Saturday, November 22, 2014

ඇත්තටම සෙනසුරු මාරු වුනාද?????

සෙනසුරු මාරු වුනා ඒ මදිවට ජනාධිපතිවරනෙකුත් ළඟ ලඟම එනවා මේ වෙලාවේ කවුරුත් කට බලියන් බලාගෙන ඉන්නේ දේශපාලන වේදිකාවේ මොකද වෙන්නේ කියලා විතරක් නෙමේ පරසිද්ද ජෝතිශ්‍යචර්යවරු මොනා කියයිද කියලා තමා..

මන් මේ කියන්න යන්නේ ටිකක් වෙනස්ම කතාවක් පහුගිය කාලේ සෙනසුරු මාරුවත් එක්ක මන් දැක්කා මිනිස්සු සෙනසුරාට තියන බය මොකෝ අපේ ගමෙත් එදා දවසේ පන්සල්වල පවා මේ සෙනසුරුට පුජා තිබ්බා. හැබැයි ගෞතම තථාගතයන් වහන්සේගේ දේශනා වල නම් කියන්නේ අහසේ තිබෙන ග්‍රහ තාරකා අපිට කුමක් කරන්නද කියලා. ආන්න ඔය ටික කිව්ව ගමන් අපේ ජෝතිෂ උන්දෙලා ටික ජෝතිෂයේ ජැක් එක ගහනවා බුදු දහමට හැබැයි දැන හෝ නොදැන ඔය කරගන්නේ නම් අපාගත වෙන පවක් එවෙලෙට කියනවා ඔය අහසේ තියන ග්‍රහ තාරකා පිහිටීමෙන් කියන්නේ කර්මය ගැන කියලා. එහෙනම් ඒ ගැන බුදු හාමුදුරුවෝ මුලින්ම කියනවනේ අනේ මන්ද ඉතින් මේ ලඟදි එක්තරා ජෝතිර්වේදියකු කියනවා කේන්දරයේ කොටු දොළහෙන් කියවෙන්නේ පටිච්ච සමුප්පදයාලු බුදු දහමේ ගැඹුරුම ඉගැන්වීමක් බමුණු වේදයේ එන ජෝතිශයෙන් දැකිය නොහැකි බව ඔහු නොදන්නවා සේම එය ජොතිශය හා බුදු දහම යන දෙකම විකෘති කිරීමකි.
තවත් අයෙකු කියනවා විනය ශිකෂා පදයක තියනවලු ජොතිශය ඉගෙන ගන්න කියලා ස්වාමින්වහන්සේලට එහෙම කිව්වේ නැකත් බලන්න පොරොන්දම් බලන්න හෝ සෙනසුරුපුජා තියන්න නෙමේ පොහොය දිනය දැන ගැනීම උදෙසයි
බුදු දහම හා ජෝතිශය එක්ව යන්නෙම නැත තව එක් උදාහරණයක් නම් බුද්ද දේශනාව තුලදී බුදුන්වහන්සේ මෙහෙම දේශනා කරනවා මහණෙනි නැකත නැකත කියලා දෙයක් තියනවා ඇත්තටම නැකත කියන්නේ පිං කරන වෙලාවයි කියලා.ඒත් ජෝතිෂ්‍ය තුලින් අපිට පිං කිරීමට යොදා දුන්නේ නැකත් නැති වෙලාව නොහොත් නොනගත වෙලාව නෙමේද? මදක් සිතන්න
පැහැදිලිව කිව යුත්තේ ජොතිශය සම්පුර්ණයෙන් බැහැර කිරීම හෝ එය වැරදි යැයි කීම මගේ අරමුණ නෙමේ ඒත් මේ අන්දානුකරය ගැන පැහැදිලි කිරීමට උත්සහ දරමි. බොහෝවිට සිදුව ඇත්තේ ජෝතිශ්‍යවත් බුදු දහමවත් හරි හැටි නොදන්නා වාණිජ අරමුණු ඇති අය තැනින් තැන අල්ලා මාර්කට් කිරීමය.ඒ සඳහා යොදා ගන්නා හොඳම ග්‍රහයා සෙනසුරුය , මන්ද සෙනසුරු, දෙවියන්ට පවා අපල කල ග්‍රහයෙක් නිසා අපි ගැන කුමන කතාද ඉතින් ඔහොම බයක් සමාජයේ තිබීමෙන් වාසිය වන්නේ මේ ජෝතිෂ වෙළඳුන්ටය තවත් ග්‍රහයෝ 8ක් සිටියද එයින් යන්තම් හෝ බය වන්නේ රාහුට පමණි.කෙසේ හෝ සෙනසුරු මාරු වන විට ජෝතිෂ වේදීන්ට සුබ වෙයි යන්ත්‍ර සඳහා ගන්නා මුදල අතිමහත්ය යන්ත්‍රය දා ගත් දිනයේ පටන් යන්ත්‍රය අප ආරක්ෂා කරනු කෙසේ වෙතත් අපි යන්ත්‍රය ආරක්ෂා කරන්නෙමු මස් මාළු නොකා, කිලි නොවදින සේ අපි සිටින්නෙමු. අසරණ මිනිසුන්ගේ වෙලාවට සෙනසුරු මාරු වන්නේ වසර දෙක හමාරකට වරකී රවී බුධ මෙන් මාසෙන් මාසෙට මාරු වුවා නම් අපිට ජෝතිෂවේදීන්ට ණය ගෙවීමටද සිදුවනු ඇත.
නමුත් මෙම ශාස්ත්‍රය විකුණා කන්නේ නැත්නම් එයින් එහි සීමාවේ සිට ගත හැකි ප්‍රයෝජනද නැත්තා නොවේ.


18 comments:

  1. ඔය කියන විදියට සෙනසුරු මාරු වෙලා නැ කියල විද්වතුන් ප්‍රකාශ කරනවා shagiyo....

    ReplyDelete
    Replies
    1. සෙනසුරු මාරු වුනා නැතා දැන් කරන්නේ බුදු දහමයි ජෝතිශයයි දෙකම විකෘති කරන එක නිහිංසා

      Delete
  2. සෙනසුරා ගේ අපලේ නිසා දෙවිකෙනේකුටත් බටකොළ කන්න වුනා නේ. දෙවියන්ට අපලේ හොයාගන්න කේන්දර හැදුවේ උන්දා පොලව මත ඉපදුනා කියලා අරගෙනද දන්නේ නැහැ නේද? ඔය කතා කාරයන්ගේ මොලේ ගැන අවබෝදයක් ගන්න පුළුවන් හොඳ උදාහරණයක් තමයි.

    ReplyDelete
    Replies
    1. එකනම් ඇත්ත තමයි.. ඔන්න ඕකයි තත්වේ

      Delete
  3. //අසරණ මිනිසුන්ගේ වෙලාවට සෙනසුරු මාරු වන්නේ වසර දෙක හමාරකට වරකී රවී බුධ මෙන් මාසෙන් මාසෙට මාරු වුවා නම් අපිට ජෝතිෂවේදීන්ට ණය ගෙවීමටද සිදුවනු ඇත.// ++++++++++

    ReplyDelete
    Replies
    1. නැතුව නැතුව ණය වෙන්නම වෙනවා

      Delete
  4. "අපේ රටේ තරම් ග්‍රහයන්ට බිය ජනතාවක් මුළු ලෝකයේම නැහැ"
    http://worldbeyondworld.blogspot.com/2014/11/there-are-no-such-people-who-are-so.html

    ReplyDelete
    Replies
    1. ආයෙත් අහල නැතුව නැතුව

      Delete
  5. පොඩි මල්ලිNovember 23, 2014 at 1:13 PM

    අපේ රටේ දැන් හැම දෙයක්ම වෙන්නේ ග්‍රහයොන්ට මුල් තැන දීලා...

    ReplyDelete
    Replies
    1. ග්‍රහයෝ තමයි බලන් ගිහාම අපිව ආක්‍රමණය කරලා තියන විජාතික බලවේග

      Delete
  6. සෙනසුරු කියල්ලෙ කෑමක්ඩ... කබු කබු.. ෂැගී... :D

    ReplyDelete
    Replies
    1. හරි ලොකු කෑල්ල මටයි ස්කුබිටයි

      Delete
  7. Henahura ehema lesiyen maruwenne ne,

    ReplyDelete
    Replies
    1. එකනේ ඇනෝ මාත් කියලා තියෙන්නේ

      Delete
  8. ඔහොම ඕවා මාරු වෙලා ඒවා මේවා වෙනවනම් මේ මාරු වෙන හැටියට ලෝකේ පෙරලෙන්න ඕනේ! :D

    ReplyDelete
  9. වෙන හෙනහුරෙක් නං මාරු වුණා

    ReplyDelete
    Replies
    1. එකනම් ඇත්ත හැබැයි ඕකත් හෙනහුරා පිට දායි

      Delete

හිතේ තියන් යන්නේ නැතුව හිතෙන දෙයක් කියලා යන්න...