Tuesday, December 23, 2014

දිනන්නේ කවුද?? හරියටම කියන්නම්




දිනන්නේ කවුද හරියටම කියන්නම් කියා හඬ ගා තලන 

ඔහු ජෞතීර් වේදියෙකි 

දේශප්‍රේමයට අඬගසා අතීතය තලු මරණ 
ඔහු අපේ මහා රජෙකි 

මෙත් සිතින් අඬගසා නොදුටු හෙට ගැන කියන 
ඔහු හිටපු ගොවි රජෙකි 

කන්න බොන්නත් නැතුව උන් උන්ට කඩේ යන 
ඊයේ යන්තම් ගෙවුව 
අද හුස්ම වැටෙන්නැති 
හෙටක උරුමයක් නැති 
ඔහු රටේ පොඩි නරෙකි  


7 comments:

  1. කවුරු දිනුවත් පරදින්නේ මහා ජනයා

    ReplyDelete
    Replies
    1. පරාද නොවී නැගිටින්න ඕනෙත් මහජනයම තමා

      Delete
  2. අපි හැමදාම පරාදයි..

    ReplyDelete
    Replies
    1. පරාද නොවී දිනින විදිහක් හොයා ගන්න වෙනවා. නැත්තම් උපදින උනුත් පරදිවී

      Delete
  3. පුරන් වී ගිය පාලු කුඹුරක
    පඹයො දෙන්නෙක්
    ද්වන්ධ සටනකි


    ණයට ගත් බත් ඇටද විළඳද
    විසුරුවා සියොතුන්ව
    රවටති


    වී කරල් පූදින්න ඉඩදෙන
    ගොවියෙකුත් බිහි නොවෙන
    හැටියකි


    අළුත් කුඹුරක්
    හොයාගන්නට
    සියොතුනේ කාලය
    එළඹ ඇති

    ReplyDelete
    Replies
    1. සොයා ගත් අළුත් කුඹුරට
      යෙදුවෝතින් පරණ විස
      ආසනික්‌ පොහොර
      එහි හැදෙන්නෙත්
      පරණ වී නොවෙද

      ඒ නිසා කුඹුර නොව වවන විදිහේ
      කරමුද පොඩි වෙනසක්

      Delete
  4. දිනන්නේ ජනමාධ්‍ය කරුවන්.

    ReplyDelete

හිතේ තියන් යන්නේ නැතුව හිතෙන දෙයක් කියලා යන්න...