ඇය ගැනම කවි ලියන්
සඳ මඩලටත් හොරෙන්
සඳ සාවී පැන ගිහින්
දැඩි හිරු රැසක් දරන්
සඳ මත ඉන්න බැහැ කියන්
සඳ මඩලටත් හොරෙන්
සඳ සාවී පැන ගිහින්
හද සිතුවිලිත් අරන්
සිත තුල ආදරෙත් අරන්
සඳ මඩලටත් හොරෙන්
සඳ සාවී පැන ගිහින්
පැන ගිය සාවියේ අසන්
සතුටින් ඉඳිනු මැන යෙහෙන්
සිත් මඩල තුල උපන්
පෙම් සිත මැරුවට බොහො පිං
නිහඬ බවට හේතු :-
සරසවි අරගල ,සටන් පාවා දීම් මැද ගෙවුණු කාලයේ බ්ලොග් ලියන්න තියා කියවන්න වත් නිදහසක් තිබුනේ නෑ අසාධාරණයට කෑ ගහපු අපේම වුන් හිර ගත වෙද්දී මොන බ්ලොග්ද කියලත් හිතුනා ඕන එකක් ඔන්න ආයෙත් ,
ඔව්... ඉතින් අරගල වලට ගියාම, පැන යන්නේ සඳ සාවී විතරක් නම් බැරියැ.....
ReplyDeleteඑක පාරටම ..... අරගල වලින් පස්සේ තමයි ජීවිතය හෙව්වේ නේ.......
හ්ම්ම්ම් හ්ම්ම් ඒක නේන්නම් ;)
Deleteසිත් මඩල තුල උපන්
ReplyDeleteපෙම් සිත මැරුවට බොහො පින්
කේන්තියෙන් ආපු දුක
නැත්තම් දුක නිසා ආපු කෙන්තියද? කවුද දන්නේ ;)
Deleteඅරගල, සටන් , පාවා දීම්.... අන්තිමේදි මේව නිකම්ම නිකං වචන ටිකක් විතරක් වෙනව සහෝ
ReplyDeleteඔව්. ඒ අතරේ පාවාදීම් පැරදුම් වලින් ඉගන ගත්ත පාඩම් ඉතුරු වෙනවා.. සටන් දිනුවානම් හැමෝටම අයිතීන් ලැබෙනවා..
Deleteඅරගල ඒවා මේවා ගැන නම් මම කතා කරන්න කැමති නැහැ.. ඒ උනත්, මම නම් කියන්නේ, වෙන, දැනෙන හිතෙන හැම දෙයක්ම මේ වගේ තැනක ලියන්න.. මොකද, Blog කියන වචනේ හැදිලා තියන්නේ Web Log කියන වචන දෙක weBLOG විදියට එකතු වෙලා..
ReplyDeleteඑක ඇත්ත අඟහරුවෝ හිතට දැනෙන දේ ලියනවා හැමදාමත් ඒ දේවල් කාලෙක ඉදන් බෙදා ගත්තේ මේ බ්ලොගිය එක්ක නිසා..
Deleteෂැගියාගමනය :-D
ReplyDeleteඇයි හොඳ නැද්ද?
Deleteඅරගල කෝම වුනත් ආයෙම ආව එක ගැන අපේ සතුට.
ReplyDeleteඔබේ සතුටට මගේ ප්රණාමය හේ හේ
Deleteඅපූරු කවියක් සැගියො...
ReplyDeleteපට්ට...
අරගල විප්ලව කරන්නො දිනන්නො වගේම පාවා දෙන්නොත් ඉන්නව...
ඒ හැටි...
අපි දැනගන්න ඕන උං ගැන තේරුංගන්න
තැන්කූ වේවා!!!
Delete