අම්මයි තාත්තයි බොරුත්
කියා දුන්නා මට.
ඒත් ඒ බොරු මතක නැති වුන
නිසා ලොකු ඉස්කෝලෙකට යන්න බැරි වුනා.
එදා ඉඳන් තමයි මේ සේරම
කරදර.
එකේ ඉඳන් පංති ගියා ගියා
ගියා නිදාගන්න කන්න බොන්න සෙල්ලම් කරන්න.
තිබුනෙම නෑ මට වෙලාවක්..
නමවත් ලියාගන්න බැරි
විභාගෙකට ලෑස්ති වෙන්නලු..
එපා වෙනකම් පංති ගිහින්
ගිහින් යන්තම්
ඇති යන්තම් සෙල්ලම්
කරන්න හම්බුනා ටිකක්..
ළමා දිනේට රට පුරාම
උත්සව
මාත් ආසාවෙන් හිටියේ යන්න
ඒත් එදාට කලින් දවසේ
බන්දුල මාමා ප්රථිපල
එවනවා කියුවා.
සතුටෙන් හිටපු මගේ මුළු
ඇගටම පන නෑ පපුවත් ගැහෙනවා..
කලින් බලපු සුනීතා
නැන්දා කියුවා. සනෝජ් නම් 175 කියලා..
අයියෝ ඉන්ටර්නෙට් එකේ
බැලුවා අම්මා ප්රථිපලේ පැය ගානක් ගිහින් තමයි ඒක ආවෙත්.
සනෝජ් නම් පාස් උබට බැරි
වුනානේ තව 30 ක් ගන්න අපේ අම්මත් කෑගහනවා.
මට 130 ලූ...
පේපරේ උස්සපු ගාල්ලේ
නංගිටත් 158ලු ..
ළමා දිනේ හේදිලා ගියා..
අපේ අම්මා නෙමේ වැරදි මේ ක්රමයයි හරිම වැරදි..
අපිට ආදරේ නිසාලු එදාම එවුවේ
ප්රතිපල ...
බන්දුල මාමේ අහන්න.. අපි
ගැන ආඩම්බර වන ලොකු තාත්තේ මේ අහන්න..
ළමා කාලේ නැති කරවන තරගය
තව වැඩි කරවන මෙවන් දුකක් එපා දෙන්න..
මේක ළමයින්ගේ විභාගේ නෙවෙයි බං! මේක අම්මලාගේ විභාගේ!
ReplyDeleteඇත්ත ඇත්ත අම්මලත් ඒ විදහට දුවන්නේ ළමයි හන හිතලා.. හැමෝගෙම වැරදි නිසා තමා මෙහෙම වෙලා තියෙන්නේ..
Deleteඅර ඔටු රෙස් වගෙ අම්මල ලමයින්ව දුවවන රෙස් එකනෙ ඔය
ReplyDeleteසහතික ඇත්ත අම්මලා එහෙම දුව වන්නේත් මේ ක්රමේ ඇතුලේ එයාලටත් වෙන විසඳුමක් නැති නිසා නේද? කියල මට හිතෙනවා...
Deleteවිභාගෙට වැඩියෙන් තරගේ දෙන්නේ අම්මලානේ.. ඉතින් ඔහොම වෙනවා..
ReplyDeleteඑහෙම නොකලානම් ඒ අම්මලා තරගෙන් පරදිනවා.. පුතාගේ ඉස්කෝලේ පහසුකම් නෑ ඉතින් ළමයාගේ හොඳ ටමනේද එහෙම දුවවන්නේ ... ඒත් ඒක වැරදි.. ඒත් වැරදි අම්මලා විතරමද? කියලයි මගේ පුරස්නේ..
Delete