Sunday, November 24, 2013

පංකජ මල



දහසක් දේ හිතේ දරන්
මහමෙර සේ දුක් උහුලන්
පංකජ මල අතින් අරන්
නගින බසින කඳු පල්ලම්
අතර මැද්දේ මහ වලවල්
අඳුරු මහා කළු වනයන්
නේක විවිද මඩ ගොහොරුත්
පාලු රුදිරු සොහොන් පිටිත්
ක්ෂේම භුමි නැති කතරත්
මහා සීතල කඳු පංතිත්
පහු කරගෙන ගෙන යද්දිත්
නොම පර වුනු පංකජ මල
අනෝතප්ත විල ගාවදි
පර කරගනු ඇයි මේ ලෙස..

14 comments:

  1. මේ... තේරුනේ නෑ මේක! මොකද්දෝ "අවුලක්" වගේ.. ;) හෙට ආවම කියලා දියන්කෝ....

    ReplyDelete
    Replies
    1. හෙට නෙමේ අනිද්දා උදේ ඇවිත් කියා දෙන්නම් කෑදැත්තෝ හොයන්න කැලේට පයින්නේ නැතුව හිටපන් ;)

      Delete
    2. උඹලා ප්‍රයිවට් එකේ අහගන්නේ නැතුව අපිටත් දැන ගන්න තේරුම දාපංකෝ..

      Delete
    3. අදහස් කලේ නම් අපි දුක් විඳගෙන ඒත් අපේ හොඳ ගති ගුණ රැකගෙන ජිවත් වෙනවා ඒත් කරදර සේරම ඉවරවෙලා සැප ලැබෙනකොට අපේ හොද ගතිගුණ අමතක කරනවා එකයි.. :P

      Delete
    4. ෂැගියෝ.......බොහෝමයක් අයට කරදර ඉවරවෙලා සැප විඳිනකොට ඉතිරිවෙන්නේ නරක ගතිගුණ විතරයි..... හොඳ ගතිගුණ තිබුනද කියලත් හොයාගන්න බැහැ. එහෙමත් එකෙක් තමයි ඉතුරුවෙන්නේ.

      Delete
    5. " නොම පර වුනු පංකජ මල
      අනෝතප්ත විල ගාවදි
      පර කරගනු ඇයි මේ ලෙස.."

      කියල ඇහුවෙත් ඒකම තමයි.. අපි ඉතින් මක්ක කොරන්නද?

      Delete
  2. ඔයා තේරුම උඩින් කියලා තියෙන නිසා තේරුණා.

    ReplyDelete
  3. මටත් තේරුනේ තේරුම කියෙව්වට පස්සේ :D කියවනකොට තේරුනේ නැතත් පද වැල් ලස්සණ යි!

    ReplyDelete
    Replies
    1. හ්ම්ම්ම් ... තැන්කු.......

      Delete
  4. මමත් අවා කැම්පස් සින්ඩියෙන් (බිත්තියෙන් )
    තෙරුම කියලා තියෙන නිසා තෙරුනා
    හිතලා බලනකොට ඇත්ට කතාවක්

    ReplyDelete
    Replies
    1. කැම්පස් සින්ඩියෙ වැඩෙත් හොඳයි එහෙනම් ;)
      ඉඩක් ලැබුණු වෙලාවක ආයෙත් ඇවිත් යන්න එන්න..

      Delete
  5. නිර්මාණ කරුවා කියන දෙය කවදාවත් අපිට ඒ විදියටම තේරුම් ගන්න බෑ. ඒක තමයි එකේ ස්වභාවය.
    එහෙම කියලා තිබ්බට මේ වගේ අසරණ උණු වෙලාවට නම් උඹ ඇවිත් උදව්වක් කරලා යන එක හොදයි බන්

    ReplyDelete
    Replies
    1. හ්ම්ම්ම්ම්ම් හ්ම්ම්ම්ම්

      Delete

හිතේ තියන් යන්නේ නැතුව හිතෙන දෙයක් කියලා යන්න...