Monday, February 2, 2015

රෑ අහස



කාර්යබහුල අපේ ජිවිත ඔහේ ගෙවීගෙන යනවා.තරඟය මැද්දෙන් ආර්ථික සමාජීය වෙනස්කම් මැද්දෙන් අපිට ඕන විදිහට නැතුව හැඩ ගැහුනු රටාවකට මේ ජිවිතේ ගෙවීගෙන යනවා. තරඟයක් තමයි ඒත් ජිවිතේ නිමා වෙන්න වැඩි කාලයක් නෑ ඒ හින්ද පොඩ්ඩක් නවතින්න. අඩුම ගානේ ලඟදි රෑ කට අහස දිහා බැලුවද?? රෑ අහස දැක්කද කියලා නෙමේ මන් ඇහුවේ රෑ අහස බැලුවද? ඒකටවත් වෙලාවක් නැතිද පොඩ්ඩක් නැවතිලා අහස දිහා බලන්න අද රෑටවත්..

කාලෙකින් මාත් අහස දිහා බැලුවා පොඩි කාලේ දැක්ක තරු දැන් කොළඹ අහසේ රෑට පෙන්නේ නෑ.පෝය කිට්ටු නම් තාම ලොකුවට තියන හඳ පේනවා දීප්තිමත්ම තරු කිහිපයක් හැරුනම තරු පෙන්නේ නෑ මොකද පොලවේ හැම තැනම ඊටත් වඩා තරු පායලා.කොළඹ පොලවේ වගේම අහසේ ඉතුරු වෙලා ඉන්නෙත් බලවත් තරු විතරයි. ඉස්සර අහසේ තරු ගණන් කරන්න බැරි වුනාට දැන් නම් තරු ගණන් කරගෙන යන්නත් පුළුවන්.

කාලෙකින් බැලුවා මිහින්තලේ අහස, කොළඹ අහස වගේ නෙමේ තරු හැම තැනම පුංචි තරු විතරක් නෙමේ ඉදල හිටලා කඩන් වැටෙන උල්කාෂ්ම කෑල්ලටත් මේ අහසේ ලොකු ඉඩක් වෙන් කරලා එකම අහස මේ පුංචි රටේ තැන් දෙකකට පෙනෙන විදිහ හරි පුදුමයි.

එකම දේ කෝණ දෙකකින් කොච්චර නම් වෙනසක්ද??

වැඩ නවත්තලා පොඩ්ඩක් එලියට ගිහින් බලන්න ඔයාලගේ පැත්තේ අහස දිහා මිනිත්තුවක්...

බලන තැන විදිහ අනුව අහස වෙනස් වෙනවා නම් බලන තැන විදිහ අනුව අනිත් දේවල් වෙනස් වෙන එක පුදුමයක්ද?? අහස කතා කරවී.. වෙනස තේරෙන්න තවත් කොහේදී හරි වෙලාවක් තිබ්බොත් අහස බලන්න..

කාලෙකට පස්සේ අහස බලලා බ්‍රෂ් ගිය ජනාදර හිතාදර ෂැගියා   

16 comments:

  1. මොකෑ එක පාරටම උඩ බලන්න හිතුණෙ..
    හඳ නං පායල තිබ්බ හැන්දෑ වෙලේ..තරු නං නෑ :P

    ReplyDelete
    Replies
    1. කාලෙකින් බලපු නැති නිසා බැලුවා :P පෝය නිසා හඳ පේනවා ඇති වැඩියෙන් :P

      Delete
  2. පොඩි මෙන්ඩා සමහර දවස්වලට අහස බලලා මටත් කතා කරනවා බලන්න.

    ReplyDelete
    Replies
    1. එහෙනම් පොඩි මෙන්ඩා එක්කම එකතු වෙලා බැලුවනම් හරි

      Delete
  3. ඊයේ ගුවනතොටුපල ආසන්නයේ දැඩි මාර්ග තදබදයක දකින්න ලැබුනි..සමරැපොත් අතින් ගත් ගැහැනු ළමුන් කිසියම් කෙනෙකුගෙ පැමිනිම බලාපොරෝත්තුවෙන් දැඩි අව් රෂ්මිය පවා නොසලකා රැදි සිටිනු දක්නට ලැබිනි..
    නිලනාලත් ආරංචි වලට අනුව මෙම යෞවනයා පත්තර බෙදිමට සම්භන්ද බවත් යම්කිසි පානයකට සම්භන්ද බලකායක කැදවුම්කරැ බවත් දැන ගන්නට ලැබිනි.
    කිසිම මාධ්‍යකට හෝ පුද්ගලයයෙකුට මුනගැසිමට ඉඩ නොදි ඔහුගේ කායආරක්ෂකයන් මොහුව ගුවන්තොටුපලින් රැගෙන ගොස් ඇත...මෙම යෞවනයාගේ ප්‍රධාන කාය ආරක්ෂක වශයෙන් නිලධාරනියක් සේවය කරන බව දැන ගන්නට ලැබි ඇත..හැකි ඉක්මනින් මධුපාන උත්සවයක් පවත්වන බවටත් බ්‍රෑන්ඩ් එක ගල් ලෙස දැනුම් දෙන ලෙසත් ඔහු විසින් දැනුම් දි ඇත..

    ReplyDelete
  4. ෂැගියා......................

    අහස බැලුවා............ මුකුත් පේන්නෑ මචං.. හොදට ම වලාකුළු... හැබැයි දැන්නම් පට්ට දවල් හරිය...............

    ReplyDelete
    Replies
    1. රෑ ටනේ බලන්න කිවුවේ දවල්ට බලන්නේ පරිස්සමින්

      Delete
  5. අම්මපා අද රෑට නම් අහස බලන් ඕනි...

    ReplyDelete
  6. කොළඹ අහසේ තියෙන්නේ ලොකු තරු විතරයි තමා .

    ReplyDelete
    Replies
    1. ගමේ අහසත් කොළඹ අහස වගේ වෙන්න වැඩි කලක් යන්නේ නෑ

      Delete
  7. පෝය ලං වෙද්දී අහස දිහා බලන් ඉන්න එක හොද නෑ..

    ReplyDelete
    Replies
    1. ඒ මොකෝ පිස්සු හැදෙයි කියලද?

      Delete
  8. ඇත්තනේන්නම් අහස දැක්කට අහස දිහා බැලුවේ නෑ නේ හුඟ කාලේකින් ..

    ReplyDelete

හිතේ තියන් යන්නේ නැතුව හිතෙන දෙයක් කියලා යන්න...