Saturday, July 12, 2014

සඳ මඩලටත් හොරෙන් සඳ සාවී පැන ගිහින්

සඳු අයිති කර ඉඳන් 
ඇය ගැනම කවි ලියන් 
සඳ මඩලටත් හොරෙන් 
සඳ සාවී පැන ගිහින් 

දැඩි හිරු රැසක් දරන් 

සඳ මත ඉන්න බැහැ කියන් 
සඳ මඩලටත් හොරෙන් 
සඳ සාවී පැන ගිහින් 

හද සිතුවිලිත් අරන්
සිත තුල ආදරෙත් අරන් 
සඳ මඩලටත් හොරෙන් 
සඳ සාවී පැන ගිහින් 

පැන ගිය සාවියේ අසන් 
සතුටින් ඉඳිනු මැන යෙහෙන්
සිත් මඩල තුල උපන් 
පෙම් සිත මැරුවට බොහො පිං 

නිහඬ බවට හේතු :-
සරසවි අරගල ,සටන් පාවා දීම් මැද ගෙවුණු කාලයේ බ්ලොග් ලියන්න තියා කියවන්න වත් නිදහසක් තිබුනේ නෑ අසාධාරණයට කෑ ගහපු අපේම වුන් හිර ගත වෙද්දී මොන බ්ලොග්ද කියලත් හිතුනා ඕන එකක් ඔන්න ආයෙත්  ,

ෂැගියාගමනය




shagiyage chinthnaya
shagiyage chinthanaya
shagiyage chinthanaya
shagiyage chinthnaya   shagiyage chinthnaya shagiyage chinthanaya shagiyage chinthanaya
shagiyage chinthnaya
shagiyage chinthanaya 



 

14 comments:

  1. ඔව්... ඉතින් අරගල වලට ගියාම, පැන යන්නේ සඳ සාවී විතරක් නම් බැරියැ.....

    එක පාරටම ..... අරගල වලින් පස්සේ තමයි ජීවිතය හෙව්වේ නේ.......

    ReplyDelete
    Replies
    1. හ්ම්ම්ම් හ්ම්ම් ඒක නේන්නම් ;)

      Delete
  2. සිත් මඩල තුල උපන්
    පෙම් සිත මැරුවට බොහො පින්

    කේන්තියෙන් ආපු දුක

    ReplyDelete
    Replies
    1. නැත්තම් දුක නිසා ආපු කෙන්තියද? කවුද දන්නේ ;)

      Delete
  3. අරගල, සටන් , පාවා දීම්.... අන්තිමේදි මේව නිකම්ම නිකං වචන ටිකක් විතරක් වෙනව සහෝ

    ReplyDelete
    Replies
    1. ඔව්. ඒ අතරේ පාවාදීම් පැරදුම් වලින් ඉගන ගත්ත පාඩම් ඉතුරු වෙනවා.. සටන් දිනුවානම් හැමෝටම අයිතීන් ලැබෙනවා..

      Delete
  4. අරගල ඒවා මේවා ගැන නම් මම කතා කරන්න කැමති නැහැ.. ඒ උනත්, මම නම් කියන්නේ, වෙන, දැනෙන හිතෙන හැම දෙයක්ම මේ වගේ තැනක ලියන්න.. මොකද, Blog කියන වචනේ හැදිලා තියන්නේ Web Log කියන වචන දෙක weBLOG විදියට එකතු වෙලා..

    ReplyDelete
    Replies
    1. එක ඇත්ත අඟහරුවෝ හිතට දැනෙන දේ ලියනවා හැමදාමත් ඒ දේවල් කාලෙක ඉදන් බෙදා ගත්තේ මේ බ්ලොගිය එක්ක නිසා..

      Delete
  5. ෂැගියාගමනය :-D

    ReplyDelete
  6. අරගල කෝම වුනත් ආයෙම ආව එක ගැන අපේ සතුට.

    ReplyDelete
    Replies
    1. ඔබේ සතුටට මගේ ප්‍රණාමය හේ හේ

      Delete
  7. අපූරු කවියක් සැගියො...
    පට්ට...
    අරගල විප්ලව කරන්නො දිනන්නො වගේම පාවා දෙන්නොත් ඉන්නව...
    ඒ හැටි...
    අපි දැනගන්න ඕන උං ගැන තේරුංගන්න

    ReplyDelete

හිතේ තියන් යන්නේ නැතුව හිතෙන දෙයක් කියලා යන්න...