සොබා දම් මාතාව කුරිරු ලෙස හැසිරුනා
අපිට එක ලෙස සැලකු නුඹත් විරසක වුනා
මහ මෙරක් උසට අපි දුක් උනත් ඉවසුවා
එහෙව් අසරණ අපිව පස් වලින් යට කළා
පුංචි වුන් පාසලේ එවී අපි හොයාගෙන
කියන් මිහිකත් ලඳුනි අපි නුඹේ තුරුලේ බව
පුංචි වුන් බඩගින්නේ උදේ පාසල් ගියේ
ලැබේවිද කුසට අහරක් උන්ගේ, රෑට වත් අද දිනේ
කෝවිලේ දෙවියන්ට අපි යදිනකොට බයට
මුලින් යට උනෙත් කෝවිලේ වහලෙයි තදට
කුමක් අපි කරම්දෝ දෙවියො අසරණ කලට
අපි වගේ දුපත්ද දෙවියනේ නුඹත් අද??????
හල්දුම්මුල්ල කොස්ලන්ද ප්‍රදේශයේ ඇති වූ හදිසි ආපදා තත්වය වෙනුවෙන් කළහැකි යමක් වේනම් සියලු දෙනා එක්ව සිදු කරමු!!!
ජායාරූපය හිරු නිව්ස් වෙතින් උපුටා ගන්නා ලදී
මෙවන් විපත් තවත් නම් සිදු නොවේවා!!
ReplyDeleteඑලෙස පතමු අපි හැමෝම
Deleteමිහිකත කෝප කලේ..... අපේ උන්මයි...... පව් ගෙව්වේ අදත්...... අහින්සකයින්මයි.....
ReplyDeleteහ්ම්ම් ඇත්ත ඒ මිනිස්සුන්ගේ හිස මත දුප්පත්කම ජීවන වියදම වගේ දේවල් මහමෙරක් වගේ ගොඩ ගැහිලා තිබුණු වෙලේ අමුතුවෙන් වුනේ පස් ගොඩක් වැටුණු එක
Deleteඅන්තිමේදී පහත් තැනින් යයි ගලා ජලේ ... සොබා දහමත් ඇයි දුප්පතුන්ටම රිදවන්නේ
ReplyDeleteඅපිත් සොබා දහමට අවනත වෙන්න ඕනි නැත්තම් හැමෝම විනාශ වෙන දවස වැඩි ඈතක නෙමේ..
Deleteමොනවා හරි කරමු බං අපි
ReplyDeleteඒක තමා නාඩියෝ මාත් කිවුවේ අපි එකතු වෙලා මේකට පුළුවන් විදිහට උදව් කරන විදිහක් හොයා බලමු.. කවි කතා විතරක් ලිය ලිය ඉඳලා හරියන්නේ නෑ
Deleteඑහෙම වැඩසටහනක් කෙරෙනවනම් අපිටත් එෆ් බී මැසේජ් එකක් දාන්න. මොනව හරි කරන්න ඕන ඇත්තෙන්ම
Deleteඅනිවා අනිවා ළඟදීම මොනාහරි කෙරෙයි එතකොට කියන්නම්
Deleteඉතිහාසයක එක්වුනු ඛේදනීය පරිච්ඡේදයක්..
ReplyDeleteමොකක් හරි දෙයක් කරනවානම් අපිවත් පොඩ්ඩක් දැනුවත් කරන්න අයියේ....පුළුවන් ඕනෑම දෙයක් කරනවා අහිංසක අසරණ උණු මිනිස්සු වෙනුවෙන්.
ReplyDelete