Friday, December 28, 2012

ළැම පමණක් ලොවට පෙන්වන ලඳුන්....



ළැම පමණක් ලොවට පෙන්වන ලඳුන්....

ඇත්තටම ෂැගියාට පහු ගිය කාලේ මුකුත් post කරන්න බැරිවුනා.එක හේතුවක් තමා හදිසි සැත්කමක් එහෙමත් කොලානේ එකයි..

කාලෙකින් ලියන දේ ටිකක් අමුතුයි වගේ තමා ටිකක් කියවලා බලන්නකො ෂැගියා කියන්න හදන කතාව මොකක්ද කියලා. මේ කතාව මෙසේයි ..

ගමේ පන්සලේ ලොකු පිංකමකි.පිංකමට සහභාගී වීමට බොහෝදෙනා පැමිණ සිටියෝය.මැදිවියේ පමණ පසු වුවද වයසට වාඩා ඉතා තරුණ පෙනුමක් ගත් කාන්තාවකි.මද වෙලාවකින් 

පන්සල් බදු ගෙන සිටින උපාසක අම්මලා (වචනයේ පරිසමාර්ථ අර්ථයෙන් එසේමදැයි ගැටලුවකි) අතර කසු කුසුවකි ඒ ඈ පිලිබඳවය.. ඈ ඇඳ සිටියේද ඉතා චාම් සංවර 

ඇඳුමකි.හැසිරිමෙහිද වුයේ ඉතා සංවර බවකි..මේ කාන්තාවන් ගසන්නට යන කාලාබරය කුමක්දැයි මට නොතේරේ ..

නමුත් මා පසුව කාරණාව සොයා ගතිමි..ඈ ද අමරසිරි පීරිස් මහතා ගායනා කල පරිදි ලඳකි ඒ මීට බොහෝ කාලයකට පෙරය.. 

කෙසේ හෝ වේවා දැන් ඇය මවකි සෙනෙහෙබර බිරිඳක් බවද පසුව දන ගතිමි ඉතින් මට කියන්නට ඕනා කරන්නේ මෙච්චරය.අංගුලිමාල මිනිසුන් 999 මැරුව  මුත් රහත් වුයේය. 

අම්බපාලි නගරශෝබනියද රහත් විය .. එසේ නම් කෙනෙකු වැරදි සාදා ගත් පසුත් දොස් නැගීම නිවට ක්‍රියාවක් බවය.. කෙනෙකු සොරෙකු මිනිමරුවකු හෝ ගණිකාවක වීමට සමාජයේ 

සෘජු බලපෑමක් පවතී.. වැරදි කරනවුන් යහමග යන කල ගරහන කෙනෙක් දුටු කල ඔහුගේ නිවට කම තේරුම ගන්න..

ජනාදර හිතාදර ෂැගියා ... 

Tuesday, October 30, 2012

බඩේ කොරය

පණුවෝ එලියට ගන්න හැටි කියපු ටින් ටින් කොල්ලෙකු පිළිබද අනුවේදනීය කතා පුවතක්.....

අනුරාධපුර දුම්රිය ස්ථානයෙන් කොළඹ බලා පිටත් වූ මනියාට සහ ෂැගියාට සිදුවූ බිහිසුණු අත්දැකීමකි ඇත්තටම ගිය ටිකේ පණුවෝ එලියට ගන්න මනියා සෑහෙන බිත්තර ප්‍රමානයක් අපිටත් හොරෙන්ම ගිල තිබුනා..කෙසේ හෝ දුම්රියට ගොඩ වූ මොහොතේ සිට මනියා සිටියේ හත් ඉලව්වට ගසන ලද කලාබරයක් මෙනි..ඔය ඇතුගල් පුරවරය (නාඩියාගේ ගම හැබැයි නාඩිය ඉන්නේ ඇතුගල් පුරවරයෙන් බොහොම ඈත ලඳු කැලෑ කටුපදුරු සහිත භුමි භාගයකය..ඒ ගැන ලගදීම කියන්නම්කො)පහු වෙනකොට ඔන්න මනියා දිග ඇරෙනවා ඇකිලෙනවා හරියට දිවි මකුළුවෙක් වගේ නයා වගේ පිබිනවා,අලියෙක වගේ කුන්චනාද කරනවා,සුපුරුදු හැදින උම්බෑ කියනවා එක අතකින් මට ලැජ්ජවෙත් බැ..

   කොහොම හරි මීරිගම වෙනකම් වත්තං කරන අපු ම්නියා මීරිගමදී වමනේ දෙම්ම කුකුල් පැටවූ 2යි එකත් ඉස්සරහ අන්කලයාගේ ඔඩොක්කුව පුරවලා..හදිස්සි තත්වය පිළබදව මනියලගේ ගෙදර දැනුවත් කර පසුව ටීක් ටීක් වත් දැනුවත් කරන ලදී.. කෙසේ හෝ ගම්පහින් ගොඩ බට අපිට තඩි වර්ෂාවක් බැට දුනි රෝද 3නෙ ගිලන්රතයට නැගුන අපි ගම්පහ මහා රෝහලට විදුලි වේගයට ටිකක් අඩුවෙන් ගියා..රෝද පුටුවේ දමාගෙන බෙරිහන් දෙමින් සිටි මනියව රෝහල ගත කළා එහෙං ටීක් ටීක් කෝල් කරනවා මෙහෙන් මනියලගේ ගෙදර අය අනිත් පැත්තෙන් මනියා බුරන්න පටන් ගන්නවා හු කියනවා හොන් ගහනවා එක විකාරයයි..මනියලගේ අම්ම තාත්ත සහ මාමා ක්ෂණිකව රෝහලට ආවා..

බඩේ කොරයට ප්‍රධාන හේතුව කටු පිටින් බිත්තර ගිලීම බව හෙළි වුනා..දෙන මනියා විරේක පෙති බීලා ගෙදර විවේකෙන් ඉන්නවලු ඔන්...ඒ නිසා ඔය මනියගේ ඇත බෙහෙත් කරන්න කලින් අනිත් අයත් අන්තිම කැමැත්ත වත ලියල ගියොත් හොදි නේද.....



ජනාදර හිතාදර ෂැගියා......   

Friday, October 26, 2012

හරි වැරැද්ද

කාලෙකින් නේද ????????
කාලෙකින් වුනත් ෂැගියට අයෙත් කියන්න දේවල් ගොඩක් තියනවා ඔය නාඩියලගේ පිරිත් ගේකට ගිහින්  වුනු ඇබැද්දි ගොඩක් තියනවා කියන්න නම් හැබැයි මේ කියන්න යන්නේ ෂැගියට නිකන් කන්පනාවට ආපු දෙයක් ගැන...
ඒ වගේම ගොඩ දෙනෙක් හොයාගන්න තෝරාගන්න බැරිව ඉන්න දෙයක් තමා හරි වැරැද්ද කියන දේ මේ කියන්න හදන්නේ මේ ගැන තියන ෂැගියගේ චින්තනය .....
ඇත්තටම ෂැගියා හිතන්නේ මෙහෙමයි කාටවත් දුකක් හිතෙන්නේ කරදරයක් වෙන්නේ නැත්නම් කවුරු කොහොම කිවුවත් ඒ වැඩේ ඇති වැරද්දක් නෑ....
හැබැයි කෙනෙක්ට වරදක් වෙන සිතක් රිදෙන පොඩි හිනාවක් වුනත් අන්න එකනම් වැරදි....
මේ කියුවේ ෂැගියා දකින විදිහ විතරයි ....
ගොඩක් දේ නොලිය මේ ගැන හිතන්න ඉඩ අරින්න ෂැගියා හිතුවා.....


ජනාදර හිතාදර ෂැගියා ..

Wednesday, October 3, 2012

ඔබට සුබ උපන්දීනයක් වේවා !!!!



පසු ගිය දෙවැනිදා (ඔක්තෝබර් 2) ෂැගියගේ පාසලේ 74 වැනි සංවත්සරය අභිමානවත්ව සැමරුවා.. 1938 ඔක්තෝබර් 2 දා කැලණිය විද්‍යාලංකාර පිරිවනින් පුජ්‍ය ධර්මාරාම මහා නායක හාමුදුරුවන්ගේ මුලිකත්වයෙන් තමා මේ පාසල ආරම්භභවුනේ..විද්‍යාලංකාර පිරිවෙනෙහි නිර්මාතෘ පුජ්‍ය රත්මලානේ ධර්මාලෝක  හිමියන්ට ගෞරවකරනු වස් ෂැගියාගේ පාසලට ධර්මාලෝක විද්‍යාලය ලෙස නම් කරන ලදී..බෞද්ධයන්ට ඉංග්‍රීසි අධ්‍යාපනය ලබා දීම මුලික අරමුණ විය. පසුව විද්‍යාලංකාර භුමියේ ඉඩ කඩ මදි වීම නිසා හෙලේනා විජයවර්ධන මහත්මියගේ ඉඩම් පරිත්‍යාගයෙන් වර්තමාන ස්ථානයේ විදුහල් මාතාව ස්ථාපිත විය.වර්තමානයේ රටේම දිදුලන ජාතික පාසලක්‌  වන කැලණිය ධර්මාලෝක විද්‍යාලය රටට අතිමහත් සුජාත දරු කැලක් දායාද කොට ඇත.(ෂැගියා ඇතුළුව)..
ධම්ලෝ මවුනි ,ඔබට සුබ උපන්දීනයක් වේවා !!!!

                                         සදා දිනේ ඔබේ ශ්‍රී නාමේ  

Saturday, September 15, 2012

ෂැගියාට මොකද වුනේ


ෂැගියාට මොකද වුනේ ??????????????????

Wednesday, August 15, 2012

ෂැගියාගේ රෝහල් සවාරිය............


ෂැගියාගේ රෝහල් සවාරිය............

ගිය ටිකේ ෂැගියා සද්ද බද්ද නැත්තෙ මොකද කියලා කසටිය හෙවුවා කියලා අරංචි වුනා..ෂැගියා පොඩ්ඩක් රෝහල් සවාරියක් ගියා හුඟ කාලෙකින් කොහෙවත් යන්න බැරිවුන නිසාම දවස් 2trip එකක් තමා ගියේ..
කතාව මෙසේයි
ඔන්න සෙනසුරාදා පොඩි මොඩ්ලින් වැඩක් සෙට් වුනා ෂැගියට මොනා වුනත් ෂැගියා හැන්ඩියා කියල කවුරුත් කියනවනේ... ඉතින් ආන්න එතනදි එක එක ජාති මූනේ ගෑවා පස්සේ එක එක විදියට ෆොටො අරන් ෂැගියා ආවා පොඩි මූන කැසිල්ලක් ෂැගියට අවා.. එච්චර ගනන් ගත්තේ නෑ.. පහුවදා ඉරිදා උදේම පලු 2ක් විතර ලස්සන ෂැගියාගේ මූනේ තිබ්බා.. කලිනුත් ඇල්ජි අවිත් පලු දාපු රඟේ ෂැගියාට මතක් වුනා.. එත් ෂැගියා පොඩි ගමනක් යන ගමන් හිටියේ මොකද ඔය නාඩියල මනියල සහ ෂැගියල සෙට් වෙලා පොඩි බිස්නස් ව්‍යාපාරයක් කරනවා අන්න ඒකෙ වැඩක් සෙට් කර ගන්න තමා ගියේ.. කොකටත් කියල බෙත් අරගෙන බීලාගියාට මොකද ගෙදර අවා විතරයි අම්මා අහනවා ඔය පුතා කාවහම්බෙන්නද අවේ කියලා හත් ඉලව්වට ගහපු කලාබරේ කිවුවලු මන් කැඩපත ගාවට ගිහින් කැඩපතෙන් සීන් එක දැන ගත්තා මන් චීන ජාතිකයෙක් බවට පත්වෙලා මුලු මූණම ඉදිමිලා ඇස් හීනි වෙලා මටත් මාව අදුරගන්න ටිකක් වෙලා ගියා..
හදිස්සි අවස්තාවක් ප්‍රකාශයට පත් කරලා ෂැගියාව ලඟම තියන රෝහලට ගෙනියන්න තීර්ණය කලා..රෝහලට යන විටත් ග්‍රාමීය මාධ්‍ය අංශ වල ප්‍රශ්න කිරීම් කිහිපයකටම උත්තර දෙන්න මට සිද්ද වුනා කොමහරි රෝහලට ගියා ෂැගියාව E.T.U.  එකට දැම්මා ලස්සන නර්ස්ලා 2ක් සහ දොස්තර නෝනා කෙනෙක් දැන් ෂැගියාගෙ වටේ ඉදන් අහනව මස් කෑවද?ඉස්සො කෑවද?දැල්ලො කෑවද?....ප්‍රශ්න ගොඩයි මන් කියුවා ඔව් ඔය සෙරම මන් කාලතියනවා හැබැයි කවදාවත් ඔවට ඇල්ජි වෙලා නෑ කියලා..ඇයි කවුරුත් දන්නවනේ ෂැගියාට කිසි කෑමක් ඇලජි නෑ කියලා..වහාම ක්‍රියාත්මක වූ රොහල් නිලධාරීන් එන්නත් 4ක් දුන්නා හැබැයි ඒවා මට විදින්න කලින් මන් ඉල්ලගෙන කල් ඉකුත්වීමේ දිනය කෙස් ගස් මකුනො ඒම ඉන්නවද බැලුවා සුවර් නෑනෙ මචන්ලා විජාතික බලවේයකින් මේවා වෙනස් වෙලා තිබ්බොත් එහෙම..කොමහරි සෙලයින් එහෙමත් දීලා..දවස් 2ක් රෝහලේ ඉඳලා තමා එන්න වුනේ..ඔය අතර විවිද රට වල රාජ්‍ය නායකයො කිහිප දෙනෙක්ම නිරෝගී සුවය ප්‍රාර්තනා කලා.. මාධ්‍ය වේදීන්ට දින පතා තත්වය රෝහල් බලධාරීන් ලබා දුන් බව පසුව දැන ගත්තා..විවිධ මඩ ප්‍රචාර රැසක් ග්‍රාමීය ජනතාව අතරට ගොස් තිබුනත් පසුව සියල්ල නිවැරදි කලා..දැන් තත්වය සාමාන්‍යයි..ෂැගියා අයෙත් වැඩ පටාන් ගන්නවා.. කියන්න දේවල් ගොඩාක් තියනවා......ඒවා ඉස්සරහට ...

ජනාදර හිතාදර ෂැගියා..

Sunday, July 29, 2012

අධ්‍යාපන හත් ඉලව්වට ගසන ලද කාලාබරය.....


අධ්‍යාපන හත් ඉලව්වට ගසන ලද කාලාබරය.....



මෙතෙක් කල් සිරි ලක් වාසීන් මොනවා නැතත් ආයතන 2ක් පිලිබඳ විශ්වාසය තබන ලදි ඒ ආයතන 2ක වූයේ විභාග දෙපාර්තුමේන්තුව හා යුක්තිය පසිඳලන උසාවියයි...දැන් අසිරිමත් සිරි ලක් වාසීන්ට ඇත්තේ උසාවියේ විශ්වාසය පමනි එසේ වූයේ මෑතක දී විභාග සියල්ල අභාග වෙමින් පැවතීමයි..මෙය අද ඊයෙක සිදු වූවක් නොව නිය පොත්තෙන් කෑඩීමට තිබූ දෙය පොරවෙන් කැපීමටත් බැරි තරමට ලොකු වනතුරු සිදු කරන ලද අනුන් පිට වරද පැටවීම නම් අසික්කිත ක්‍රියා වලියේ අනිටු ප්‍රතිඵලයකි...කුම්බලා මාලු කෑවානම් විඳවාපන් කියුවා සේ විඳවීමට දැන් සිදු වී ඇත....හැබැයි මතක තියා ගත යුතු කාරණාව නම් අධ්‍යාපනය වෙනුවෙන් සිරි ලංකාවේ ඇමතිවරු අම්බානක් සිටින බවය..අධ්‍යාපන ඇමති උසස් අධ්‍යාපන ඇමති නියොජ්‍ය ඇමතිලා වැඩක් නැති ජ්‍යෙෂ්ට ඇමතිලා පමනක් නොව පලාත් වලට වෙන වෙනමද අධ්‍යාපන ඇමතිලා සිටින රටක මෙසේ සිදුවීම ආශ්චර්යයක්මය....

ෂැගියා කියුවා සේ මෙය පටාන් ගත්තේ අද ඊයේක නොවේ මුලින්ම වාර විභාග වල ප්‍රශ්න පත්තර හුටපට මතු විය එනම් ලෝක සිතියම් මාරු කිරීමේ සිට කුනුහරුප ඒවීම දක්වා වූ ක්‍රියාවලියකට මුල පිරුනි අධ්‍යාපන ඇමති මේවා පළාත් අධ්‍යාපන ඇමති වරු වෙත පටවද්දී ඔවුන් ඒවා කලාප අධ්‍යාපන අධ්‍යක්ෂක වෙත පැවරූහ...කෙසේ හෝ පුරස්න කාලයාගේ ඇවෑමෙන් යටපත් වී ගියේය...අ.පො.ස. සා.පෙළ ගැටලු මතු විනි ඒවා විභාග කොමසාරිස්ගේ ඇඟේ ගැසීමට අපේ ඇමතියෝ දක්සයෝ වූහ..මේ විනාසය බලා නොසිටි සරසවි සිසූහු පාරට බැස්සේය ඔවුන්ට සුපුරුදු කදුලු ගෑස් සහ බැටන් පොලු මෙන්ම අමතර අධිපීඩන ජල ප්‍රහාර සන්ග්‍රහයක් දීමට අපේ ලොක්කො පසු බට නොවිනි...

මේවාද අමතකවී අපි අයිෆා එකේ නලු නිලියන් පසු පස ගොස් කෝටි ගනන් අතින් කයිට් කර ගතිමු... අහා ආශ්චර්‍යකි..පලමු වසරට ලමයි දමා ගැනීමට නිසි පිලිවෙලක් සකස් කර දීමට මෙතරම් ඇමති වරුන් සිටියද නොහැකි විය යාන්තම් ශ්‍රෙෂ්ටාධිකරණය එය සකස් කර දුනි..ඇමතියෝ තාමත් කඹ අදිමින් සිටිති....

හොඳම නාඩගම නටන්නට ගත්තේ ඊයේ පෙරේදා සිටය සරසවි ප්‍රවේශය ලබා දෙන අ.පො.ස. උ.පෙළ විභාගයට කෙලවා ඇත...පලමු ප්‍රතිඵලය නිකුත් විනි එහි ගණිත අංශයේ සිසුන්ට කලා ප්‍රතිපල ලැබුනි කලා කරන ලද ඇත්මෙක්ට වෛද්‍ය විද්‍යාලයට යාමේ වරම් ලැබී තිබුනි Z අගය අඩු එකා දිස්ත්‍රික් ප්‍රතමයාය වැඩි එකා අන්තිමයාය අහා අශ්චර්‍යයක්මය....නැවත සකස්කොට ප්‍රතිඵල නිකුත් විය දැන් දිස්ත්‍රික් ප්‍රථමයාව party දැමීමට සූදානම් වූවන්ට සමාජයට මුහුනු දිය නොහැකි විය..ඔවුන් අන්තිමයා වී තිබුනි..Z අගය හදුන්වා දුන් මහාචාර්ය වරයා මෙවර සූත්‍රයේ වරදක් ඇති බව පැවසීය නමුත් සිදු වූයේ සුපුරුදු දේමය රජයේ මාධ්‍ය හරහා ඔහුට නොසෑහෙන්න අවමන් කෙරුනි..මේ පිලිබ්ඳ සරසවි සිසුන් කතා කරන්නට පටන් ගත්තේ එවිටය සරසවි සිසුන් ජෙප්පන් යැයි හන්වඩු ගසමින් මිනීමරු කාමුක මානසික අසහනයකින් පෙලෙන නවක වදය දෙන පිරිසක් බව කුඩා සිදුවීම් කිහිපයක් හුවා දක්වමින් පෙන්වීය....

කෙසේ හෝ අවසානයේ මෙයටත් අධිකරණය මැදිහත් වූයේ අපේ ආඩම්බර කාර පියාගේ කමිටුවත් පුස්සක් වූ තැනය කෙසෙ හො සාධාරන තීන්දුවක් අධිකරණය ලබා දුනි කඹ අදින ඇමතිලා කල වැඩෙන් යුක්තිය මතු වීමට කල් ගොසිනි නව ප්‍රතිඵලය අනුව බොහො දෙනකුගේ සරසවි සිහිනය බොඳ විය..දැන් ඇත්තෙ විභාගයට සතියකි නමුත් ඇමති කියන්නේ fax මගින් විභාග ප්‍රවෙශ පත්‍ර දෙන බවය නමුත් අවුරුදු 2ක් පාඩම් කරලත් ලක්ශ 3ක් පමන අසමත් වන විභාගය සතියෙන් ලියන්නට කිවීමද ආශ්චර්‍යයක්මය...ගොන් ඇමතිලා සිත්න්නෙ එයත් හොර චන්ද දමා චන්දයක් දිනන එකක් මෙන් පහසුයි කියාය...

මේ අතර පුතා ප්‍රමුක පිරිසක් පියා හමු වී සාධරනය කරන්නැයි ඉල්ලීය සමත් සිල්යලු දෙනා ගන්න ඔහු නියොග කලේය නයිටීන් එක මෙය ලොකුවට වාර්තා කොලෙය බොලවු සරසවියට පිරිස වැඩි වනවාට ෂැගියාත් කැමතිය මන්ද A/L සමත් වීම සරසවි ප්‍රවෙශයට හොදටම ප්‍රමානවත් බව සරසවි ප්‍රවෙශ පොතේම දක්වා ඇති නිසාය නමුත් දැන් සිටිනා පිරිසටත් ඉන්නට ඉඩවත් පරීක්ශන පහසුකම්වත් සරසවි වල නැත..ඉතින් තවත් පිරිසක් ගැනීමද ආශ්චර්‍යයකි...

ඇතැම් සරසවි වලට කොලඹ සුපිරි පාසලක තරම් පහසු කම් වත් නැත එසේ තිබියදී පෞද්ගලික සරසවි ඇතිකලොත් කුමක් සිදු වෙද....මේ සියලු දේ ගැන සිතා සරසවි ඇදුරො වර්ජනයකය එයටද තවම පිලිතුරක් නැත.....

දැන් මෙය විසදීම පහසු නොවේ නමුත් කෙසේ හො විසදා ගත යුතුය...මේවා ගැන කියූ ෂැගියාට සුදු වෑන් රථයක රවුමක් යෑමට සිදු වේද නොදනිමි එහෙත් මෙවා නොකියා බැරිය...

ජනාදර හිතාදර ෂැගියා...
 කස්ටිය  blog එකට like දාමු......  

Sunday, July 22, 2012

Journey to the Mysterious Island නොහොත් මනියාගේ වාසභවනට යාම...


Journey to the Mysterious Island නොහොත් මනියාගේ වාසභවනට යාම...



 මේ කතාවට මූලික පදනම සිනෑකොළරයේ ජීවත් වන බව කියූ ටින් ටින් කොල්ලාගේ ගෙදර බලා ගමන් කිරිමයි.. කතාව අවසානයේ ඔබම තීරනය කරන්න ඔහු කොහේ සිටින්නේද කියා....

මනියාගේ නිවස බලා යාමට මම ඒ කියන්නෙ ඔබේ ආදරණීය ෂැගියා සහ ගරිසන් තමා පිටත් වුනේ කඩවතින් ගරිසන්ගේ දඩුමොණරයට මා ගොඩවැදුනේ දන්නා සියලු දෙවියන්නට කන්නලව් කිරීමෙන් පසුවයි මොකද ගරිසන්ව එතරම් විශ්වාස නිසා ඔන්න පටාන් ගත්ත ගමන පටන් ගද්දිම සයිලන්සරය බිම ඔය විදිහට විවිද කොටස් මඟ දෙපස හලමින් ගියේ දඩුමොණරයේ අඩු පාඩුවක් නිස නොව නැවත පාර සොයා ගැනීමට බව ගරිසන් මට පස්සෙ කියුවා.. මට එතකොට තමා මුගේ මොලේ තරම වැහුනේ මන්ද අපි එක එක්කේනාගේ මොලය ඇත්තේ එක එක තැන් වලය දැන් ඔය නාඩියාට ඇඟ පුරාම මොලය ඇත එම නිසා නාඩි දැමීමේ හැකියාවක් පවතී..මගෙ නම් එය හිස් ගෙඩිය තුල පවතී..මනියා නම් ඉඳ ගන්නා විට මොළය තැලෙන බව පවසයි..ගරිසන්ගේ මොලය තිබී ඇත්තෙ පෙකනියේය ඉපදී සතියෙන් පෙකනිය හැලෙයි එදා පටන් මිනිහාට මොලෙ නැත...
අපිට මනියා උපදෙස් දුන්නෙ බැලුම් මහරින් හැරී එන ලෙසය බැලුම් මහර කීවාට එහි ඇති බැලුමක් නැත ඇත්තේ අන්නාසි පමණි..කෙසේ හෝ අපි දැන් සියනෑකොළරයේ සිට සෑහෙන දුරක් පැමින ඇත දැන් අප දෙදෙනා පිවිස ඇත්තේ ජන ශුන්‍ය පෙදෙසකටය උස් වූ කදු පංති වෙල් යායවල් හේන් පසු වෙමින් පවතී අපි සියනෑ කොළරයේ නොවන බවට දැන් නම් අපිට පසක් වී හමාරය යාන්තම් මිනිසකු වැනි යමක් දුටුවෙන් එ වෙත ලන් වූ අපි දෙදෙනා අංකල් අර මනියලෑ ගේ කොහෙදැයි ඇසුවෙමු..."මනියා කවුද ඒ මේ පුතාලා මට බැලුම්මහරට යන්න පාර කියනවද?" හත් ඉලව්වට ගහපු කලාබරේ කියපි අංකලුත් අතරමන් වෙච්ච් පොරක් ගරිසන් බැලුම්මහරට යන පාර කියුවේ මෙසේයි "අංකල් පෙනවද අර වීල් කෑලි වොශර් කෑලි සයිලන්සර් කෑලි එහෙම අංකල් එවා දිගෙ යන්න "
අපිට ස්තූති කල අංකල් යන්නට විය විටින් විට තනි අලියාගේ කුන්චනාදයත් වන වලසුන්ගේ ගොරනාඩුවත් අපි දෙදෙනාව සලිත කරවන සුලු විය..තවත් කොලුවකු අපිට හමුවිය ඔහු කීවේ ඔය ලියදි හතර පහු කරලා කාගෙන් හො අසන්නට කියායි..ලියදි හතරට හූවක දුරක් ඇති බව පැවසීය..පැයක් පමන් ගත්වින හූ හත අටක් ආවෙමු..හමුවූ කිසිවක් නැත..මා ගරිසන්ගෙන් බැරිම තැන ඇසුවේ මෙහෙ උන් හූ කියන්නේ කටින්ද කියාය ස්කුබි විස්කොතුවක් තියා වතුර පොදක් නැතිව ගමනේ යෙදුන අපි යාන්තම් පැය 5ක් පමන ගතකර මනියා සොය ගතිමු...මනියා සමඟ දොඩමලු වූ අපිට මොනවා නැතත් හොඳ සංග්‍රහයක් නම් ලැබුනි...පැය දෙකක් පමන එහි සිට දැන් පාර දන්නා නිසා හවස් වී යන්නට සිතුනද මනියා කීවේ රෑ වන්විට තනි අලියා පාරට එන බවය අපි ඔය බය නොහදුනමු අලි මන්තර මා දනී නමුත් මෙහෙ අලින් මා මන්ත්‍ර දන්නා බව නොදනී එම නිස අපි එහෙන් හැකි ඉක්මනින්ම පිටත් වුනෙමු......
 

ජනාදර හිතාදර ෂැගියා

Saturday, July 21, 2012

නින්ද


නින්ද


දූලි පහර කමින්

තද හිරු රැසින්පහර කමින්නිදයි

දුගී සිඟන්නෙක්........

මහා ලොකුරජ ගෙයක

සුපිරි ඇඳක් මත

නිදි නැතිව පෙතිබොනවා 

රජ කෙනෙක්.......



ජනාදර හිතාදර ෂැගියා

Wednesday, July 11, 2012

ආදරය......



ආදරය......
ඉස්සෙල්ලාම ෂැගියට සුබ පතපු දිරිගන්වපු හැමෝටම ස්තූති වේවා!!!.....
ඔන්න ඉතින්  ෂැගියා හා හා පුරා කියලා කියන්න හිතුවේ ආදරය ගැන....
ඇත්තටම ආදරය කියන්නෙ ලෝකේ හුඟක් දාර්ශනික අදහස් පල වුන අකුරු හතරක වචනයක් තමා..හැබෙයි අද වෙනකම්ම හැමොම මොහොතක් හරි වින්ඳනය කරපු මේ සුන්දර අත්දැකීම විස්තර කරීම් බොහොමයක්ම අසාර්ථක ප්‍රයත්න වෙලා තියනවා.. 
ඒ නිසා ආදරය විග්‍රහා කරන අසාර්ථක ප්‍රයත්නයත්   ෂැගියා දරන්නෙ නෑ..මොකොද   ෂැගියා ඉල්ලන් කන්න කැමතිම නෑ....
ඇත්තටම ඇයි කාටවත් ආදරය හරියටම විග්‍රහ කරගන්න බැරි වුනෙ..අන්න ඒකටනම් සාධරණ හෙතුවක්  ෂැගියට හම්බුනා ආදරය කියන්නේ අපේ හිතට දැනෙන හරි ප්‍රබල හැඟීමක් කියල කවුරුත් පිලිගන්නවනෙ නේද?
ඉතින් තවදෙයක් තියනව කියන්න ඒ තමා අපිට දැනෙන හැමදේම කියාගන්න බැරි වීම..
මතක් කරල බලන්න ජිවිතේ අපිට කියාගන්න බැරි වුන ඒත් අපේ හිතට තදින් දැනුන දෙවල් කොච්චර නම් තියනවද? ෂැගියට නම් අම්බානක තියනවා...නිකමට හිතුවොත් සමහර කැක්කුම් තියනවනේ දොස්තරට කියාගන්න තෙරෙන්නේ නැති..මේක දැන් මතක් නොකොලොත් ෂැගියාගේ තත්වෙට හොඳ මදි ඒ තමා සමහර කෑම බීම වල රස කියාගන්නත් අපිට බෑනේ ඔන්න ෂැගියා පොඩි පුරස්නයක් අහනවා...
සීනි මොන රහද?
ඔය ප්‍රශ්නේ අහපු ගමන් හැමෝම ඔහොම තමා ෂැගියට නෝන්ඩි හිනාවක් දාලා කියනවා බොල මෝඩ ෂැගියෝ සීනි පැණි රසයි කියලා...කවදත් මුව අග රැදුනු අහිංසක හසරැල් මතු කරමින් පිළිතුරු දුන් කෙනා පිස්සු බම්ප් කරවන දෙවන පැනය ෂැගියා අහන්නෙ එතකොටම තමා ඒ ප්‍රශ්නෙ තමා..
එහෙනම් බොල පැණි මොන රසද කියලා? දීපල්ලකො උත්තර....
අපිට කියාගන්න බැරි උනාට අපි ඔය රස දෙකේ වෙනස හොදට දන්නවා... ආදරයත් ඔන්න ඔය වගේ අපිට කියාගන්න බෑ ඒත් විදින්න පුලුවන් ඉතින් විදින්න පුලුවන් මේ දිව්‍යමය හැඟීම කවදාවත් විඳවන්න එපා...
ඉපදෙන්න ඉන්න මවු කුසක ඉන්න කළලයේ ඉදන් සොහොන් කොත දක්වා වූ පරාසය තුල විවිද විදිහේ ආදරයන් අපිට හම්බවෙනවා වගෙම නැති වෙලා යනවා ඒක තමා ජිවිතේ කියන්නෙ ඔය අතරේ කාට කාටත් තමන්ගෙ ප්‍රථම ආදරය අමතක කරන්න බැරි ඇයි කියලා ෂැගියාගෙන් ගොඩක් අය ඇහුවා ඒ අයට තමා මේ ටික කියන්න හිතුවේ පලමු ආදරය කියන්නේ ජිවිතේ අපිට විඳලා ඉවර කරන්න බැරි වුන අත්දැකීමක් ඉතින් මිනිස් සිතට ඒක කුතුහලයක් මිනිස් සිත් කියන්නෙ කුතුහලය පසුපස යන්න කැමති දෙයක් අන්න ඒ නිසා තමා අපිට ප්‍රථම පෙම ඔච්චරම මතක් වෙන්නේ......

ඒ වගේම ගාථාවකින් තමා ෂැගියා නවතින්නේ(ෂැගියා බණ කියනවා නෙමේ ඒත් මේ බණ නොකියත් බෑ)

පෙමතො ජායතී සොකෝ - පෙමතො ජායතී බයං
පෙමතො විප්පමුත්තස්ස -නත්ථි සොකො කුතො බයං

ප්‍රේමය නිසා දුක,බය හට ගනී.ප්‍රේමයෙන් මිදුනු තැනැත්තාට දුකක් හෝ බයක් නැත...

 ජනාදර හිතාදර ෂැගියා......

Tuesday, July 10, 2012

ෂැගියට නම හැදුන හැටි



ෂැගියට නම හැදුන හැටි .......

ෂැගියට මේ නම හැදුනෙ  ෂැගියා ඉස්කොලේ යන කාලේ තමා කාටත් වගෙම  ෂැගියටත් ඉස්කොලෙ ජිවිතේ එහෙමත් නැත්නම් පාසල් ජීවිතේ කියන්නෙ හරිම සුන්දර කාලයක්..
ඒ කාලේ  ෂැගියගේ ඔර්ලොසුව (වෙලාව) එහෙම හරිම හොදයි හරිම සුන්දර කාලයක් කාට උනත් එහෙම තමා  ෂැගියා ඉස්කොලෙන් අයින් වෙල තාම එච්චර කාලයක් නෑ.... ෂැගියව දැක්කාම සමහරු තාමත් හිතන්නෙ සා.පෙ. හරි උ.පෙ. හරි කරනව කියලා.ඉස්කොලේ යන කාලේ තමා ෂැගියට මේ නම හැදුනෙත් ඔන්න ඒකට හේතුව තමා ෂැගියා මඳ ආහාරයක් ගත්තද හල්ක්ට නොදෙවිනි දේහධාරී ශරීරයක් පිහිටීමයි....මේ දවස් වල  ෂැගියා තම සිරුර නැවත පුනුරුත්තාපනය කර නඟා සිටු විමේ වැඩ පිලිවලක් ක්‍රමවත්ව අරඹලයි තියෙන්නේ...
අද ඉඳන්  ෂැගියා ගොඩක් දේ කියන්න පටා...න් ගන්නවා..
ඉතින්  ෂැගියා හිතන්නෙ ජිවිතේ ජයගන්න ඔනි පොඩි ළමයෙක් වගෙ හිතල කියල....
ඇයි ෂැගියා මෙහෙම කියන්නෙ දන්නවද? ඒ කරණා 3ක් නිසා...
1) පොඩි අය හැමතිස්සෙම ක්‍රියාශීලීයි..
2) පොඩි දෙයකින් උනත් සතුටු වෙනවා (අපි උඩ පැන්නත් පොඩි උන්ට ඒ ඇතිනෙ හිනා වෙන්න)
3) දෙයක් ඔනි උනාම තාමාගෙ උපරිම බලය යොදලා ඒක ලබා ගන්නවා(හිතන්න මොනහරි සෙල්ලම් බඩුවක් ඔනි නම් පොඩි උන් බිම පෙරලිලා අඬලා ඒක ගන්නවමනෙ)
ඉතින් ජිවිතෙ දිනන්න ඔය ටික තිබ්බම මදිද......
හත් ඉලව්වට ගහපු කලාබර වගෙ ඉන්නේ නැතිව අලුත් විදියට ජිවිතේ දකින්න බලමු...
එහෙනම්  ෂැගියා වැඩ පටා...න් ගත්ත කියලා පලවෙනි වෙඩිමුරෙ තිබ්බා මේ වෙඩි මුරේ ඔය සමහර දෙශපලන පක්ෂ අවුරුදු ගානක් තිස්සෙ ඉදන් තියනවා වගෙ පුස් එකක් නෙමේ....