ඔහු ජෞතීර් වේදියෙකි
දේශප්‍රේමයට අඬගසා අතීතය තලු මරණ
ඔහු අපේ මහා රජෙකි
මෙත් සිතින් අඬගසා නොදුටු හෙට ගැන කියන
ඔහු හිටපු ගොවි රජෙකි
කන්න බොන්නත් නැතුව උන් උන්ට කඩේ යන
ඊයේ යන්තම් ගෙවුව
අද හුස්ම වැටෙන්නැති
හෙටක උරුමයක් නැති
ඔහු රටේ පොඩි නරෙකි
කවුරු දිනුවත් පරදින්නේ මහා ජනයා
ReplyDeleteපරාද නොවී නැගිටින්න ඕනෙත් මහජනයම තමා
Deleteඅපි හැමදාම පරාදයි..
ReplyDeleteපරාද නොවී දිනින විදිහක් හොයා ගන්න වෙනවා. නැත්තම් උපදින උනුත් පරදිවී
Deleteපුරන් වී ගිය පාලු කුඹුරක
ReplyDeleteපඹයො දෙන්නෙක්
ද්වන්ධ සටනකි
ණයට ගත් බත් ඇටද විළඳද
විසුරුවා සියොතුන්ව
රවටති
වී කරල් පූදින්න ඉඩදෙන
ගොවියෙකුත් බිහි නොවෙන
හැටියකි
අළුත් කුඹුරක්
හොයාගන්නට
සියොතුනේ කාලය
එළඹ ඇති
සොයා ගත් අළුත් කුඹුරට
Deleteයෙදුවෝතින් පරණ විස
ආසනික් පොහොර
එහි හැදෙන්නෙත්
පරණ වී නොවෙද
ඒ නිසා කුඹුර නොව වවන විදිහේ
කරමුද පොඩි වෙනසක්
දිනන්නේ ජනමාධ්‍ය කරුවන්.
ReplyDelete