Tuesday, December 23, 2014

දිනන්නේ කවුද?? හරියටම කියන්නම්




දිනන්නේ කවුද හරියටම කියන්නම් කියා හඬ ගා තලන 

ඔහු ජෞතීර් වේදියෙකි 

දේශප්‍රේමයට අඬගසා අතීතය තලු මරණ 
ඔහු අපේ මහා රජෙකි 

මෙත් සිතින් අඬගසා නොදුටු හෙට ගැන කියන 
ඔහු හිටපු ගොවි රජෙකි 

කන්න බොන්නත් නැතුව උන් උන්ට කඩේ යන 
ඊයේ යන්තම් ගෙවුව 
අද හුස්ම වැටෙන්නැති 
හෙටක උරුමයක් නැති 
ඔහු රටේ පොඩි නරෙකි  


Monday, November 24, 2014

සීතලයි

සීතලයි 
ඉන්න බෑ 
හැම තැනම 
හිම වැටිලා 
සීතලෙන් 
බේරෙන්න 
සිතා 
මම 
රිංගුවේමි 
හිම ගුහාවකට 

Saturday, November 22, 2014

ඇත්තටම සෙනසුරු මාරු වුනාද?????

සෙනසුරු මාරු වුනා ඒ මදිවට ජනාධිපතිවරනෙකුත් ළඟ ලඟම එනවා මේ වෙලාවේ කවුරුත් කට බලියන් බලාගෙන ඉන්නේ දේශපාලන වේදිකාවේ මොකද වෙන්නේ කියලා විතරක් නෙමේ පරසිද්ද ජෝතිශ්‍යචර්යවරු මොනා කියයිද කියලා තමා..

මන් මේ කියන්න යන්නේ ටිකක් වෙනස්ම කතාවක් පහුගිය කාලේ සෙනසුරු මාරුවත් එක්ක මන් දැක්කා මිනිස්සු සෙනසුරාට තියන බය මොකෝ අපේ ගමෙත් එදා දවසේ පන්සල්වල පවා මේ සෙනසුරුට පුජා තිබ්බා. හැබැයි ගෞතම තථාගතයන් වහන්සේගේ දේශනා වල නම් කියන්නේ අහසේ තිබෙන ග්‍රහ තාරකා අපිට කුමක් කරන්නද කියලා. ආන්න ඔය ටික කිව්ව ගමන් අපේ ජෝතිෂ උන්දෙලා ටික ජෝතිෂයේ ජැක් එක ගහනවා බුදු දහමට හැබැයි දැන හෝ නොදැන ඔය කරගන්නේ නම් අපාගත වෙන පවක් එවෙලෙට කියනවා ඔය අහසේ තියන ග්‍රහ තාරකා පිහිටීමෙන් කියන්නේ කර්මය ගැන කියලා. එහෙනම් ඒ ගැන බුදු හාමුදුරුවෝ මුලින්ම කියනවනේ අනේ මන්ද ඉතින් මේ ලඟදි එක්තරා ජෝතිර්වේදියකු කියනවා කේන්දරයේ කොටු දොළහෙන් කියවෙන්නේ පටිච්ච සමුප්පදයාලු බුදු දහමේ ගැඹුරුම ඉගැන්වීමක් බමුණු වේදයේ එන ජෝතිශයෙන් දැකිය නොහැකි බව ඔහු නොදන්නවා සේම එය ජොතිශය හා බුදු දහම යන දෙකම විකෘති කිරීමකි.
තවත් අයෙකු කියනවා විනය ශිකෂා පදයක තියනවලු ජොතිශය ඉගෙන ගන්න කියලා ස්වාමින්වහන්සේලට එහෙම කිව්වේ නැකත් බලන්න පොරොන්දම් බලන්න හෝ සෙනසුරුපුජා තියන්න නෙමේ පොහොය දිනය දැන ගැනීම උදෙසයි
බුදු දහම හා ජෝතිශය එක්ව යන්නෙම නැත තව එක් උදාහරණයක් නම් බුද්ද දේශනාව තුලදී බුදුන්වහන්සේ මෙහෙම දේශනා කරනවා මහණෙනි නැකත නැකත කියලා දෙයක් තියනවා ඇත්තටම නැකත කියන්නේ පිං කරන වෙලාවයි කියලා.ඒත් ජෝතිෂ්‍ය තුලින් අපිට පිං කිරීමට යොදා දුන්නේ නැකත් නැති වෙලාව නොහොත් නොනගත වෙලාව නෙමේද? මදක් සිතන්න
පැහැදිලිව කිව යුත්තේ ජොතිශය සම්පුර්ණයෙන් බැහැර කිරීම හෝ එය වැරදි යැයි කීම මගේ අරමුණ නෙමේ ඒත් මේ අන්දානුකරය ගැන පැහැදිලි කිරීමට උත්සහ දරමි. බොහෝවිට සිදුව ඇත්තේ ජෝතිශ්‍යවත් බුදු දහමවත් හරි හැටි නොදන්නා වාණිජ අරමුණු ඇති අය තැනින් තැන අල්ලා මාර්කට් කිරීමය.ඒ සඳහා යොදා ගන්නා හොඳම ග්‍රහයා සෙනසුරුය , මන්ද සෙනසුරු, දෙවියන්ට පවා අපල කල ග්‍රහයෙක් නිසා අපි ගැන කුමන කතාද ඉතින් ඔහොම බයක් සමාජයේ තිබීමෙන් වාසිය වන්නේ මේ ජෝතිෂ වෙළඳුන්ටය තවත් ග්‍රහයෝ 8ක් සිටියද එයින් යන්තම් හෝ බය වන්නේ රාහුට පමණි.කෙසේ හෝ සෙනසුරු මාරු වන විට ජෝතිෂ වේදීන්ට සුබ වෙයි යන්ත්‍ර සඳහා ගන්නා මුදල අතිමහත්ය යන්ත්‍රය දා ගත් දිනයේ පටන් යන්ත්‍රය අප ආරක්ෂා කරනු කෙසේ වෙතත් අපි යන්ත්‍රය ආරක්ෂා කරන්නෙමු මස් මාළු නොකා, කිලි නොවදින සේ අපි සිටින්නෙමු. අසරණ මිනිසුන්ගේ වෙලාවට සෙනසුරු මාරු වන්නේ වසර දෙක හමාරකට වරකී රවී බුධ මෙන් මාසෙන් මාසෙට මාරු වුවා නම් අපිට ජෝතිෂවේදීන්ට ණය ගෙවීමටද සිදුවනු ඇත.
නමුත් මෙම ශාස්ත්‍රය විකුණා කන්නේ නැත්නම් එයින් එහි සීමාවේ සිට ගත හැකි ප්‍රයෝජනද නැත්තා නොවේ.


Tuesday, November 18, 2014

අපේවත් නොවන අපි

ඇගේ වත් නොවන ඇය 
මගේවත් නොවන මට  
ඇගේ යැයි කියමින් උදම් අනනවා 

මගේ වත් නොවන මම 
ඇගේවත් නොවන ඇයට 
මගේ අයිතිය පවරා දෙනවා 

ඇගේවත් නොවන මම 
මගේ වත් නොවන ඇය 
එක්ව අපේ ආදරයක් හොයනවා 

අපේ වත් නොවන අපි 
අපිත් නොවන අපි 
අපේම ලොවක් හොයනවා 

ඔන්න ඉතින් යන්තම් පොස්ට් පනහක් කොටා ගත්තා. මෙච්චර කල් කෙටුවේ පොස්ට් පනහයි වෙන මුකුත් නෙමේ දිගට ලියන්න කම්මැලි කම, වෙලාවක් කලාවක් අවේලාවක් නැකතක් එහෙම නැතුවට තදින් දෙයක් හිතට වැදුනම ඉතින් දුවගෙන ඇවිත් කොටන එක තමා මගේ පුරුද්ද හොඳ නරක අඩු පාඩු නිතර ඇවිත් කියන සහෘද ඔබ තමයි හයිය. දෙඩෙව්වා වැඩිද මන්ද ?????

Thursday, October 30, 2014

කියන් මිහිකත් ලඳුනි අපි නුඹේ තුරුලේ බව

සොබා දම් මාතාව කුරිරු ලෙස හැසිරුනා
අපිට එක ලෙස සැලකු නුඹත් විරසක වුනා 
මහ මෙරක් උසට අපි දුක් උනත් ඉවසුවා 
එහෙව් අසරණ අපිව පස් වලින් යට කළා

පුංචි වුන් පාසලේ එවී අපි හොයාගෙන 
කියන් මිහිකත් ලඳුනි අපි නුඹේ තුරුලේ බව 
පුංචි වුන් බඩගින්නේ උදේ පාසල් ගියේ 
ලැබේවිද කුසට අහරක් උන්ගේ, රෑට වත් අද දිනේ 

කෝවිලේ දෙවියන්ට අපි යදිනකොට බයට 
මුලින් යට උනෙත් කෝවිලේ වහලෙයි තදට 
කුමක් අපි කරම්දෝ දෙවියො අසරණ කලට 
අපි වගේ දුපත්ද දෙවියනේ නුඹත් අද??????

හල්දුම්මුල්ල කොස්ලන්ද ප්‍රදේශයේ ඇති වූ හදිසි ආපදා තත්වය වෙනුවෙන් කළහැකි යමක් වේනම් සියලු දෙනා එක්ව සිදු කරමු!!!

ජායාරූපය හිරු නිව්ස් වෙතින් උපුටා ගන්නා ලදී

Wednesday, October 22, 2014

මතකද?????

මතකද තරු කඩා වැටුණු රැය 
අපිව හැඳින ටික දිනකින් අපි හමු වුනු රැය 
පළමු වරට නුබ මා ළඟ හිඳගත් ඒ රැය 
නොකීව බස් නෙතින් නෙතට තෙපලමින් සිටිය රැය 

මතකද පන්සිළුගේ වීණා හඬ අසමින් සිටි රැය 
දහසක් මැද අපි තනියම තනිවූ මහ රැය 
හඳ එලියට වඩා අපේ සිත් එලි වුනු රැය 
නොකීව බස් සිතින් සිතට තෙපලමින් සිටිය රැය 

මතකද කඩා වැටෙන තරු දෙකකට පැතුම් දුන්නු රැය 
අහසේ ඉන්න බැරුව වැටුන තරු දෙකකට අපි රැවටුණු රැය 
කඩා වැටුණු තරුව වගේ අමතක වුනු රැය 
සැමට හොරෙන් ඔබත් මාත් නිතර යනෙන රැය 

Sunday, October 19, 2014

අන්තවාදී සමානාත්මතාව

අපේ සමාජයේ තියන මහම මහා පිළිලයක් වගේ දෙයක් කියලා මට හිතෙන දෙයක් ගැන කියාගෙන යන්න ඕනි කියලා මන් හිතුවා. මේක මන් ගමේ , නගරයේ පාසලේ , පන්තියේ විතරක් නෙමේ සරසවිය ඇතුලෙත් දැකපු දෙයක් ඒ තමයි අගේ නොකිරීම සහ අන්තවාදී සමානාත්මතාවය, නිසි තැනද සම තැනද හරි කියලා පස්සේ බලමු. ඒ වගේම සමානාත්මතාවය කියන්නේ හොඳ දෙයක් ඒත් කොයිදේකත් අන්තවාදය හොඳ නෑ වගේම මේ දේ වුනත් එහෙමමයි කියලා මට හිතෙන්නේ.
අන්න ඒ නිසා තමා වැටිලා ඉන්න මිනිහා දිහා අනුකම්පාවෙන් බලන යුක්තිය සාධාරණත්වය ඒ වෙනුවෙන් ඉටුකරන්න හදන අපේ වුන් දියුණු වෙන්න හදන එකාගේ කකුලෙන් අදින්නේ. ඇති හැකි අයව සතුරන් සේ දකින්නේ. දියුණු වුවන් තමන්ගේ සමාජීය වගකීම ඉටුකලයුත්තාසේම අපිට කිසිම අයිතියක් නෑ ඔවුන්ගේ දියුණුවට බාධා කරන්න.
මනුස්සයෙක් නැගිටිනවා දැක්කොත් සමාජයක් කියන්නේ ඔහෝම හම්බ කරලා කාට ගෙනියන්නද, පිදුරුසේවිකල පැල්පතේ ඇති සාමේ නැහැ මහා මන්දිරේ වගේ කතා ඒත් පිදුරු පැලේ ඉන්න මිනිහා විතරයි දන්නේ හැමදාම රණ්ඩු ගොඩයි කියලා.
සමානාත්මතාව මුවාවෙන් මේ කරන්නේ රටේ දියුණුව පුද්ගල දියුණුව අඩාල කරන එක පුළුවන් වුනොත් කියයි උබලාගේ ආත්මාර්ථකාමී කම කියලා. සරසවි ඇතුලේ ගත්තත් අඩුපාඩු බොහොමයක් තියනවා ඇත්ත ඒවා ලබාගතයුතු බවත් ඇත්ත ඒවා පාලකයන්ගේ වගකීම් බවත් ඇත්ත ඒත් දෙන දේවල් වලින්වත් සතපහක ප්‍රොයෝජනයක් නොගෙන තව තව ඉල්ලනවා.
ගොඩනැගෙන්න නෙමේ අවශ්‍ය යැපෙන්න එතැනදී මේ සමානාතමතාවය සමාජවාදය මාර විදිහට මාර්කට් කරනවා. සමහරු අවබෝධෙන් කරනවා තව සමහරු එක පොතක දෙකක කරුණු වලට ලගු වෙලා ඒ තුලින් ලෝකය බලමින් මුළු ලෝකයම පහදන්න හදනවා.
සමාජවාදී චිනතනයේ හරය ගනුවෙනුවට පුහු මතවලින් හිස් පුරවාගෙන ඉන්නවා. රටේ සංස්කෘතියට ගැලපෙන පරිදි සමාජවාදී චින්තයක් ගොඩනගාගන්න උත්සහ කරනු වෙනුවට රටේ සංස්කෘතිය සමාජවාදී පදනමකට ගෙනෙන අසාර්ථක උත්සාහයක නියතු වෙනවා.
මේ ලඟකදී එක් පුහු සමාජවාදියෙකු (ඔහු කිසිසේත් සැබෑ සමාජවාදියෙක් නොවන නිසා) අනගාරික ධර්මපාල තුමා ජාතිවාදියකු බව පැවසුවා ඔහුගේ නොදන්නාකමේ තරම නම් සියලු ජාතීන් එක්කර ප්‍රථම ලංකා දුම්රිය සේවක අරගලය අධිරාජ්‍යවාදීන්ට එරෙහිව සිදු කලේ එතුමා බවයි. පසුව මෙරට ජාතිවාදී ගැටුම් අද මෙන්ම එදත් එවකට පාලකයන් විසින් ඇති කර පසුව එතුමාව නිවාස අඩස්සියේ තබනවා.
ඉතින් මම නැවතත් කියමි,
මම සමාජවාදියෙක් නොවෙමි.........
එනම්
මත්පැන් බී ධනවත් බහුජාතික සමාගම් පෝසත් කරන සමාජවාදියෙක් නොවෙමි
ඒ තුලින් බාර් කාරයා පෝසත් කොට ඊළඟ ජන්දෙටත් කලින් පාලකයාගේම පෝස්ටර් වලට සල්ලි යවන සමාජවාදියෙක් නොවෙමි
බොබ් මාලිගෙන් ගතහැකි බොහෝ දේ තිබියදී ගංජා සුරුට්ටුව පමණක් ගත් සමාජවාදියෙක් නොවෙමි
මුළු ලොවටම එකවර ගංජා පොවා ලෝක සාමය ඇතිවේයැයි බලාපොරොත්තුවන සමාජවාදියකු නොවෙමි
ක්‍රමය බිහිකළේ මිනිස්සු නැතුව ක්‍රමය විසින් මිනිස්සු බිහි කලේ නැත. ක්‍රමය වෙනස් වුවත් මිනිස්සු එලෙසම වනු ඇත. මිනිස්සු වෙනස් කිරීමට සිත් වෙනස් කල යුතු වනු ඇත. මෙය කියූ කල ඔවුන් කියන්නේ ඔය ආගමික මතවාදයක් බවය එකී නෙකාගේ ආගම් වෙනස් බවය ඒනිසා මෙය ප්‍රායෝගිකද නැද්ද සිතීමටත් පෙරම ඔවුන් අත්හැර දමයි. හැබැයි මුළු ලෝකයටම එකවර ගංජා පොවා ලෝක සාමය ඇතිකිරීම ගැන නම් මිට වඩා සිතන බව පෙනේ.

"සියල්ල වෙනස් වන ලෝකයක, වරද දෙසට යන ලෝකයක , ඔබ නිවැරදි වන්න , දුප්පතාට මෙන්ම ධනවාදියටත් ආදරය කරන්න.         

Friday, July 25, 2014

ලේන්සුව

ඇයව සිහිවෙන්න ඇය දුන්නා මට ලේන්සුව..
තබාගෙන මෙසේ උඩ ඇය දුන්නු ලේන්සුව..
කල්පනා කළා මම ඇයි දුන්නේ ලේන්සුව..

අල්ලපු ගෙදර පොඩි එකා දිව ඇවිත් මගේ ලඟට
තෝරන්න කියනවා තේරවිල්ලක් තිතට..

“පැන සාක්කුවෙන් පිට පස්දෙනෙකුව බදා ගනී”
ලේන්සුව”උත්තරය තේරුණා මට හොඳට..

තවත් සිතමින් ඒ ගැන ඉඳගන්න ගොස් තැනක
පස්සේ ගෑවෙයි කියා තිබුණු කුණු එතැන බීම
පිස දමා ලේන්සුවෙන් ඉඳගතිමි මම එතැන
දාඩියයි ඉන්න බෑ පිසගතිමි මගේ මුණ
ලේන්සුවෙන් මම..

?????????????????????????????

Tuesday, July 22, 2014

සිතුවම...

පැය ගානක් තිස්සේ මන් ඔයාගේ ෆොටෝ එකක් දිහා බලන් ඔයාව අදින්න උත්සහ කළා.අනිතිමට යාන්තමට මන් ඔයාගේ සිතුවම ඇඳලා ඉවර කරගත්තා.දැන් මට ඕනි ඒක ඔයාට පෙන්නන්න , පොඩි කාලේ ඉස්කෝලේ පොඩි වැඩක් ඉවරකරන් ටීචර් ගාවට දුවන් යන පොඩි එකෙක් වගේ මන් අසාවෙන් බලන් ඉන්නවා හෙට ඔයාව හම්බෙලා ඒක පෙන්නන්න.
හ්ම්ම්ම්..කියන්නේ නැතුව කල් මරපු මගේ ආදරේ..අපේ පංති පරතරේ... අපේ නොවුණු අපේ ආදරේ..
කොහේදෝ කල්පනාවකට වැටෙන්න හදපු මගේ හිත පියවි ලෝකයට ආවේ SMS එකක් ආපු සද්දෙට..
“හෙට මට එන්න වෙන්නේ නෑ..අම්මා එපා කියුවා තනියම යන්න..”
හැමදාම වෙනදේ අඩුවක් නැතුව අදත් වුනා..හිත ඇතුලේ නලියපු බලාපොරොත්තු තවත් දුකක් වෙන්න කලින් පෙනහළු පුරා හොඳ ඔක්සිජන් රැල්ලක් යවලා දවලා අළුකරලා අවශේෂ මගේ ප්‍රස්වාසයත් එක්ක වා තලයටම මුසු කළා.
කුලී ගෙදර උළු වහලේ පිනි වලින් ඔයාගේ සිතුවම බොඳ වෙන්න නොදී මන් රැක ගත්තා.
කාලය යන ඉක්මනක් නේද??????
කුලී ගෙදරින් මන් මගේම ගෙයකට ගියා. දැන් පින්නක් එන්නේ නෑ ඒ නිසා ඔයාගේ සිතුවම නිදහසේ තියනවා හරි අපුරුවට.
හ්ම්ම්.. ඒ ඔයාමද ඔව් ඔයා තමා සිතුවමට වඩා ටිකක් වෙනස් වුනත් ඒ ඇස් දෙකෙන් මන් අඳුන ගත්තා.
ඔයාම මාත් එක්ක කතා කළා..”සහන්.. ඉතින් කාලෙකින්” හ්ම්ම් මම තාමත් නිහඬයි කතා කරගෙන ආපු ඔයත් නිහඬයි. “ඔයා මෙහෙ” ඒ මම..
“ඔව්. දුව එක්කන් යන්න ආවා”
ආයෙත් නිහඬ වුනු මන් දිහා ඔයත් බලාගෙන ඉන්නවා අපි මොනා කරන්නද.. හිත ඇතුලේ තද වුනු ආදරය වේදනාව.සෙමගුලියක් එක්ක එකතු වෙලා ඇවිත් අපේ නිහඬ බව බින්දා..මන් කොච්චර වෙලා නම් කැස්ස ද කියලා මන් දන්නෙත් නෑ..
ඊට පස්සේ මොන මොනවදෝ කතා කරපු අපි වෙන් වෙලා ගියා..

ගෙදර ආපු මම ආයෙත් ඔයාගේ සිතුවම අදින්න ගත්තා..

Saturday, July 12, 2014

සඳ මඩලටත් හොරෙන් සඳ සාවී පැන ගිහින්

සඳු අයිති කර ඉඳන් 
ඇය ගැනම කවි ලියන් 
සඳ මඩලටත් හොරෙන් 
සඳ සාවී පැන ගිහින් 

දැඩි හිරු රැසක් දරන් 

සඳ මත ඉන්න බැහැ කියන් 
සඳ මඩලටත් හොරෙන් 
සඳ සාවී පැන ගිහින් 

හද සිතුවිලිත් අරන්
සිත තුල ආදරෙත් අරන් 
සඳ මඩලටත් හොරෙන් 
සඳ සාවී පැන ගිහින් 

පැන ගිය සාවියේ අසන් 
සතුටින් ඉඳිනු මැන යෙහෙන්
සිත් මඩල තුල උපන් 
පෙම් සිත මැරුවට බොහො පිං 

නිහඬ බවට හේතු :-
සරසවි අරගල ,සටන් පාවා දීම් මැද ගෙවුණු කාලයේ බ්ලොග් ලියන්න තියා කියවන්න වත් නිදහසක් තිබුනේ නෑ අසාධාරණයට කෑ ගහපු අපේම වුන් හිර ගත වෙද්දී මොන බ්ලොග්ද කියලත් හිතුනා ඕන එකක් ඔන්න ආයෙත්  ,

ෂැගියාගමනය




shagiyage chinthnaya
shagiyage chinthanaya
shagiyage chinthanaya
shagiyage chinthnaya   shagiyage chinthnaya shagiyage chinthanaya shagiyage chinthanaya
shagiyage chinthnaya
shagiyage chinthanaya 



 

Wednesday, May 28, 2014

ඇගේ පෙම

ඇගේ නළලත වැටුණු කෙහෙරැල්ලක්  හුළගට ඉස්සර වගේම තාලයට රඟනවා.

මගේම ආදරවන්ති වෙලා හිටපු ඔයා කාලයත් එක්ක මොනතරම් වෙනස් වෙලාද ඉස්සර අපි ඔහේ කතා කරකර ගියා පුංචි එකියක් වගේ ඔයා හුරතල් වුනා.. ආදරයෙන් වගේම ශුංගාරය උතුරන ලස්සන ඇස් දෙකෙන් මා දිහා බලාගෙන මාව වෙනමම ලෝකෙකට ගෙනිච්චා..

කවදාවත් ඈත්වෙලා යන්නේ නෑ කිය කියා පොරොන්දු වුනා.. හීන මවන්න අකමැති වුන මාව හීන දිගේ අවිද්දගෙන ගියා.. රළුවට හතරස්ව හිටපු මාව පොඩි එකෙක් වගේ හුරතල් කළා..

එහෙම කරපු ඔයා අද...

මන් ඔයාගේ ඉස්සරහා ඉඳලත් නොදැක්කා වගේ වෙන කෙනෙක්ව හුරතල් කරනවා..ඔව් මට ඔයාගේ කටහඬ හොදින් ඇහෙනවා “මගේ සුදු මහත්තයට මන් ගොඩක් ආදරෙයි" ඔයා මේවා කියන්නේ මන් දිහා බල බලමයි මන් ළඟ ඉන්නවා කියලා ඔයාට ගානක්වත් නෑ හරියට මාව අදුරන්නේ නැති ගානට කොහොමද ඔයා ඉන්නේ කියලා මටම පුදුමයි.. 

මාව හීන වල ඇවිද්දපු ඔයා අද එයාව හීන දිගේ ඇවිද්දනවා.. මාව සිප ගත්ත දෙතොල් වලින් ඉමක් කොනක් නැතිව ඔහුව සිපගන්නවා මගේ ඉස්සරහම..

ඒ අස්සෙන් හෙමිහිට මන් දිහා බලනවා. ඔව් මන් ඒක දැක්කා..

විඩාවෙන් ඔයා දිහා බලන් හිටපු මාව ඔයා එයාට පෙන්නුවා.. “අන්න රත්තරනේ තාත්තා ඇවිල්ලා”





Thursday, May 1, 2014

අපේ මැයි දිනේ


රතු පාටට සැරසිලා.. රතු කොඩිත් වන වනා උස් හඬින් සටන් පාට කියවමින් මඟ දෙපස කලබලෙන්..

ආ.... මට අමතක වුනා  අද ලෝක කම්කරු දිනේ ..

රතු පාට කොඩි අතර කොලපාට නිල්පාට කහපාට පාටපාටා කොඩිත් යනවා..


ආදරණිය සහෝදරය සහෝදරිය මේ ක්‍රමේ වෙනස් කරමු..

පොඩි මිනිහට තැනක් හදමු.. ඔය අස්සේ කට්ටියක් ආණ්ඩුව පෙරලමුලු..

 නෑ නෑ මේ රටට එන කුමන්ත්‍රණ නවතා රටට ආදරේ කරමුලු..

එක එකා ඔවුන්ගේ මත කෝ අපේ මතය...

එන්න හම්බුනා බස් එකක් කන්න හම්බුනා බත් එකක් කාලා බොන්න සමහරුන්ට හම්බුනා බෝතලයක්..

ඉවරවුනා යන්න බසුත් නෑ රෑට කෑමත් නෑ අපි පාරේ හැම පාට කොඩියක්ම මහ පාරේ..

ලිබරල් වාදියෝයි සමජවාදියෝයි එකට බුදිනවා හිල්ටන් හෝටලයේ..

ඇගේ අමාරුවට අද ඇහැරුනේ පහු වෙලා.. මොකද මිනිහෝ අදත් පරක්කු..

අනේ මේ ඊයේ මගේම සහෝදරයා වෙලා හිටපු මහත්තයා නේද??


ආ.... මට අමතක වුනා ඊයෙනෙ කම්කරු දිනේ අද නෙමේනේ...

Sunday, April 27, 2014

අක්ෂරය 4 ද?

අක්ෂරය   ද?
නෑ නෑ අක්ෂර හතර
ආ... අකුරු හතර...
ඔව්

පිළිවලක් නැති සැලසුමක් නැති
ඔහේ ගලා ගෙන ගිය
අකුරු හතර....
ජීවිතය................

ජිවිතයට                                
images www.diwaina.com උපුටා ගන්නා ලදී.
පිළිවලක් සැලසුමක්
ගෙනවිත් දුන්
අකුරු හතර..
ආදරය...

ආයෙමත් පිලිවලත් සැලසුමත්
රැගෙන ගිය
අකුරු හතර...
විරහව..

ඒ නිසා සමහරු 
නැති කරගත්ත 
අකුරු හතර..
ජීවිතය..

ඒත් එකෙන් සමහරු
ගොඩනගපු 
අකුරු හතර..

ජීවිතය.. 

Monday, April 21, 2014

කවියේ නිරුවත





වලාකුලු සහ පොලව


ලස්සන නිල් අහසට
පෙම් කරන විට
එහි හිස් බව මකාලමින්
නුබ 
මා හා අහස මැදට
පැමිනි විට වේගයෙන්
පොලොව මම හැඬුව කෙන්තියෙන්
එත් නුබ ආවේ....
හිරුගෙ දැඩි රැසින් මා මුදවන්න
බව වැටහුනෙ පසුව මට...

කලු පාටට ගොරවමින්
හෙන හඩත් නන් වමින්
සැරසෙද්දි වහින්නට
පොලොව මම බිය වුනා
ඒත් නුබ ඒ ලෙසින්
වැසි වැට්ටුවෙ සරුසාර කරන්න
බව මාව වැටහුනෙ පසුව මට....

සැගියා කාලෙකට කලින් ලියපු කවියක් ඇයි ආපහු දාන්නේ කියලා සමහර විට කෙනෙක් අහයි ඒත් මේක දාන්නේ පොඩි ඉල්ලීම් කිහිපයක් ආවා තේරුමත් කියන්න කියලා මේ ඒ  නිසා. ඇත්තටම මේ කවි වලට සමහරු එක එක තේරුම් දුන්නා ඇත්තටම සැගියාගේ හිතේ තිබුණු තේරුම කිවුවොත් හොඳයි කියලා හිතුනා. හොඳ නැත්තම් සොරි වේවා!!!! වලාකුළු සහ පොලව කියන කවිය මෙහෙම ගලපාගෙන බලන්න වලාකුළු දෙමාපියන් විදිහට සහ පොලව ළමයි විදිහට...

නදිය සහ විල


සැඩ පහර හසුරමින් 
පෙණ බුබුළු නංවමින් 
දඟකාර ලෙස ගලා යන විට
නොගැඹුරු වුවත්
පැන් පහස ලබන්නට බියවීමි 
නුඹෙන් මම

නිසසලව 
චාම් ලෙස
අහිංසක සොඳුරු ලෙස
සඟවමින් රුදිරු බවසිටි විලට ලංවුනා

පැන් පහස ලබන්නට

පිහිනන්න නොදත් මම
තවත් දඟලමින් ඇත
ගොඩ එන්න..............

නදිය සහ විලෙන් කියන්න හැදුවේ කෙල්ලෝ දෙන්නෙක් ගැන නදිය හරියට දඟකාර කෙල්ලෙක් වගේ විල සන්සුන් කෙල්ලෙක් වගේ ඒත් සමහර දඟකාර කෙල්ලෝ තැන්පත් කෙල්ලන්ට වඩා අහිංසකයි...

දැනුනු දේ කියන්න දරපු උත්සහයක් විතරයි..

Monday, April 14, 2014

සියලු දෙනා හට සුබ නව වසරක් වේවා!

මීන රැසින් මේෂ රැසට හිරු කුමරු                  වඩින්නේ
කොවුල් නදින් පරිසරයම අවදි                      කරන්නේ
රබන් සුරල් හඬ දස දෙස පැතිරී                       යන්නේ
ඉස්සර එහෙමලු අපහට අවුරුදු                        ලැබුනේ

පංච දාලා ඔලිඳ කෙලින ගැහැණු                   ලමුන්නේ
චක්ගුඩු පැන අන් අදිනා පිරිමි                        ලමුන්නේ
නැකත් වෙලාවට පේවෙන                   වැඩිහිටියන්නේ
කෝ කෝ දැන් ඒ අවුරුදු හිරු                   දෙවියන්නේ


කාලේ වෙනස් තාලේ අලුත් බවත්                 ඇත්තනේ
ඕවට දැන් කාලේ  කොහෙද අපිට               තියෙන්නේ
පුළුවන් විදිහට කැවුමක් කඩෙන්                    අරන්නේ
යන්තම් අපි මේ විදිහට අවුරුදු                         කන්නේ


කොහෙන් කොහොම මොනවා උනත් මේ       අහපන්නේ
තියන සිරිත් හැකි පමණින් රැකුම                       වටින්නේ
හොඳක් මිසක වරදක් නෑ ඉන් සිදු                        වන්නේ
සිංහල අවුරුදු සිරිතයි ඉන්                           සුරැකෙන්නේ


හිරු දුටු පිනි බිඳු මෙන් දුක් වියකි           යෙත්වා!
නිරෝගී සම්පත හැම සත වෙතට          ලැබේවා!
උතුරන කිරි කලය වගේ ධනය             ලැබේවා!
සියලු දෙනා හට සුබ නව වසරක්              වේවා!

Saturday, April 12, 2014

විස්සයි විස්ස ගැන අලුත්ම කතාව..

ක්‍රිකට් World cup සහ  O/L.............





20යි 20 World cup එකත් එක්කම ක්‍රිකට් ගැන කතා කිරීම එන්න එන්නම වැඩි වෙලා ඒ විතරක් නෙමේ ඔය අල්ල පනල්ලෙමනේ O/L result අවේ ඒ නිසා සමහරුනම් ඉන්නේ සතුට දෙගුණ තෙගුණ වෙලා ඒ වගේම සමහරු ඉන්නේ මන් මුලා වෙලා කතාකරපු සමහරු කිවුවේ ජීවිතෙත් එපා වෙලා කියලා.ඉතින් මට හිතුන ක්‍රිකට් සහ ඕලෙවල් පොඩ්ඩක් ගලපලා දෙන්න ...
ඕලෙවල් පාස් වුන අය නම් දැන් ගොඩක් සතුටින්නේ ඉන්නේ ඉතින් මේ කතා කරන්නේ ෆේල් වුන නංගිලා මල්ලිලා වෙනුවෙන් හැමෝම ඕලෙවල් පළවෙනියා දෙවෙනියා පස්සේ යද්දී වැඩිම පිරිසක් ඉන්න අසමත් වුන අය ගැන කාගේවත් කතා බහක් නෑ.
මෙහෙමයි ඔබ ඕලෙවල් ෆේල් වුන ගොඩේ ඉන්නවනම් වැටෙන්න එපා පොඩ්ඩක්වත් ඔබත් ලංකාවේ ක්‍රිකට් ටීම් එක වගේ වෙන්න මතකද අපි කී පාරක් ෆයිනල් ඇවිත් පැරදුනද ඒත් අපි අත්හැරියේ නෑ නේ ඔබත් අන්න ඒ වගේ වෙන්න ආපහු හැරිලා බලන්න වැරදුන තැන ,
fb එකට පෙම්වතියට පෙම්වතාට නැතිනම් රටේ ලෝකේ තියන ගොඩක් අනවශ්‍ය වැඩවලට කාලය මිඩංගු කරන්න ඇති මේ මාස ටිකේ ඒවා අමතක කරලා අලුතෙන් මහන්සි වෙලා හොදට පුනරික්ෂන්යේ යෙදෙන්න.

ඒ වගේම තමයි ඔබ ඕලෙවල් ෆේල් වුන දරුවෙක්ගේ දෙමාපියෙක්නම් ඔබත් ලංකාවේ ක්‍රිකට් ප්‍රේක්ෂකයෙක් වගේ වෙන්න මතකද අපි එකදිගට World cup 4ක් පැරදිලත් අපි අපේ ටීම් එකට ගැහුවේ නෑ ඊළඟ පාර හරි World cup එක ගෙනෙයි කියලා ආදරේ කළා සුබ පැතුවා..ඔබත් ඔබේ අසමත් වුනු දරුවව එහෙම දිරිගන්නවන්න ආදරේ කරන්න වෙනදාටත් වඩා එයාව විශ්වාස කරන්න ඊළඟ පාර එයා සමත් වේවි විශ්වාසයි..
තව ඉල්ලීමක් තියනවා මුළු සමාජෙන්ම කරන්න ඒ තමා ඔබ ඉන්දියාවේ ප්‍රේක්ෂකයෙක් වගේ වෙන්න නම් එපා.. පැරදුනු ගමන් ගෙවල් වලට ගල් ගහන ගිනි තියන කෙනෙක් වෙන්න එපා.. ඒ වගේම ඕලෙවල් ෆේල් වුන ළමයින් සමච්චලයට ලක් කරන මඩගහන හින්ට් පාස් කරන කෙනෙක් වෙන්න එපා..
ඉතින් ක්‍රිකට් වගේම හිතලා ඕලෙවල් ගොඩ දාගන්න.. අනික මතක තියාගන්න පලවෙනි පාර ඕලෙවල් ෆේල් වුනු මහාචාර්ය වරු පවා ඉන්නවා කියලා. තව දෙයක් ඔබ වඩාත්ම දක්ෂ දේ හඳුනාගෙන ඒ ඔස්සේ ජිවිතේ දිනන්න මොකද ඕලෙවල් කියන්නේ කියන්නේ ජිවිතේ නෙමේ ජීවිතේදී හම්බුනු එක කඩඉමක් විතරයි ඒක පැනගන්න බැරි වුනාට ජිවිතේ නැතිවෙන්නේ නෑ


ඔබ මේ ඕලෙවල් අසමත් වීම පන්නරයක් කරගෙන ජිවිතේ හදාගන්න එහෙම කලොත් දවසක ඔබ කියාවි මගේ ජිවිතේ වටිනාම දේ තමා මන් ඕලෙවල් ෆේල් වුන එක කියලා..

Thursday, April 10, 2014

අපේ රැහේ අපේ වුන්..










අපේ රැහේ අපේ වුන් කියල කිවුවේ සැගියගේ ඉස්කෝලේ කාලේ දුකට සැපට ලෙඩට දුකට විතරක් නෙමේ හැම ගුස්පි වැඩකටම බෙල්ල ගහලා ගියත් ලඟින්ම හිටු එවුන් තමා.. තාමත් ඕලෙවල් කරන වගේ හිරිමල් යෞවන පෙනුමක් තිබ්බට මොකෝ අපි ඉස්ක්කොලෙන් අයින් වුනේ 2009 ඉතින් එදා ඉදන් 2014 වෙනකම් අවුරුදු 5ක් ගෙවිලා ගිහිලා.. බිග් මැච් එකට එහෙන් මෙහෙන් පාර්ටි වලදී මග තොටේදී කස්ටිය එහෙන් මෙහෙන් සෙට් වුනාට මොකෝ හැමෝටම එකපාර නිල වශයෙන් සෙට් වෙන්න බැරි වුනා.. මොකෝ සේරම එකතු කරගන්නවා කියන්නේ ලාහට ගෙම්බෝ එකතු කරගන්නවා වගේ තමා ඉතින් ඔන්න ඔය විදියට දවස් ගෙවිලා ගිහිල්ලා.
මලිතලා ජනියලා රබ්බලා කාවින්දලා නම් කියූ නොකියූ එකී මෙකි නොකී හුදී ජනී ජනයා සෙට් වෙලා අපේ බැච් පාර්ටි එක බක් මාසේ 5 සෙට් කරගත්තා. කිරිබත්ගොඩ සනාරා එකට කස්ටිය වැස්ස අස්සෙන් සෙට් වුනා..
තුන්වෙනි තට්ටුවේ තමා වැඩේ සිද්ද වෙනවා කිවුවේ ඉතින් කිරිබත්ගොඩින් සැගියායි ,මලියයි, චානයි, ආශානුයි, නිසලයයි ටයයි සෙට් වුන අපි රෝද තුනේ බෙන්ස් දෙකක නැගලා සනාරා එකේ ගාවින් බැහැගත්තා තුන්වෙනි තට්ටුවට නැගගත්තා.. නියමෙට සරසලා තිබුනත් අපි එක පාරට ඇතුලට ගියේ නෑ මොකෝ ඇතුලේ හිටියේ කෙල්ලෝ වගයක් අනික ඒ එකෙක්වත් අපිට දැකලා පුරුදු එවුන් නෙමේ.අපේ බැච් එකේ වුන් අපි දන්නවනේ .. “මන් හිතන්නේ අපිට වැරදුනා මේක නෙමේ වෙන්න ඇති” ඒ මලියා.. ඒත් එක්කම ඇතුලේ හිටපු කෙල්ලෝ බොහොම ලෙන්ගතු හිනාවක් පෑවා. කොච්චර ලෙන්ගතුද කියනවනම් දත් තිස්දෙක අස්සෙන් ගිරිය පේන තරම් වූ ඒ මදහසෙන්ම අපි අදුන ගත්ත මේ අපේ රැහේ හිටපු කැකුලියෝ තමා කියලා.. කොහොමහරි ඒ දවස් වලතිබ්බ කැහැටු ගති ගිහින් මුනේ වලවල් වැහෙන්න කපරාරු කරලා බෝකටු කොන්ඩ කෙලින් වෙලා කෙලින් තිබුණු කොන්ඩ බෝකටු වෙලා කෙට්ටු කෙල්ලෝ මහත් වෙලා මහත කෙල්ලෝ කෙට්ටු වෙලා කිවුවම මොකෝ මුන් දැන් ලස්සන වෙලා..(හිටියට වඩා)

ඉතින් කට්ටිය එහෙන් මෙහෙන් සෙට් වේවි සෙට් එක වැඩි වුනා.බැච් එකේම වුන් ප්‍රේමවන්තයෝ වන්තියෝ වෙලා තිබුණු සමහර ඒවා නැති වෙලා ඔය අතර සමහරු නෝනලා මහත්වරු වෙලා සමහරු හෙට අනිද්දා බන්දිනවලු තව සමහරු අම්මලා තාත්තලා වෙලා..ඒත් ඒ හැමමෝම දැනෙන්නේ එදා සුදු ඇඳුමේ හිටපු විදිහටම තමා..
එහෙන් මෙහෙන් පරණ කතා ඇහෙනවා.. එක කෙල්ලට ට්‍රයි කරලා ඉස්සර මරා ගත්ත වුන් එක වීදුරුවේ සවුදිය පුරනවා.. ඒ අතරේ ඒ කෙල්ල වෙනමම කොල්ලෙක් එක්ක පාර්ටි එකට එනවා.. දෙකට බෙදිලා ගහගත්තු පංති වල අපි එකට් සෙට් වෙලා නටනවා..
දැන් සමහරු ජොබ් කරනවා තව සමහරු තාම කැම්පස් (අපි වගේ) .. ඒ අස්සේ ආයෙත් පරණ මතක එලියට එනවා.. මතකද “සැගියෝ උබ ගුරු මෙසේ දෙකට බෙදලා ටේබල් ටෙනිස් ගහලා හොදටම ගුටි කෑවා “ .. “ඇයි බන් අපි පීරියඩ් එක කට් කරලා ක්‍රිකට් ගහලා එනකොට ගනේපොල සර් අපේ බෑග් අරන් ගිහින් ඔෆිස් එකේ දාලා ලොක් කරලා තිබ්බේ..අපි හොරෙන් පැනලා ගත්තේ.. පහුවදා උදේ ගුටි කෑවේ.” “ඇයි බන් ඉස්කෝලේ වැඩ වලට නයිට් අදිනකොට වතුවල කුරුම්බා තැඹිලි ඉවර කලේ.” යකෝ බලාගෙන ගියහම අපි කරලා නැත්තේ ඉගන ගන්න එකද??? නෑ නෑ අපි එකත් හොදට කරගෙන තිබ්බා කොහොම හරි ඉස්සර පෙන්නන්න බැරි වුනත් ගුටි කාපු සමහර ගුරුවරුන්ව දැන් මතක් කරන්නේ හරිම ආදරෙන්..
 
එදත් අදත් අපි හැමෝම ආදරේ කරපු ගුරුතුමියක් තමා විජේකෝන් ගුරුතුමී.. ඒ මලියලගේ අම්මා ඒ කාලේ ඉදන් අපෙ මානසිකත්වය තේරුම් ගත්තවගේම මලියටයි අපිටයි සැලකුවේ එකට විභාගේ ලියන්න කලින් මලියව වගේම අපිවත් ඉඹලා තමා විභාගෙට යැවුවේ.. ඉතින් රිසාල්ට් ආපුවහමත් අපි දුවලා ගියා කියන්න.. ඒ හින්දම තමා අපු හැමෝම මලියට කිවුවේ මතක් කරලා අම්මට කියපන් අපි ආදරෙන් මතක් කළා කියල .
ඉතින් මේ සේරම වෙන අතරේ අමිල මගේ කනට කරලා කියනවා “ආයෙත් ඉස්කෝලේ යන්න ඇත්නම් නේද බන් කියලා” මටත් ඒක  ඒ වෙලාවේම දැනුනා මන් දැකපු හැම මුණක්ම කියුවෙත් ඒ කතාවම තමයි..

එහෙනම් ආයෙත් සෙට් වෙමූ ....................