Monday, March 25, 2013

කලාව



කලාව 

කලාව ගැනත් ලෝකයේ විවිද උදවිය විවිද විදිහට දැක්කා දකිනවා ,ෂැගියා කොහොමද කලාව දකින්නේ එහෙමත් නැත්තම් කලාව පිලිබඳ ෂැගියගේ චින්තනය මොනවගේද කියලා කියන්න තමා මේ උත්සාහය මොකද ළගදීම දවසක කලාවට නැවුම් අත්දැකීමක් එකතු කරන ලොකු වැඩක් රජරට සරසවියේ සිද්ද වෙනවා .ඔන්න ඔය වැඩ කටයුතු නිසාම දැන් දැන් කවුරු කවුරුත් කලාව පිලිබඳ කතිකාවතක් කරගෙන යනවා.. ඔය අල්ල පනල්ලලේ ෂැගියට හිතුනා ඕන කලාබරයක් කියලා කලාව ගැන ඩිංගක් කියලා දාන්න...

කලාව කියන්නේ මහා විෂයක් කතාව,කවිය,චිත්‍රය,ගීතය,නැටුම,පිළිමය,ඔපෙරාව.... ඇතුළු තවත් ගොඩක් දේවල් කලාවේ අංග ඇත්තටම හැමදේම කලාව.. තව විදිහකට කිව්වොත් ඕනෑම දෙයක් කලාව නෙමයි ඒත් ඕනෑම දෙයක් කලාවට කලාම ලස්සනයි මිහිරි හරිම රහයි.... නිකමට හිතන්න ආදරය ලස්සන නැත්තේ ආදරයේ කලාව නොදන්නා අය ආදරේ කරද්දී.. අනික දරුවට කිරි දෙන එක ඉදන් මළගෙදර අවසන් කටයුතු වලට වෙනකම්ම මේ කලාව තියනවා.. කවුරු පිළිගත්තත් නැතත් ඒ ඒ වෘතීන් වලට අදාල කලාවක් තියනවා..හිතන්න ගුරුවරු ඕනා තරම් හිටියත් කලාවට උගන්නන්නේ නැති උනාම අපිට ඒ විෂයත් එක්ක එපා වෙනවා..ඔන්න ඔය කියන පරාසය තුල විහිදුනු කලාව තමා ෂැගියා කලාව විදිහට දකින්නේ හිතන්නේ.. 

කලාව කියන්නේ හැමෝටම පොදුවේ ලැබන නමුත් පුද්ගල අනන්‍යතාව රැදී සුවිශේෂී දායාදයක්.. 

ජිවිතේ කලාවක් කර ගත්තම ජීවිතෙත් ලස්සන වෙනවා රහට ජිවිතේ විදින්න පුළුවන් වෙනවා.. හ්ම්ම්ම් භාෂාව බිහි වුනේ හිතන දේ කියන්න.. (නැතුව හිතන්න භාෂාවක් ඕනි නෑ කියන දේ ෂැගියා කියනවා හේතුව මන් කියලත් තියනව ආයි මතක් කරන්නම්කො හිතන්න භාෂාවක් ඕනි නම් හිතපු හැමදේම අපිට කියාගන්න පුළුවන් වෙන්න ඕනි ඒත් එහෙම නෑ නේද කියාගන්න බැරි හැඟීම් කොච්චරද??????? මගේ සුපුරුදු උදාහරණය සීනි මොන රහයිද? ඔබ කියයි පැණි රහයි කියලා.. ඔව් ඇත්ත පැණි මොන රහයි ද? හ්ම්ම්ම් පැණි රහයි නේද ඒත් දෙකම එකම රහද? දිව දන්නා රහ, භාෂාවෙන් කියාගන්න ගියාම ටිකක් අවුල් වෙනවා නේද)) ඉතින් භාෂාවෙන් කලේ හිතන දේ කියන්න උත්සහ ගත්ත එක ඒත් අපේ සිතුවිලත් එක්ක බලපුවාම භාෂාව හරි ප්‍රාතමිකයි..

ඉතින් ඔය හිතන දේ ලස්සනට ඉදිරිපත් කරන්න යද්දී තම කලාව බිහි වුනේ..දැනෙන හැගීම වින්දනය කරපු විඳවපු අත්දැකීම් තමා ජය ගන්න ඉන්න ඉලක්ක මේ හැමදේම ලස්සනට ඉදිරිපත් කරන්න කලාව යොදා ගත්තා වචන කවි වලට පෙරලුවා සමහරු මේ දේ චිත්‍රයෙන් කිවුවා සමහරු පිළිම වලින් කිවුවා කොහොම කොහොම හරි මේ දේ තවතවත් විකාශනය වුනා ජන කලාව සම්භාව්‍ය කලාව ආදී ලෙස වර්දනය වුනා..කලාව හින්ද ඕනෑම දෙයක් ලස්සනට වෙන්න පටන් ගත්තා..


හැමදේකම කලාව තියනවා අඩු වැඩි වශයෙන් ඉතින් හොද පදමට කලාව මුසු වෙලා එලියට අපු ප්‍රතිපලයට තමා කලාකෘතිය කියලා කියන්නනේ.. ඉතින් කලාකෘති විවිද විදිහට කවුරු වර්ගීකරණය කලත් ඕනෑම කලාකෘතියකින් සමාජ විවරණයක් හරි අනාගත දැක්මක් හරි පිලිබිබු වෙනවා කියලා තමා  මට හිතෙන්නේ ඔය හැර සුන් කියා කියා කෑමොර දෙන ගීත වලත් අඩු වැඩි වශයෙන් මේක තියනවා..කවුරු විවේචනය කලත් ළගදීම ආපු චන්ගුමී තුලත් මේ ලක්ෂණ තිබ්බා.. (චන්ගුමී උන්මාදය නොව කලාකෘතිය ගැන සිතන්න )      

ලංකාවේ විචාරකයන් බහුලයි ඇත්තටම ඒක හොදයි ඒ වගේම රසාස්වාදකයොත් පහල වුනා නම් තවත් හොදයි..

අපි තවතවත් කලාව ගැන විමසමු මොකද කලාව කන්නද අහපු යුගයකුත් අපිට තිබුණු නිසාත් එයට දැඩි පිලිතුරක තවමත් නොමැති නිසාත් තවමත් ඒ ප්‍රශ්නේ කලාවකට අහන තමා ඒක අහන්නෙත් කලාවවට එහෙමත් නැත්නම් ඒ ප්‍රශ්නේ ඇහුවෙත් කලාව නිසා කියලා දන්නේ නැති අය ඉන්න නිසාත්..

5 comments:

  1. හ්ම් හ්ම්ම්..කලාඅ ගැන එදා අපි කරපු කතා බහ මතක තිබිලා වගේ ළමයට... :)

    ReplyDelete
    Replies
    1. එදා නම මීටත් වඩා මොනවදෝ කියුව නේද???

      Delete
  2. විචාරකයෝ වැඩි කම වෙලාවකට කලාවට බාදාවක්..

    ReplyDelete

හිතේ තියන් යන්නේ නැතුව හිතෙන දෙයක් කියලා යන්න...