මතකද තරු කඩා වැටුණු රැය
අපිව හැඳින ටික දිනකින් අපි හමු වුනු රැය
පළමු වරට නුබ මා ළඟ හිඳගත් ඒ රැය
නොකීව බස් නෙතින් නෙතට තෙපලමින් සිටිය රැය
මතකද පන්සිළුගේ වීණා හඬ අසමින් සිටි රැය
දහසක් මැද අපි තනියම තනිවූ මහ රැය
හඳ එලියට වඩා අපේ සිත් එලි වුනු රැය
නොකීව බස් සිතින් සිතට තෙපලමින් සිටිය රැය
මතකද කඩා වැටෙන තරු දෙකකට පැතුම් දුන්නු රැය
අහසේ ඉන්න බැරුව වැටුන තරු දෙකකට අපි රැවටුණු රැය
කඩා වැටුණු තරුව වගේ අමතක වුනු රැය
සැමට හොරෙන් ඔබත් මාත් නිතර යනෙන රැය
කිසිදා මතක නොවන රැය
ReplyDeleteමතකයට හොරෙන් අමතක කල රැය
Deleteසඳ හොරෙන් හොරෙන් හොරෙන් බලා
ReplyDeleteවලා රොදක සැඟවිලා
අපේ මියුරු පෙම්කතා
අසා සිටිනවා..
කඳුළු බිඳු ගලා සඳේ
තුරුලතා පුරා
සියොළඟ ම සැලේ මගේ
නොහිම් හීතලේ
ඔබේ නෙත යදී
මහත් වියරුවෙන්
කියඹුවැල් ලිහී ඔබේ
මාරුතේ හැපී
කොපුල් තල ගැටී මගේ
සිතුම් සසලවයි
නිවාලන්න මා
ඔබේ සිහිලසින්
පද රචනය - කුලරත්න ආරියවංශ
සංගීතය - ප්‍රේමසිරි කේමදාස
ගායනය - පණ්ඩිත් අමරදේව
හ්ම්ම් ඔය වගේම පෙම් කතාවක් අමතක වෙලා ගිය එකක්
Deleteනැත්නම් නැත්නම්.. අමතක වෙන්නනම් බෑ කොහොමත්... හැබැයි ඔය හැමට හොරෙන් කිව්වට අපිට හොරෙන් නම් බෑ පුතේ... :D
ReplyDeleteහරියටම එදා නාඩියාව මට මාට්ටු වුනා වගේ නේද? හැක් හැක්
Deleteඑල ද බ්‍රා..
ReplyDeleteඅතිතය සිහිනයක්ම පමනයි...
හ්ම්ම් ඉඳහිට අතීතයට ගිහින් එනකොට පොඩි ලල් එකතුත් තියනවා
Deleteමේ රැය ගෙවෙන්නේ shagiyo...... කැරෝකේ එකකද....? නැත්නම්, දේවදාස් එකේ තියන අර කියන... මඩමකද.......?
ReplyDeleteගැලපීම මරු.....
හ්ම්ම්ම් ඒ වගේ තැනක් වුනත් වෙන්න පුළුවන්
Deleteහැබැයි මතකේ විදිහට නම් එළිමහන් රංග පීටයක
හහ් හහ්...
ReplyDeleteඅමතක නැති සොඳුරු රැයක්..
ජ ය වේ වා !!!
කොහොම අමතක කරන්නද විදානේ
Deleteසරසවියේ මතක බිංදු වගේ....
ReplyDeleteහ්ම්ම්ම් හ්ම්ම්ම්
Deleteමතකද අමතක කරන්න හැදුවට
ReplyDeleteඅමතකම නොවෙන රැය...
නුඹත් එක්ක තුරුලු වෙලා
පෙම් ගගුලක කිමිදුණ රැය...
අපූරුයි ෂසගි ජයවේවා
තැන්කු වේවා!!!!
Deleteමොන තරුවක්ද?? චිරි චිරි...
ReplyDeleteහ්ම්ම් මන්දා....
Deleteකිසිදා නින්දක් නොලබත් නිදි සුව දැනුනු රැය :D
ReplyDeleteසීතල පිනි වැටෙද්දීත් උනුසුම් සුව විඳපු රැය :D
දැන් දැන් නින්ද නොයමින් මතක් වන රැය
Deleteමතකෙට එනවිට උණුසුම මකමින් මුළු ඇඟ සීතල වන රැය
ලස්සනයි ෂැගියා.....
ReplyDeleteහරි කලාත්මකව හිතලා ඒවා පද බවට පෙරළලා... උත්සහය සාර්ථකයි... දිගට ම කවි ම ලියමුකෝ........
හිතෙනවද ලියන කවි හොඳයි කියලා. මාත් ආසයි කවි ලියන්න ඒත් මන් හිතන්නේ නෑ මට ලොකු හැකියාවක් ඒකට තියනවා කියලා.. බලමු එහෙනම් කුරුටු ගෑ ගී පවුරෙ ඇරයුමින් ලියන්න උත්සහ කරන්නම් කවි නිතරම ;)
Deleteමතක නෑනේ..............!
ReplyDeleteසුපිරි හොඳේ ෂැගියා අයියේ...
මතකයි එකනේ බන් නිතර ඇයත් මමත් හොරෙන් හිතින් ගිහන් එන්නේ
Deleteතැන්කු වේවා!!
:) මතකයි මතකයි
ReplyDeleteලස්සන පද පෙලක් ... අදයි මේ පැත්තට ගොඩවුනේ දිගටම එන්නම්කෝ...
සතුටින් පිලි ගන්නවා එන්න දිගටම :)
ReplyDeleteඅපූරුයි ෂැගියො!
ReplyDeleteතැන්කු වේවා!!!!!
Delete