Tuesday, October 22, 2013

ක්ෂිතිජය



සඟවමින් මුළු ලොවට
සිත කොනක රඳවමින්
සෙවුවා අහස පොළව එක්වන
ක්ෂිතිජය
මම.......
දිව ගියා හති දාගෙනම
විටෙක දැනුනා ළඟමයි කියලා..
ඒත් යන යන තැනදී
තව තවත් ඈත් වුනා..
තවත් දුවලා තේරුමක් නෑ..
දැන් තේරෙනවා..
අහසයි පොලවයි එකතු වෙන්නේ
නෑ.....
ඒකත් එක මායාවක් විතරයි
ඇය වගේ.....

8 comments:

  1. දැන් වත් තේරුණ එකම මදැයි ඉතින්..

    ReplyDelete
  2. තව දුර යන්න තව දුර යන්න
    ඇය ළග බව තේරේවි..

    ReplyDelete
    Replies
    1. මහන්සි හොඳටම තවත්නම් යන්න බෑ..
      දේශකයාට වගේ..

      Delete
    2. ඉවසල ඉවසල බැරිම තැන නේ ඉවසිය යුතුම කියල තියෙන්නේ ෂැගියෝ

      Delete
    3. එකත් එහෙමද එහෙනම් බලමුකෝ තව ටිකක්.. ;)

      Delete
  3. අනේ උඹට දැන් තේරෙන ඒවා! ;)

    ReplyDelete
    Replies
    1. උබට තේරුණා වෙලාවේම මටත් තේරුණා නම් ඉවරයි නේද??
      මන් ක්ෂිතිජය පස්සේ නේ ගිය කෑදැත්තෙක් පස්සේ නෙමේනේ ;)

      Delete

හිතේ තියන් යන්නේ නැතුව හිතෙන දෙයක් කියලා යන්න...