Tuesday, October 22, 2013

ක්ෂිතිජය



සඟවමින් මුළු ලොවට
සිත කොනක රඳවමින්
සෙවුවා අහස පොළව එක්වන
ක්ෂිතිජය
මම.......
දිව ගියා හති දාගෙනම
විටෙක දැනුනා ළඟමයි කියලා..
ඒත් යන යන තැනදී
තව තවත් ඈත් වුනා..
තවත් දුවලා තේරුමක් නෑ..
දැන් තේරෙනවා..
අහසයි පොලවයි එකතු වෙන්නේ
නෑ.....
ඒකත් එක මායාවක් විතරයි
ඇය වගේ.....

Friday, October 4, 2013

ශෝක ළමා දිනය




අම්මයි තාත්තයි බොරුත් කියා දුන්නා මට.
ඒත් ඒ බොරු මතක නැති වුන නිසා ලොකු ඉස්කෝලෙකට යන්න බැරි වුනා.
එදා ඉඳන් තමයි මේ සේරම කරදර.
එකේ ඉඳන් පංති ගියා ගියා ගියා නිදාගන්න කන්න බොන්න සෙල්ලම් කරන්න.
තිබුනෙම නෑ මට වෙලාවක්..
නමවත් ලියාගන්න බැරි විභාගෙකට ලෑස්ති වෙන්නලු..
එපා වෙනකම් පංති ගිහින් ගිහින් යන්තම්
අගෝස්තුවේ විභාගේ ලියලා ඉවර වුනා..
ඇති යන්තම් සෙල්ලම් කරන්න හම්බුනා ටිකක්..
ළමා දිනේට රට පුරාම උත්සව
මාත් ආසාවෙන් හිටියේ යන්න ඒත් එදාට කලින් දවසේ
බන්දුල මාමා ප්‍රථිපල එවනවා කියුවා.
සතුටෙන් හිටපු මගේ මුළු ඇගටම පන නෑ පපුවත් ගැහෙනවා..
කලින් බලපු සුනීතා නැන්දා කියුවා. සනෝජ් නම් 175 කියලා..
අයියෝ ඉන්ටර්නෙට් එකේ බැලුවා අම්මා ප්‍රථිපලේ පැය ගානක් ගිහින් තමයි ඒක ආවෙත්.
සනෝජ් නම් පාස් උබට බැරි වුනානේ තව 30 ක් ගන්න අපේ අම්මත් කෑගහනවා.
මට 130 ලූ...
පේපරේ උස්සපු ගාල්ලේ නංගිටත් 158ලු ..
ළමා දිනේ හේදිලා ගියා.. අපේ අම්මා නෙමේ වැරදි මේ ක්‍රමයයි හරිම වැරදි..
අපිට ආදරේ නිසාලු එදාම එවුවේ ප්‍රතිපල ...
බන්දුල මාමේ අහන්න.. අපි ගැන ආඩම්බර වන ලොකු තාත්තේ මේ අහන්න..
ළමා කාලේ නැති කරවන තරගය තව වැඩි කරවන මෙවන් දුකක් එපා දෙන්න..


Thursday, October 3, 2013

ධම්ලෝ අම්මේ

තහනම් වුවත් ආදරයෙන්
ඇය හා මම හමු වුවෙත්
ඔබේ තුරුලේදී....


ඇය නැතුවට
දැන් මගේ ළඟ
නුබේ ලඟට
අවාම මට
නුබේ සුවඳයි ඇගේ සුවඳයි
දෙකම දැනේ එක විදිහට

කවුරු කොහොම
මොනවා වුනත් සමාජයට
වැඩක් ඇතිව අපි තැනුනේ
නුඹ නිසානේ..

සරසවියට පිය මැන්නෙත්
යහ ගුණ දම්
පුරුදු වුනෙත්
ධම්ලෝ  අම්මේ ඔබ නිසානේ..