ෂැගියා පිට සක්වල ජීවීන් හමුවෙයි...
"බොරු නොකියා ඉඳපන් මොන පිට සක්වලයෝද??????"
ඊයේ රෑ වැඩ වගයක් ඉවර කරලා ෂැගියා ගෙදර එද්දී රේ වුනා.. ඒ කිවුවේ 11.40 විතර වුනා පාරෙත් වැඩිය කවූරුත් හිටියේ නෑ කොහොම හරි ඉස්කෝලේ පිට්ටනිය ලගට වෙනකම් ප්ලුටෝ මාත් එකක්ම අවා එතකොට ප්ලුටෝ අහපු ප්රශ්නෙකට දීපු උත්තරේ තමා ඔය..(ප්ලුටෝ යනු ෂැගියාගේ පාසල් මිතුරෙකි..නම හැදුනේ සඳකට සහ උමගකට පෙම් කිරීමට යාමෙනි ) ප්ලුටෝ යනු UFO හෙවත් හදුනා නොගත් පියාසර වස්තු පිළිබද අම්බානක දැනුමක් ඇති පොරකි රේඩාර් වලට හොරෙන් යානා ආවත් මුට හොරෙන් එනවානම් බොරුය..ඇමෙරිකාවේ Area 51 ගැන ඔබාමටත් වඩා දන්නේ මුය... පිටසක්වල ජීවියකු අල්ල ගැනීම ජිවිතයේ ඇති එක් අරමුණක් වූවෙකි.. මිතුරකු ලෙසින් නම් ප්ලුටෝ යනු තම මිතුරාට පන වුවත් දෙන පොරකි...
කෙසේ හෝ රතු සහ කහ වැසිද පිටසක්වලයන්ගේ වැඩ යයි කියමින් පසුගිය දින වල තැනින් තැන දිස්වූ එලි පිළිබඳව සියලු තතු පවසමින් පැමිණි නිසාම අපිට ගමන වෙහෙසක් නම් දැනුනේ නැත..විටින් විට බල්ලන් අප වෙත බුරාගෙන පැමිණියත් දීමට යමක් අතේ නොවුයෙන් අහුලා ගත් ගලෙකින් වැරෙන් සංග්රහ කිරීමට ෂැගියා වග බල ගත්තේය..
කෙසේ හෝ අපි පාසල් පිට්ටනිය දෙසින් එන අමුතු දැවැන්ත බිය උපදවන හදවත සලිත කරවන එලියක් දුටුවෙමු.. එලිය මොකක්ද කියා බැලීමට අපි තාප්පෙන්ම පැන ගෙන තඩි සල් ගහට මුවා වීමු..
හත් ඉලවුවට කලාබර දෙකක්ම ගහපි කිවුවලු කිවුවට විශ්වාස කරියිද මන්ද එතන පියාබන පිරිසියක් ප්ලුටෝගේ මුහුණ පුරා හිනාවකි ජංගම දුරකථනය අතට ගත ප්ලුටෝ නාසා ආයතනයට ඇමතුමක් දීමට උත්සහ ගන්නට වීය..

මොහොතකින් මා ගාවට පැමිණි පිටසක්වලයෙකු ෂැගියෝ යැයි මා අමතන්නට වීමි..එපමණක් නොව සිංහලෙන් යමක් කියන්නට වීය "යකෝ තෝ අද ගෙදර යන්නේ නැද්ද ආවට කරපු මගුලකුත් නෑ නිදාගත්තු එක විතරයි "කියන විටම මා සිටියේ පෘතුවියේය...
ජනාදර හිතාදර ෂැගියා
ඉගුරු ඉස්කොතු නැද්ද ....පෙන්නුනේ හීනෙන්
ReplyDeleteමේ දවස් වල කෑම පාලනය කරන නිසාද මන්ද පෙනුනේ නැනේ කෙල්ලේ...
Deleteඔන්න සැගියාට අන්ද කයිප්පු වෙලා වගේ..ඔය පිටසක්වල එලි ගැන හොඳටම දන්නේ මනියා තමා!
ReplyDeleteඇත්තටම මනියා වගේම නදියත් එදා එලි බලන්න කැම්පස් එක පුරා දිවුවා කියල හැමෝම දැන් දන්නවා
Deleteහප්පච්චියේ... මගේ බිත්තියේත් තියනවා "අයි වෝන්ට් ටු බිලීව්" කියල තඩි පෝස්ටරයක්. මෙහාටත් එයිද දන්නේ නෑ. ජය...!
ReplyDeleteමන් ප්ලුටෝගෙන් අහල කියන්නම් යන එන තැන් හොදටම දන්නේ ප්ලුටෝ තමා
Deleteහෙහ්... මමත් දැක්කා එකෙක්ව :)
ReplyDeleteසුභ වේවා!!! රාජ සම්පත් ලැබේවා!!!
රජතුමනි ප්රෙවේසම් වෙන්න උස්සන් යන්න බැරි නෑ ...
Deleteකෝ බං ස්කූබි ??
ReplyDeleteඉන්නවා ඉන්නවා...
Deleteසඳකට සහ උමගකට පෙම් කරන්නේ කොහොමද බන් !,ඒ කියල දියන්කෝ මටත්
ReplyDeleteමෙන්න මේ උඩ කොමෙන්ටුව දාපු එකා තමයි ප්ලුටො
Delete