Friday, July 25, 2014

ලේන්සුව

ඇයව සිහිවෙන්න ඇය දුන්නා මට ලේන්සුව..
තබාගෙන මෙසේ උඩ ඇය දුන්නු ලේන්සුව..
කල්පනා කළා මම ඇයි දුන්නේ ලේන්සුව..

අල්ලපු ගෙදර පොඩි එකා දිව ඇවිත් මගේ ලඟට
තෝරන්න කියනවා තේරවිල්ලක් තිතට..

“පැන සාක්කුවෙන් පිට පස්දෙනෙකුව බදා ගනී”
ලේන්සුව”උත්තරය තේරුණා මට හොඳට..

තවත් සිතමින් ඒ ගැන ඉඳගන්න ගොස් තැනක
පස්සේ ගෑවෙයි කියා තිබුණු කුණු එතැන බීම
පිස දමා ලේන්සුවෙන් ඉඳගතිමි මම එතැන
දාඩියයි ඉන්න බෑ පිසගතිමි මගේ මුණ
ලේන්සුවෙන් මම..

?????????????????????????????

24 comments:

  1. SHOAK KAI NEDA APATA THANI EHETA ANDENAWA

    ReplyDelete
    Replies
    1. එහෙනම් ඇනො ඒ ලේන්සුවෙන්ම පිහ ගන්න...

      Delete
  2. Replies
    1. මොකද කරන්නේ.. එකට...
      ලේන්සුවෙන් පිහිදාලා ඉඳ ගත්තම පස්සේ කුණු ගෑවෙන්නේ නෑ ඒත් ඉතින් ඒ ලේන්සුවෙන් මුණ පිහිදාපුවම ඒ කුණු මුනෙනේ බොලන්.. උඩින් එහෙමයි..

      Delete
    2. හරි හරි තේරැනා..ස්තුතියි.

      Delete
  3. කිරි අප්පට ස්කුබි පැනපි කිව්වලු......
    ආය බොරු මොකටෙයි... ඔං මට නං කොයිල්..... :-/

    ReplyDelete
    Replies
    1. කොයිල් වෙලා ඉන්න වෙලාවක
      ඔයිල් ටිකක් දාන් ලිවුවේ..
      මයිල් කෙලින් වෙයි තේරුනොත් ... හැක් හැක් ....

      Delete
  4. පොඩි හාස්‍ය රසයක් නැත්තෙමත් නෑ.
    ඇත්තටම ඇයි ඔය කෙල්ලො කොල්ලන්ට ලේන්සු දෙන්නෙ.. :D

    ReplyDelete
    Replies
    1. සාක්කුවෙන් පිටත පනී පස් දෙනෙකුව බදා ගනී
      අනේමන්ද?? ඇත්තටම ඇයි දෙන්නේ දන්නේ නෑ..

      Delete
    2. ඔය කියන්නෙ ඇඟිලි පහ ගැනෙයි..? :/

      Delete
    3. ඔය තේරෙන්නේ ස්කුබිට වගේ...

      Delete
  5. මාත් මේ හිතුවේ පස් දෙනා ගැන ? සංචාරකයා කිවුව උත්තරේ හරිද ෂැගියෝ ?

    ReplyDelete
  6. හනේ හනේ ..මමත් මේ කල්පනා කලේ කව්ද පස් දෙනා කියල ?සංචාරකයා කිවුව උත්තරේ හරි

    වගේ නේද ෂැගි?





















    ReplyDelete
    Replies
    1. හරි කියලා මටත් හිතෙනවා.... ;)

      Delete
  7. පට්ටයි ශැගියෝ... කෙටියි රහයි

    ReplyDelete
    Replies
    1. තැන්කූ වේවා!!! බස්සි

      Delete
  8. අඩේ මරු ඈ.. මේක මේ ඒ ලේන්සුවෙන් මූණ පිහිදැම්මට පස්සේ හිතට ආව එකක්ද හැබෑටම ඈ..

    ReplyDelete
    Replies
    1. මගේ ලේන්සුවෙන් මුණ පිහිදාගෙන ලියපු එකක්.. අපිට ඉතින් කවුරු ලේන්සු දෙන්නද? ;)

      Delete
  9. ලේන්සුව
    කවිය උපරිමයි....
    සමහර අය අතර මතයක් තියේ ලේන්සුවක් තමන්නෙ ආදරවන්තයට/තියට දුන්නම අඩන්න වෙනවලු
    ඒහන්ද මොනා දුන්නත් ලේන්සුවක් දෙන්නෙ නෑ

    ReplyDelete
    Replies
    1. තැන්කූ වේවා!!!
      ඔව් ඔව් ඒක මාත් අහලා තියනවා...

      Delete
  10. ෂැගියෝ ලේන්සු තෑගි දුන්නා ම ඒ ගෑණු ළමයා තරහා වෙන්න තියෙන ඉඩ වැඩියි කියලා මං චූටි එකා කාලේ අහලා තිබුණා.........................

    ReplyDelete
    Replies
    1. එක මාත් අහලා තියනවා.. එක වෙන්න ඇති කෙනෙක් මට දීලත් අහපු ගත්තේ හැබැයි ගත්තත් එයා තරහ නම් වුනා.

      Delete
  11. 1. පෞද්ගලික අත්දැකිමට අනුව මවිසින් ගත් ලේන්සුවක් නිසා බූට් එකක් කෑමට සිදුවී ඇත.
    2. කොල්ලො පෙරන පැණි පිහද ගන්න තමයි ලේන්සුවක් දෙන්නෙ වෙන පිට කෙල්ලො දකීවි කියලා..
    3. අද තමයි මුලින්ම මේ පැත්තෙ ආවෙ..

    ReplyDelete

හිතේ තියන් යන්නේ නැතුව හිතෙන දෙයක් කියලා යන්න...