Saturday, July 6, 2013

ආදරය ගැන

ආදරය ගැන ගොඩක් දේ ෂැගියා කිවුව මතක ඇති ආයෙත් ආදරය ගැන ආදරෙන් හිතන්න ෂැගියා  තීරණය කළා විශේෂයෙන් පෙම්වතුන්  අතර තියන ආදරය ගැන කතා කරන්න ෂැගියට හිතුනා 


මේ ආදරය කියන්නේ ලෝකෝත්තර විදියට ගත්තොත් ප්‍රාථමික හැඟීමක්  ඒත් ලෞකික වශයෙන් නම් ආදරය කියන්නේ උත්තරීතර හැඟීමක්..මේ හැඟීම කොච්චර බලවත් ද කියනවනම්  ආදරය හින්ද රජ සැප පවා අතහැරපු සාළිය කුමාරයා වගේ කුමාර වරුත් හිටියා... ඉතින් මේ සුවිශේෂී හැඟීම එසේම පැවතියත් වර්තමාන සමාජය ඇතුලේ ආදරයට තියන වටිනාකම ඒ විදියටම තියනවද කියන කාරණය ගැන ටිකක් හිතල බලන්න ඕනි කියලා ෂැගියට හිතුනා..
ෂැගියා  හිතන විදියට මේ වෙද්දී මේ අමිල හැඟීමටත් මිලක් වටිනාකමක් දෙන්න ලෝකය උත්සහ කරනවා.. ඒ රාමුවට කොටු වෙලා හිතන දෙමවුපියෝ විතරක් නෙමේ ආදරවන්තයොත් වන්තියොත් බිහිවෙගන එනවා කියලයි ---ෂැගියා  නම් හිතෙන්නේ.
පොඩ්ඩක් ඔය මංගල දැන්වීම් තීරය එහෙම කියවලා බලන්නකෝ එතකොට හිතෙනවා දැන් ආදරය කියන කාරණාවට තැනක් නෑ කියලම සහ හුඟ දෙනෙක් සතුට කියලා හිතන් ඉන්නේ මුදල් කියල..
උදාහරණයකට මෙන්න මේ මංගල දැන්වීම හිතනකො “බොදු ගොවි අවු:28 තරුණ දියණිය උස 5’ 3” උපාදිය සහ CIMA නිම කර සිටින අතර විවාහය සඳහා ඉංජිනේරුවකු හෝ ගණකාදිකාරවරයකු දෙමවුපියන් සොයයි. “
කුල බේදයෙන් පටන් ගත්ත දැන්වීම ඉවර වුනේ දියණියගේ හදවත තේරුම් ගත් කෙනෙකු සොයා නොව ඉංජිනේරුවෙකු සොයායය ..මෙලෙස සිදු කර පසුව රටේ වැඩිහිටි උදවියම මැසිවිලි නගන්නේ දැන් දික්කසාද වීම් වැඩි බවය. ඉතින් සිදු වෙන කරුණු දෙස බැලූ විට නම් ඒවා මහා පුදුමයක් නොවනු ඇත. මේ තත්වයට සමාජය පත් වීම දෙමාපියන්ගේ වරක් හෝ පෙම්වතුන්ගේ වරදක් නොවේ පවතින ආර්ථික සාජීය රටාව ඔස්සේ ගොඩනැගුනු දේවල්ය කෙසේ හෝ ආදරය මෙලෙස වියෝ වී යාම යනු ලොව පැවැත්ම නැති වී යාමයි.

මන්ද පුංචිම පුංචි කලලයේ ඉඳන් සොහොන් කොහා දක්වා වූ ගමන් මඟ සුන්දර එකක් වනුයේ ආදරය එක වූ විටය
එමෙන්ම කාමුක බව උතුරා යන හැඟීම් වලට ආදරය ලෙස නිර්වචන දීමද දැන් දැන් ඇතැම් විට ෂැගියා දැක ඇත ඒත් ආදරය ඊට වඩා උත්තරීතර දෙයකි. මොහොතක් හිතන්න මිට වසර කිහිපයකට පෙර හින්දි සිනමාවේ වැඩි වශයෙන් විකුනුනේ ආදරය දිනා ගැනීම උදෙසා ද්වේෂය භාවිතා කිරීමයි ඒත් දැන් එම සිනමාවේත් ආදරය මුවාවෙන් කාමය අලෙවි කරවන බව ෂැගියට සිතෙයි.
මෙම සිනමා පටි යොවුන් මනසට බලපෑම් එල්ල කරන්නේ නොදැනුවත්වමය හිතල බලන්නකෝ ඔය කියපු ආදරය ලබාගන්න ද්වේෂය අලෙවි කරපු කාලේ නව යොවුන් වියට පා තබපු කොල්ලෝ තමන්ගේ කෙල්ල දිහා වෙන කොල්ලෙක් බැලුවත් ගේම call කළා. දැන් දැන් එම නෙමේ යාලු වෙලා මාස 2කෙන් room එකක් ඇතුලේ මදුසමය ගතකරන්න යනවා..
මේ කොයි දේ කොහොම උනත් ආදරය කියන්නේ ලෝකේ පැවැත්මට අත්‍යවශ්‍ය කාරණයක්. ආදරය නැවුම් කිරි මුට්ටියක් වගේ එකට කාමය කියන මුහුම් බින්දුවක් දැම්මහම මී කිරි වගේ රසවත් වෙනවා.. ඒ වගේම මතක තියාගන්න මුහුම් මුට්ටියට කිරි බින්දුවක් දැම්මට මී කිරි හැදෙන්නේ නෑ කියලත්




ජනාදර හිතාදර ෂැගියා ....

4 comments:

  1. අප්පේ..එතකොට ඒකත් එහෙමයි ඈ! ඇත්ත කතාව බං! මටනම් කොහොමත් ඔය සබ්ජෙක්ට් එක වැඩිය තේරුම් ගන්න බෑ!

    ReplyDelete
    Replies
    1. ඇත්තද.... මන් නොදන්නවයේ නාඩියා ගැන..

      Delete
  2. අයි හේට් ලව් ස්ටෝරීස්!

    සුභ වේවා!!! රාජ සම්පත් ලැබේවා!!!

    ReplyDelete

හිතේ තියන් යන්නේ නැතුව හිතෙන දෙයක් කියලා යන්න...