇය යන්න ගියා...



ඔය මන් ගාවට ආපු දවසේ
මන් සතුටින් හිටපු තරම් ඔයාට
මතකද???
මන් ඔයත් එක්ක ඉන්නකම්
දැනුනේ නෑ
ඔයා මාව දාලා යන දවසකුත් එනවා කියලා..
දුක සතුට කරදර බාදක ජය පැරදුම්..
ගොඩක් ඔයා මට අරගෙන ආවා..
සැලසුමක් ඇතිව ජිවත් වෙන්න
මන් හිතන් හිටියා ඔයත් එක්ක ..
ඔයා ආපු දවස් වලම දැකපු
අපේ සමහර හීන
හැබෑ කරගන්න බැරි වුනා
ඔයා මාව දාලා යන දවස වෙනකම්ම
ඔයා යනකොටම
ඇය එනවා..
ඔයත් එක්ක හැබෑ කරගන්න බැරිවුන
හීන
ඇයත් එක්ක හැබෑ කරගන්නම්
ඇයත් මාව දාලා යන්න කලින්   


හිත මිතුරු ඔබ සැමට නව වසර සුබම සුබ නව වසරක් වේවා!!!!!!

ජනාදර හිතාදර ෂැගියා...




22 comments:

  1. සුභ නව වසරක් වේවා, අලුත් අවුරුද්දේ අලුත් විදියට හිතමු බන්

    ReplyDelete
  2. අන්තිමේ කියලා තියෙනවා වගේ ඇය එක්ක හින ටික හැබෑ කර ගන්න ඉක්මනින්ම මහන්සි වෙමු..

    සුහ නව වසරක් ශැගියෝ..

    ReplyDelete
    Replies
    1. ඔව් මචන් 2013 ගියා දැන් 2014 එක්ක බැරි වුන හීන ටික හැබෑ කරගමු.. ;)

      Delete
  3. ජනාදර සුනවවේ.. හැක්!!

    ReplyDelete
    Replies
    1. තේරුනේ නෑ...
      කොහොම හරි දේශය තුමා ටත් සුබ අලුත් අවුරුද්දක් වේවා...

      Delete
  4. සමකයට පොඩ්ඩක් උඩින් ඉදන් එහෙනම් මාත් පතනවා එසේම වේවා!!! කියලා..

    ReplyDelete
  5. කාත් එක්ක හරි, සතුට තියෙන තැනකදි හීන හැබෑ වේවා....!!!
    සුභ නව වසරක් වේවා..!!

    ReplyDelete
  6. ෂැගියාටත් සුභම සුභ අලුත් අවුරුද්දක් වේවා!!!!!!!!!!

    ReplyDelete
    Replies
    1. එසේම වේවා!! කෝරළේ මහතයෝ....

      Delete
  7. මේකිවත් මොනවා හරි අරන් ආවොත් නේද? එනවා..යනවා..අපි ඉන්නවා...

    මම දන්න පොඩ්ඩක් පිස්සු බුවෙක් හිටියා..රෑට රෑට ඔහේ ඇවිදිනවා. කොහෙද බන් යන්නේ ඇහුවාම උට තිබුනේ එක උත්තරයයි.

    "හඳ තියෙනවා..එලිය හොඳයි..අපි යනවා"
    හැබැයි හඳ තිබුනත් නැතත් පොර ඇවිදිනවා.

    ReplyDelete
    Replies
    1. අරගෙන නම් එයි ඒත් අපිට දෙයිද කියල තමා ප්‍රශ්නේ..
      එක අතකට මිනිහා හරිම ධනාත්මකයිනේ.. හඳ නැතත් හඳයි එළියයි දෙකම දකිනවා.. ;)

      Delete
  8. ඔවා ඔහොම තමයි ...එනවා යනවා ..දැන් වරාය නැව් අවිත් යනවා මොකද වෙන්නෙ .මොකුත් නෑ බන් තව එවා එනවා ..
    සුබම සුබ නව වසරක් වේවා!!!!!!

    ReplyDelete
    Replies
    1. හැබැයි සහෝ...
      සමහර නැව් බඩු බාලා යනවා..
      සමහර නැව් බඩු පටවන් යනවා..

      Delete

හිතේ තියන් යන්නේ නැතුව හිතෙන දෙයක් කියලා යන්න...