Sunday, April 27, 2014

අක්ෂරය 4 ද?

අක්ෂරය   ද?
නෑ නෑ අක්ෂර හතර
ආ... අකුරු හතර...
ඔව්

පිළිවලක් නැති සැලසුමක් නැති
ඔහේ ගලා ගෙන ගිය
අකුරු හතර....
ජීවිතය................

ජිවිතයට                                
images www.diwaina.com උපුටා ගන්නා ලදී.
පිළිවලක් සැලසුමක්
ගෙනවිත් දුන්
අකුරු හතර..
ආදරය...

ආයෙමත් පිලිවලත් සැලසුමත්
රැගෙන ගිය
අකුරු හතර...
විරහව..

ඒ නිසා සමහරු 
නැති කරගත්ත 
අකුරු හතර..
ජීවිතය..

ඒත් එකෙන් සමහරු
ගොඩනගපු 
අකුරු හතර..

ජීවිතය.. 

Monday, April 21, 2014

කවියේ නිරුවත





වලාකුලු සහ පොලව


ලස්සන නිල් අහසට
පෙම් කරන විට
එහි හිස් බව මකාලමින්
නුබ 
මා හා අහස මැදට
පැමිනි විට වේගයෙන්
පොලොව මම හැඬුව කෙන්තියෙන්
එත් නුබ ආවේ....
හිරුගෙ දැඩි රැසින් මා මුදවන්න
බව වැටහුනෙ පසුව මට...

කලු පාටට ගොරවමින්
හෙන හඩත් නන් වමින්
සැරසෙද්දි වහින්නට
පොලොව මම බිය වුනා
ඒත් නුබ ඒ ලෙසින්
වැසි වැට්ටුවෙ සරුසාර කරන්න
බව මාව වැටහුනෙ පසුව මට....

සැගියා කාලෙකට කලින් ලියපු කවියක් ඇයි ආපහු දාන්නේ කියලා සමහර විට කෙනෙක් අහයි ඒත් මේක දාන්නේ පොඩි ඉල්ලීම් කිහිපයක් ආවා තේරුමත් කියන්න කියලා මේ ඒ  නිසා. ඇත්තටම මේ කවි වලට සමහරු එක එක තේරුම් දුන්නා ඇත්තටම සැගියාගේ හිතේ තිබුණු තේරුම කිවුවොත් හොඳයි කියලා හිතුනා. හොඳ නැත්තම් සොරි වේවා!!!! වලාකුළු සහ පොලව කියන කවිය මෙහෙම ගලපාගෙන බලන්න වලාකුළු දෙමාපියන් විදිහට සහ පොලව ළමයි විදිහට...

නදිය සහ විල


සැඩ පහර හසුරමින් 
පෙණ බුබුළු නංවමින් 
දඟකාර ලෙස ගලා යන විට
නොගැඹුරු වුවත්
පැන් පහස ලබන්නට බියවීමි 
නුඹෙන් මම

නිසසලව 
චාම් ලෙස
අහිංසක සොඳුරු ලෙස
සඟවමින් රුදිරු බවසිටි විලට ලංවුනා

පැන් පහස ලබන්නට

පිහිනන්න නොදත් මම
තවත් දඟලමින් ඇත
ගොඩ එන්න..............

නදිය සහ විලෙන් කියන්න හැදුවේ කෙල්ලෝ දෙන්නෙක් ගැන නදිය හරියට දඟකාර කෙල්ලෙක් වගේ විල සන්සුන් කෙල්ලෙක් වගේ ඒත් සමහර දඟකාර කෙල්ලෝ තැන්පත් කෙල්ලන්ට වඩා අහිංසකයි...

දැනුනු දේ කියන්න දරපු උත්සහයක් විතරයි..

Monday, April 14, 2014

සියලු දෙනා හට සුබ නව වසරක් වේවා!

මීන රැසින් මේෂ රැසට හිරු කුමරු                  වඩින්නේ
කොවුල් නදින් පරිසරයම අවදි                      කරන්නේ
රබන් සුරල් හඬ දස දෙස පැතිරී                       යන්නේ
ඉස්සර එහෙමලු අපහට අවුරුදු                        ලැබුනේ

පංච දාලා ඔලිඳ කෙලින ගැහැණු                   ලමුන්නේ
චක්ගුඩු පැන අන් අදිනා පිරිමි                        ලමුන්නේ
නැකත් වෙලාවට පේවෙන                   වැඩිහිටියන්නේ
කෝ කෝ දැන් ඒ අවුරුදු හිරු                   දෙවියන්නේ


කාලේ වෙනස් තාලේ අලුත් බවත්                 ඇත්තනේ
ඕවට දැන් කාලේ  කොහෙද අපිට               තියෙන්නේ
පුළුවන් විදිහට කැවුමක් කඩෙන්                    අරන්නේ
යන්තම් අපි මේ විදිහට අවුරුදු                         කන්නේ


කොහෙන් කොහොම මොනවා උනත් මේ       අහපන්නේ
තියන සිරිත් හැකි පමණින් රැකුම                       වටින්නේ
හොඳක් මිසක වරදක් නෑ ඉන් සිදු                        වන්නේ
සිංහල අවුරුදු සිරිතයි ඉන්                           සුරැකෙන්නේ


හිරු දුටු පිනි බිඳු මෙන් දුක් වියකි           යෙත්වා!
නිරෝගී සම්පත හැම සත වෙතට          ලැබේවා!
උතුරන කිරි කලය වගේ ධනය             ලැබේවා!
සියලු දෙනා හට සුබ නව වසරක්              වේවා!

Saturday, April 12, 2014

විස්සයි විස්ස ගැන අලුත්ම කතාව..

ක්‍රිකට් World cup සහ  O/L.............





20යි 20 World cup එකත් එක්කම ක්‍රිකට් ගැන කතා කිරීම එන්න එන්නම වැඩි වෙලා ඒ විතරක් නෙමේ ඔය අල්ල පනල්ලෙමනේ O/L result අවේ ඒ නිසා සමහරුනම් ඉන්නේ සතුට දෙගුණ තෙගුණ වෙලා ඒ වගේම සමහරු ඉන්නේ මන් මුලා වෙලා කතාකරපු සමහරු කිවුවේ ජීවිතෙත් එපා වෙලා කියලා.ඉතින් මට හිතුන ක්‍රිකට් සහ ඕලෙවල් පොඩ්ඩක් ගලපලා දෙන්න ...
ඕලෙවල් පාස් වුන අය නම් දැන් ගොඩක් සතුටින්නේ ඉන්නේ ඉතින් මේ කතා කරන්නේ ෆේල් වුන නංගිලා මල්ලිලා වෙනුවෙන් හැමෝම ඕලෙවල් පළවෙනියා දෙවෙනියා පස්සේ යද්දී වැඩිම පිරිසක් ඉන්න අසමත් වුන අය ගැන කාගේවත් කතා බහක් නෑ.
මෙහෙමයි ඔබ ඕලෙවල් ෆේල් වුන ගොඩේ ඉන්නවනම් වැටෙන්න එපා පොඩ්ඩක්වත් ඔබත් ලංකාවේ ක්‍රිකට් ටීම් එක වගේ වෙන්න මතකද අපි කී පාරක් ෆයිනල් ඇවිත් පැරදුනද ඒත් අපි අත්හැරියේ නෑ නේ ඔබත් අන්න ඒ වගේ වෙන්න ආපහු හැරිලා බලන්න වැරදුන තැන ,
fb එකට පෙම්වතියට පෙම්වතාට නැතිනම් රටේ ලෝකේ තියන ගොඩක් අනවශ්‍ය වැඩවලට කාලය මිඩංගු කරන්න ඇති මේ මාස ටිකේ ඒවා අමතක කරලා අලුතෙන් මහන්සි වෙලා හොදට පුනරික්ෂන්යේ යෙදෙන්න.

ඒ වගේම තමයි ඔබ ඕලෙවල් ෆේල් වුන දරුවෙක්ගේ දෙමාපියෙක්නම් ඔබත් ලංකාවේ ක්‍රිකට් ප්‍රේක්ෂකයෙක් වගේ වෙන්න මතකද අපි එකදිගට World cup 4ක් පැරදිලත් අපි අපේ ටීම් එකට ගැහුවේ නෑ ඊළඟ පාර හරි World cup එක ගෙනෙයි කියලා ආදරේ කළා සුබ පැතුවා..ඔබත් ඔබේ අසමත් වුනු දරුවව එහෙම දිරිගන්නවන්න ආදරේ කරන්න වෙනදාටත් වඩා එයාව විශ්වාස කරන්න ඊළඟ පාර එයා සමත් වේවි විශ්වාසයි..
තව ඉල්ලීමක් තියනවා මුළු සමාජෙන්ම කරන්න ඒ තමා ඔබ ඉන්දියාවේ ප්‍රේක්ෂකයෙක් වගේ වෙන්න නම් එපා.. පැරදුනු ගමන් ගෙවල් වලට ගල් ගහන ගිනි තියන කෙනෙක් වෙන්න එපා.. ඒ වගේම ඕලෙවල් ෆේල් වුන ළමයින් සමච්චලයට ලක් කරන මඩගහන හින්ට් පාස් කරන කෙනෙක් වෙන්න එපා..
ඉතින් ක්‍රිකට් වගේම හිතලා ඕලෙවල් ගොඩ දාගන්න.. අනික මතක තියාගන්න පලවෙනි පාර ඕලෙවල් ෆේල් වුනු මහාචාර්ය වරු පවා ඉන්නවා කියලා. තව දෙයක් ඔබ වඩාත්ම දක්ෂ දේ හඳුනාගෙන ඒ ඔස්සේ ජිවිතේ දිනන්න මොකද ඕලෙවල් කියන්නේ කියන්නේ ජිවිතේ නෙමේ ජීවිතේදී හම්බුනු එක කඩඉමක් විතරයි ඒක පැනගන්න බැරි වුනාට ජිවිතේ නැතිවෙන්නේ නෑ


ඔබ මේ ඕලෙවල් අසමත් වීම පන්නරයක් කරගෙන ජිවිතේ හදාගන්න එහෙම කලොත් දවසක ඔබ කියාවි මගේ ජිවිතේ වටිනාම දේ තමා මන් ඕලෙවල් ෆේල් වුන එක කියලා..

Thursday, April 10, 2014

අපේ රැහේ අපේ වුන්..










අපේ රැහේ අපේ වුන් කියල කිවුවේ සැගියගේ ඉස්කෝලේ කාලේ දුකට සැපට ලෙඩට දුකට විතරක් නෙමේ හැම ගුස්පි වැඩකටම බෙල්ල ගහලා ගියත් ලඟින්ම හිටු එවුන් තමා.. තාමත් ඕලෙවල් කරන වගේ හිරිමල් යෞවන පෙනුමක් තිබ්බට මොකෝ අපි ඉස්ක්කොලෙන් අයින් වුනේ 2009 ඉතින් එදා ඉදන් 2014 වෙනකම් අවුරුදු 5ක් ගෙවිලා ගිහිලා.. බිග් මැච් එකට එහෙන් මෙහෙන් පාර්ටි වලදී මග තොටේදී කස්ටිය එහෙන් මෙහෙන් සෙට් වුනාට මොකෝ හැමෝටම එකපාර නිල වශයෙන් සෙට් වෙන්න බැරි වුනා.. මොකෝ සේරම එකතු කරගන්නවා කියන්නේ ලාහට ගෙම්බෝ එකතු කරගන්නවා වගේ තමා ඉතින් ඔන්න ඔය විදියට දවස් ගෙවිලා ගිහිල්ලා.
මලිතලා ජනියලා රබ්බලා කාවින්දලා නම් කියූ නොකියූ එකී මෙකි නොකී හුදී ජනී ජනයා සෙට් වෙලා අපේ බැච් පාර්ටි එක බක් මාසේ 5 සෙට් කරගත්තා. කිරිබත්ගොඩ සනාරා එකට කස්ටිය වැස්ස අස්සෙන් සෙට් වුනා..
තුන්වෙනි තට්ටුවේ තමා වැඩේ සිද්ද වෙනවා කිවුවේ ඉතින් කිරිබත්ගොඩින් සැගියායි ,මලියයි, චානයි, ආශානුයි, නිසලයයි ටයයි සෙට් වුන අපි රෝද තුනේ බෙන්ස් දෙකක නැගලා සනාරා එකේ ගාවින් බැහැගත්තා තුන්වෙනි තට්ටුවට නැගගත්තා.. නියමෙට සරසලා තිබුනත් අපි එක පාරට ඇතුලට ගියේ නෑ මොකෝ ඇතුලේ හිටියේ කෙල්ලෝ වගයක් අනික ඒ එකෙක්වත් අපිට දැකලා පුරුදු එවුන් නෙමේ.අපේ බැච් එකේ වුන් අපි දන්නවනේ .. “මන් හිතන්නේ අපිට වැරදුනා මේක නෙමේ වෙන්න ඇති” ඒ මලියා.. ඒත් එක්කම ඇතුලේ හිටපු කෙල්ලෝ බොහොම ලෙන්ගතු හිනාවක් පෑවා. කොච්චර ලෙන්ගතුද කියනවනම් දත් තිස්දෙක අස්සෙන් ගිරිය පේන තරම් වූ ඒ මදහසෙන්ම අපි අදුන ගත්ත මේ අපේ රැහේ හිටපු කැකුලියෝ තමා කියලා.. කොහොමහරි ඒ දවස් වලතිබ්බ කැහැටු ගති ගිහින් මුනේ වලවල් වැහෙන්න කපරාරු කරලා බෝකටු කොන්ඩ කෙලින් වෙලා කෙලින් තිබුණු කොන්ඩ බෝකටු වෙලා කෙට්ටු කෙල්ලෝ මහත් වෙලා මහත කෙල්ලෝ කෙට්ටු වෙලා කිවුවම මොකෝ මුන් දැන් ලස්සන වෙලා..(හිටියට වඩා)

ඉතින් කට්ටිය එහෙන් මෙහෙන් සෙට් වේවි සෙට් එක වැඩි වුනා.බැච් එකේම වුන් ප්‍රේමවන්තයෝ වන්තියෝ වෙලා තිබුණු සමහර ඒවා නැති වෙලා ඔය අතර සමහරු නෝනලා මහත්වරු වෙලා සමහරු හෙට අනිද්දා බන්දිනවලු තව සමහරු අම්මලා තාත්තලා වෙලා..ඒත් ඒ හැමමෝම දැනෙන්නේ එදා සුදු ඇඳුමේ හිටපු විදිහටම තමා..
එහෙන් මෙහෙන් පරණ කතා ඇහෙනවා.. එක කෙල්ලට ට්‍රයි කරලා ඉස්සර මරා ගත්ත වුන් එක වීදුරුවේ සවුදිය පුරනවා.. ඒ අතරේ ඒ කෙල්ල වෙනමම කොල්ලෙක් එක්ක පාර්ටි එකට එනවා.. දෙකට බෙදිලා ගහගත්තු පංති වල අපි එකට් සෙට් වෙලා නටනවා..
දැන් සමහරු ජොබ් කරනවා තව සමහරු තාම කැම්පස් (අපි වගේ) .. ඒ අස්සේ ආයෙත් පරණ මතක එලියට එනවා.. මතකද “සැගියෝ උබ ගුරු මෙසේ දෙකට බෙදලා ටේබල් ටෙනිස් ගහලා හොදටම ගුටි කෑවා “ .. “ඇයි බන් අපි පීරියඩ් එක කට් කරලා ක්‍රිකට් ගහලා එනකොට ගනේපොල සර් අපේ බෑග් අරන් ගිහින් ඔෆිස් එකේ දාලා ලොක් කරලා තිබ්බේ..අපි හොරෙන් පැනලා ගත්තේ.. පහුවදා උදේ ගුටි කෑවේ.” “ඇයි බන් ඉස්කෝලේ වැඩ වලට නයිට් අදිනකොට වතුවල කුරුම්බා තැඹිලි ඉවර කලේ.” යකෝ බලාගෙන ගියහම අපි කරලා නැත්තේ ඉගන ගන්න එකද??? නෑ නෑ අපි එකත් හොදට කරගෙන තිබ්බා කොහොම හරි ඉස්සර පෙන්නන්න බැරි වුනත් ගුටි කාපු සමහර ගුරුවරුන්ව දැන් මතක් කරන්නේ හරිම ආදරෙන්..
 
එදත් අදත් අපි හැමෝම ආදරේ කරපු ගුරුතුමියක් තමා විජේකෝන් ගුරුතුමී.. ඒ මලියලගේ අම්මා ඒ කාලේ ඉදන් අපෙ මානසිකත්වය තේරුම් ගත්තවගේම මලියටයි අපිටයි සැලකුවේ එකට විභාගේ ලියන්න කලින් මලියව වගේම අපිවත් ඉඹලා තමා විභාගෙට යැවුවේ.. ඉතින් රිසාල්ට් ආපුවහමත් අපි දුවලා ගියා කියන්න.. ඒ හින්දම තමා අපු හැමෝම මලියට කිවුවේ මතක් කරලා අම්මට කියපන් අපි ආදරෙන් මතක් කළා කියල .
ඉතින් මේ සේරම වෙන අතරේ අමිල මගේ කනට කරලා කියනවා “ආයෙත් ඉස්කෝලේ යන්න ඇත්නම් නේද බන් කියලා” මටත් ඒක  ඒ වෙලාවේම දැනුනා මන් දැකපු හැම මුණක්ම කියුවෙත් ඒ කතාවම තමයි..

එහෙනම් ආයෙත් සෙට් වෙමූ ....................