Monday, August 5, 2013

රතු පස්වල මානුෂිය මෙහෙයුම සහ සැරදේ මහ රජ

බොන වතුර ටික මාවිල්ලාරුවේදී කොටි නවත්තන ලදී , හමුදාවට අණ ලැබුණි 30 වසරක යුද්දය නිමාවන තෙක් සටන දියත් කළේය නම මානුෂීය මෙහෙයුමයි. යුද ජයක් ග්‍රගනයට උදම් අනුවේද එය දේශපාලන නායකත්වය මත සිදු වූ බව කියමිනි.සිදු වූ දේ නැවත නොකියයමි ආවර්ජනය කර බලන්නට ආරාධනා කරමි.

කර්මාන්ත ශාලාවක් නිසා රතු පස් වල ජනතාවට බොන්න තිබු වතුර ටික දුෂ්‍ය වී ගියේය මෙයට එරෙහි වූ ජනයා පාරට බැස්සේය.වතුර ලැබ දෙන්නට එදා ක්‍රියා කල හමුදාව මෙදා තමා අයිතීන් වෙනුවෙන් පාරට බට ජනයාට බැට දුන්නේය ජිවිත 3ක් මරු තුරුලේය. හැබෙයි මේකට නම් වැරදි වෙඩි තැබූ හමුදා බටයන් විතරය දේශ පාලන අධිකාරිය නිහඬය..
මිනිස්සුන්ටත් තේරෙන්නේ දැන්ය.සරසවි සිසුන් පාරට බැස්සේය පොලිස් පහර කමින් දුවනා විට කිවේ “හොඳ වැඩේ උන්ට ඉගෙන ගන්න තියෙද්දී මහපාරේ කියාය ” පාරේ තද බදය ඇතිවන බවද කිවේය. ගෙදර යාමට ප්‍රමාද වන බව කිවේය.කටුනායක පෞද්ගලික විශ්‍රාම පනතට එරෙහිව ආ සේවකයන්ද වෙඩි තබා මර්දනය කළේය. මේ සියල්ලටම මිනිස්සු බන්නේ උද්ගෝෂණ කල උදවියට මිස අසාදරණයට නොවේය..
තවද සරසවි සිසුවා දේශපාලනය නොකළ යුතු බව කියන්නේ දරුවන්ගේ දෙමාපියන් කැඳවා රැස්වීම් තබාය. හැබැයි ඒ වයසේම සිටින රජ පුත්තුන්ට මේවා කැපය.මිනිස්සුන්ට මේවත් නොතේරෙන්නේ මන්ද මට නොතෙරෙන්නේය..
මේ ගැන කියන විට මා ජාති ද්‍රෝහියකු වනු ඇත.කමක් නැත අද රජ ගෙදර පරවින් සේ සිටින්නේ යුද වැදුණු ෆොන්සේකා , කරන්නාගොඩ නොව කේ.පී. ලාය. පාර්ලිමේන්තුවේ අලිමංකඩට ගැසූ කරුනාය. පළාත් සබාවේ අරන්ත්ලේ ගාතන කල පිල්ලෙයාන්ය. ඒ මදිවාට ප්‍රශ්නයක් කතා කරන විට එය විජාතික බලවේග යැයි කියන විරවන්ශලාය.
ප්‍රශ්න රටට කියන්නට ආ මිනිස්සු නිසා පාරේ පැයකට දෙකකට ඇති වූ තද බදය ගැන කතා කල මිනිස්සු. රජතුමාගේ පුතාලගේ කාර් රේස් කෙලි නිසා දින ගණන් වූ තද බද සැලකුවේ රටේ විය යුතු දේවල් ලෙසය .
අවසානයේ තමාට වදිනකම්ම සිටියේය. දැන් තදවී කෑ ගසයි ඒත් ඒ තව ටික දවසකට පමණි. හෙට අනිද්දම මිය ගිය පවුලේ සියලු දෙනා රජ මැදුරට ගෙන්වයි ලක්ෂ 10ක් වන්දියක් ලබාදී .. වරද කරුවන්නට දඩුවම් දෙන බව කියයි.මිනිස්සු එලියට එන්නේ හා රට පුරා මිනිස්සු කට පුරා කියන්නේ අනේ අපේ මහා රජාණෝ සැරදේවා කියාය.. ඉතින් මම කුමක් කියන්නද කියන්නට ඇත්තේ නඩුත් හාමුදුරුවන්ගේ බඩුත් හාමුදුරුවන්ගේ කීමය..  

2 comments:

හිතේ තියන් යන්නේ නැතුව හිතෙන දෙයක් කියලා යන්න...