Friday, August 12, 2016

හිතේ ඇත නුඹ තවම





සින්තටික් හීන ලෝක වල
මේකප් තැවරු මුහුණු වල
ආර්ටිෆිෂල් නියපොතු වල
ආලේපිත වර්ණ වල
ස්ට්‍රේට් කෙස් කළඹ වල
පොෂ් පහේ ඇඹරෙන වදන් වල  
නොදුටු ලස්සන
රැලි කෙහෙ රැලි තුල
තලෙළු නුඹේ සම තුල
නිදහසේ එන හඬ තුල
සෘජු සුමට වදන් තුල
දුටිමි මම
දුවන මගේ සිත සසල
සිරව ඇති හිතුවිලි අතර
හිර වෙලා තවම මම
නොකීවත් නුඹට මම
හිතේ ඇත නුඹ තවම

5 comments:

  1. හරි හරි... හැමෝටම ඔහොම සීන් එකක් තියනවා... මොනවා කරන්නද ඉතිං....

    ReplyDelete
  2. අප්පේ කෙල්ලෝ මොකට මේකප් කරනවද මන්දා නේද.. කොල්ලන්ගෙ හිත යන්නෙ ස්වභාවික ලස්සනට කියන එක තේරුම් ගන්න බැරිකම වෙන්නැති..))

    එනිවේස්, ඔය හිතේ තියෙන ප්‍රේමය අදාළ පුද්ගලීට කියාගන්න ලැබේවා කියලා අපිත් පතනවා එහෙනම්..!

    ReplyDelete
    Replies
    1. තැන්කූ වේවා!! එකනේ බොරු මේකප්

      Delete
  3. කෙල්ලොනේ මේකප් නෑනේ ඒත් ලස්ස්නයි නේ .... කෙල්ලෝනේ මේකප් නේ ඒත් ලස්සනත් නෑනේ

    ReplyDelete

හිතේ තියන් යන්නේ නැතුව හිතෙන දෙයක් කියලා යන්න...