ඇගේ වත් නොවන ඇය
මගේවත් නොවන මට
ඇගේ යැයි කියමින් උදම් අනනවා
මගේ වත් නොවන මම
ඇගේවත් නොවන ඇයට
මගේ අයිතිය පවරා දෙනවා
ඇගේවත් නොවන මම
මගේ වත් නොවන ඇය
එක්ව අපේ ආදරයක් හොයනවා
අපේ වත් නොවන අපි
අපිත් නොවන අපි
අපේම ලොවක් හොයනවා
ඔන්න ඉතින් යන්තම් පොස්ට් පනහක් කොටා ගත්තා. මෙච්චර කල් කෙටුවේ පොස්ට් පනහයි වෙන මුකුත් නෙමේ දිගට ලියන්න කම්මැලි කම, වෙලාවක් කලාවක් අවේලාවක් නැකතක් එහෙම නැතුවට තදින් දෙයක් හිතට වැදුනම ඉතින් දුවගෙන ඇවිත් කොටන එක තමා මගේ පුරුද්ද හොඳ නරක අඩු පාඩු නිතර ඇවිත් කියන සහෘද ඔබ තමයි හයිය. දෙඩෙව්වා වැඩිද මන්ද ?????
ආයෙ මක්කයි පනහ අගට තව බිංතු දෙකක් වත් වැටෙන කං ලියන්න ඕන ඈ.......
ReplyDeleteජයවේවා
ලියමු ලියමු 50 පැනගන්න තමා අමාරු වුනේ ලියන්නම්කො
Deleteපනහයි? ආපෝ මදි මදි. මේ වගේ තව දෙතුන්දාහක්වත් ලියන්න ඕනෙ. මොකද ෂැගී කියන්නෙ මගේ ප්රියතම කාටුන් චරිතයක්.
ReplyDeleteකවිය මරු ෂැගියෝ.... සිම්පල් වචන ටිකකින්, සුමට රිද්මයකින්, පට්ටම ගැඹුරු අදහසක් දීලා....
තැන්කු වේවා බස්සි.. හ්ම්ම් ඔව් ඔව් ලියන්න තමයි හිතන්නේ කම්මැලි කම තමා ගැටලුව
Deleteඑළ කිරි පනහක් වේවා.. ඉදිරිය ජය වේවා...
ReplyDeleteතැන්කු වේවා!! දේශකතුමෝ
Deleteඋඹට මේවාට තමා කම්මැලි! චෙස් අදින්න එහෙම කම්මැලි නෑ! ශ්රී සුභ වේවා ඈ!!
ReplyDeleteඑක ඉතින් මොළේ කල්පනා කරලා අදින එක විතරනේ බන් ... තැන්කු වේවා!!!!
Deleteshagiyo..... අපිට අහිමි අප....... තමයි ඉතින්.....
ReplyDeleteඅහිම වෙන්න අපි අපිට හිමිද කියලා තමයි මගේ පුරස්නේ ??
Delete50ට සුබ පැතුම්.. කවුරු කාගෙද කියලා හොය හොය ඉන්නේ නැතුව ලියහං බං.. ඒක හොදයි ඔක්කොටම වැඩිය..
ReplyDeleteතැන්කු වේවා!! ඒක තමා බැලුවේ දිගටම ලියන්නම්
Deleteපනහක් සපිරෙනසුබ දවසකනෙ මමත් ගොඩ වෙලා තියෙන්නෙ.මේ කවිය නියමයි ....ෂැගි කිව්වමයි මතක් උනේ ..මගේ කැම්පස් කාඩ් එක... හික්ස් ... ස්කුබිඩු නමක් නෙ ;) .... සුබ පැතුම් එහෙනම් දිගටම ලියමු :)
ReplyDeleteඑන්න එන්න දිගටම කැම්පස් කාඩ් එකෙනුත් නෑ කමක් තියනවනේ එහෙනම් :)
Deleteජ ය ේව් වා !!!
ReplyDeleteවේ වා !!
ෙය් !!!
ෙන් ටත ්!!
ේන වා එඑ !!
ජ ය වේ වා !!!
තැන්කු වේවා!!!
Deleteඑල ද බ්රා...අරින්ඩ එපා ගහමු 100.
ReplyDeleteඅනිවා 100ක් ගහන්න ඕනි ඉක්මනට
Deleteසුබ පැතුම් ෂැගියෝ..දිගු ගමනකට සුබ පතනවා...
ReplyDeleteතැන්කු වේවා!! තුශානි....
Delete