Sunday, September 6, 2015

මතකයන්


වෙලාවකට හිතෙනවා ජිවිතේ මිනිස්සුන්ට ලැබුණු හොඳම තෑග්ග අමතක වීම කියලා.අමතක වෙන එක විභාගයකදී සහ සාමාන්‍ය ජීවිතයේදී ගැටළුවක් විදිහට පෙනුනත් අමතක වීම නොතිබෙන්නට සමහර සිදුවීම් නිසා ඇති වුනු වේදනාවලින් අපි සදා කාලිකවම දුක් විදින්න ඉඩ තිබුණා.
ඉතින් මතකයන් ජිවිතේ පුරාම රැඳිලා තියනවා වෙලාවකට හිතෙනවා මතකයන් වලින් තමයි ජිවිතේ පිරුණේ කියලා.ළමා කාලයේ සුන්දර මතකයන්, පාසල් දිවියේ මතකයන්, සරසවියේ මතකයන් තරුණ කාලේ මතකයන් රැකියාවේ මතකයන් සැඳා සමයේ මතකයන් මේ විදිහට ගතහම නම් මුළු ජීවිතේම පිරිලා තියෙන්නේ මතකයන් වලින්.
මතකයන් තියෙන්නේ පුද්ගලිකව විතරක් නෙමේ සමාජීය වශයෙන් දේශපාලනික වශයෙන් යුධමය වශයෙන් සංස්කෘතික වශයෙන් විද්‍යාත්මක වශයෙන් ආදී නොක්යෙකුත් විදිහට මතකයන්ගෙන් පිරිලා.
සමහර මතකයන් සිනහවක් එක්ක මතකයට එනකොට සමහර මතකයන් එන්නේ කඳුලක් ඇහැට උරුම කරගෙනම.සමහර මතකයන් මතක් කරන්න බැරි තරම් අඳුරු වෙනකොට සමහර මතකයන් ඉර හඳටත් වඩා ආලෝකමත් සුවඳ පිරුණු මතක අතර ගඳ ගහන මතකයනුත් නැතුවාම නෙමේ.ඔය හැම මතකයක්ම අඩු වැඩි වශයෙන් අපේ ජිවිත වල රැඳිලා තියනවා.ඒ මතකයන් වල අඩුවැඩි භාවයේ ස්වභාවය අනුව එක් එක් පුද්ගලයන්ගේ සිත් තුල අපේ මතකයනුත් නොමැකි ඉතුරු වෙනවා.
සමහර මතකයන් කාලෙකට පස්සේ මතක් කරලා ඒ මතකයට සම්බන්ද කෙනා එක්කම බෙදා හදා ගත්තම දැනෙන්නෙත් අමුතුම හැඟීමක් ඒ හැඟීමක් මතකයක් විදිහටම ඉතුරු වෙලා යනවා. මතකයන් අතරින් අපි ගෙවන ජීවිතය නිමා කරලා යන්නෙත් අනුන්ගේ හිත්වල අපි ගැන මතකයක් ඉතුරු කරලා.
හ්ම්ම් බලාගෙන යනකොට ගෙවුණු හැම තප්පරයක්ම මතකයනට ඉතුරු වෙනවා ඒත් අපි ඒවාට ලබා දෙන වටිනාකම අනුව සමහර මතක නොමැකි ඉතුරු වෙද්දී සමහර මතක මැකී යනවා.
ආදරණිය මතක අතර පළමු ආදරයේ මතක නම් කාටත් අමතක නැතුව ඇති.ජිවිතයේ මොනවගේ මතක තිබුනත් හොඳට මතක තියාගන්න ගෙවෙන මේ තප්පරයේ ඉදන් එකතු වෙන මතකයන් වලට වටිනාකමක් දෙන්න.
මතකයන් අතර සැරිසරන අතරේ හිතුනු දේ සටහන් කලෙමි.කැමතිනම් අගයක් ලබාදී මතකේ රඳවාගන්න..

සිනහව ගෙනෙනට හැකි
නෙතු අග කඳුලින් තෙමන්නට හැකි
ආදරය මවන්නට හැකි
විරහවෙන් තවන්නට හැකි
දිවි අඳුරු කරන්නට හැකි
අඳුරු දිවි එලි කරන්නට හැකි
සුන්දර අසුන්දර
මතකයන් එකතු කර
අවසන
මතකයක්ම පමණක් ඉතුරු කර යන
මතකය  

සාමලා අමරලා එක්විය
පාසල් මතකයට
ගුටි කෑ පාරවල් මැකුනි
ගුටියේ හේතුව නොමැකෙන මතකයකි
චේ මාර්කස් මාලි
සරසවි මතකයේය
අමතකවූ සමාජවාද
මතක් වන්නට කුප්පි දැමිය යුතුය
නුඹේ මතකය නැත අමතක
ඒත් නුඹ සිටියි අමතක වුනා වගේ
නුඹත් මතකයක් පමණි  
මතකයක් වී සමුගන්න
මතකයන් පමණි අප   

16 comments:

  1. මතකයන් අමතක කෙරුවත්... වෙනස් වෙන්නේ නෑ....... හා... හා..... හා....... හා....

    ReplyDelete
  2. මමත් වය පොරත්වය එක්ක මතකයන් හුගක් රැඳෙනවා අනිත්වා මැකුණාවගේ ඉන්නවා. ඉතිරි ටිකක් අමතක වෙලා යනවා.

    ReplyDelete
    Replies
    1. හරියටම හරි ඔන්න ඕක තමා වෙන්නේ

      Delete
  3. හප්පා බ්ලොග් පැත්තේ ආපු කල්... අමතක වීම නම් මටත් සෑහෙන්න බෝ වෙලා මේ ලඟදි ඉඳන්..

    ReplyDelete
    Replies
    1. ආ ඒ කියන්නේ විභාග එහෙම ඉවරද??

      Delete
    2. ආපෝ නෑ තව තියනවා..

      Delete
  4. ෂැගී......... මං මේ කමෙන්ටුවක් දාන්න කියලා අාවේ.. ඒත් ඒක මතක නෑනේ......

    ReplyDelete
    Replies
    1. එක නම් එච්චර හොඳ දෙයක් නෙමේ

      Delete
  5. මතකයට මගේ ඔබ නැගෙන විට
    මතකයන් මගේ සිතේ තබාගෙන
    මතකයන් අමතක කෙරුවත් අමතක වෙන්නේ නෑ..
    මතකද හැන්දෑවේ අපි දෙන්නා

    බ්ලා බ්ලා... තව ඇති මට එන්නෙම නෑ නෙ සික්කේ

    ReplyDelete
    Replies
    1. බලාගෙන ගිහාම මතකය සින්දු වලට හොඳ නිමිත්තක්නේ

      Delete
  6. මතක ඇති ව අතහැරිය යුතු මතකයනුත්, රැක බලා ගත යුතු මතකයනුත් තියෙන බව දැනෙනවා. ඒත්, ඒවා ඒ විදියට කරගන්නට ක්‍රමයක් මතකයට එන්නේ නැ....http://syberheartblog.blogspot.com/

    ReplyDelete
    Replies
    1. මතක් වුනොත් මටත් කියන්න.

      Delete
  7. ඔව්.. අවසන මතකයක්ම පමණක් ඉතුරු කර යන මතකය...

    ReplyDelete
    Replies
    1. මතකයන් විතරයි ..

      Delete
    2. මතක තියෙන්න ඕනෙ මතක අමතක වෙලා අමතක කරන්න ඕනෙ මතක මතක් වෙන එක තමයි ප්‍රශ්නෙ..
      :)

      Delete

හිතේ තියන් යන්නේ නැතුව හිතෙන දෙයක් කියලා යන්න...