ඊයේ පාර දිගේ මන්
ඇවිදගෙන ගියා
දිගටම....
පාර අයිනේ වෙද ගෙයක්
තිබුනා..
ඒත්....
ඇතුලේ මිනීමරුවෙක්
ගේ ඉස්සරහ මල් පාත්තියේ
තිබුනා..
මල් කැකුළු..
පල බර වෙලා...
ඒත් ඒ පල පැහෙන්නට
කලියෙන්..
කඩලා වීසි කරනවා..
අර මිනීමරුවා..
මිනීමරුවා , මල් කැකුළ විතරක්ම
නෙමේ
වැරදි..
පරාග ගෙනිච්ච බඹරගේ ඉදන්
බලන් හිටපු මාත් වැරදී
කියලා
හිතුනා මට...
“පරාග ගෙනිච්ච බඹරගේ ඉදන්
ReplyDeleteබලන් හිටපු මාත් වැරදී කියලා
හිතුනා මට...“ හ්ම්ම්...
හ්ම්ම්ම්ම්ම්ම්ම්
Deleteඔව්!!අපි කොහොමත් වැරැද්දට ලැදියි නේ!
ReplyDeleteපිපෙන්න තියන කැකුළු පලබර වෙන එකයි දුක...
Deleteඔවු බලන් ඉන්න අපිත් වැරදියි
ReplyDeleteවැරදි හදන්න කුමක් කරමුද?????
Delete