
මන් කලිනුත් කිවුවනේ
තනිකම කියන්නේ මහා පුදුම දෙයක් කියලා.තනිකම කියන වචනේ අහපු ගමන් අපිට මතක් වෙන්නේ
කවුරුත් නැතිව පාලුවෙන් තනිවෙලා ඉන්න වෙලාවක් ඒත් අපි තනි වෙන්නේ පාළුව දැනේනේ
කවුරුත් නැති වෙලාවට විතරක්ම නෙමෙයි.දහස් ගණන් සෙනග පිරිවර අපි වටේ ඉඳිද්දී ත්
අපිට අපි තනි වෙලා වගේ දැනේනේ ඇයි කියන කාරණේ ගැන තමයි ෂැගියා මේ කල්පනා කලේ..
සමහර සාද ගැන මතක් කරලා බලන්න අපි එතන හිටියත්
හරියට ඉඳලා නෑ වගේ තමයි හිතට දැනේනේ එහෙම දැනේනේ අපි හිතින් තනි වුන නිසා.අපේ හිත
ඉල්ලන බලාපොරොත්තු වෙන දෙයක් , කෙනෙක් , හිතක් නැත්තම් පුංචිම පුංචි සිතුවිල්ලක්
එතනදී මුනනොගැසුන නිසා..
එතකොට අපිට දැනේනේ නම්
මහා කරුමක්කාර මුසල බවක් අපිත් හරියට හත් ඉලවුවට ගහපු කලාබර වගේ ඔහේ බකන් නිලන්
ඉන්නවා..
ඒත් පොඩ්ඩක් හිතලා
බලන්නකෝ අර බලාපොරොතු වුන දෙය, කෙනා , හිත එහෙමත් නැතිනම් ඒ සිතු විල්ල අපිට මුණ
ගැසුන කියලා.. එතනින් එහාටත් අපිට ඕනි වෙන්නේ අර දෙය , කෙනා , හිත නැත්තම්
සිතුවිල්ලත් එක්ක තනිවෙන්නමයි ඒත් ඒ හුදකලාවට තනිකමට හිත ආදරෙයි.. පොඩිම පොඩි මුසල
කමක්වත් දැනේනේ නෑ එතකොට ඒ වෙනුවට අපි හිතනවා අපි කොච්චර නම් වාසනාවන්තද කියලා
ඉතින් තනිකම පාළුව
හුදකලාව කියන්නෙත් ළඟ තියනකොට ඈත් කරගන්න හදන ඈත් වෙනකොට ලං කරගන්න දෙයක් වගේ
කියලයි ෂැගියට නම් දැනුනේ...
මල හිරු බසිමින් යන
හැන්දෑවක
නුඹ මට තුරුලුව
අපි තනිවෙනකොට
දැනුනු සොඳුරු බව..
මල හිරු බසිනා මේ
හැන්දෑවේ
නැත නුඹ
තනියම මම අද වෙරළේ e
දැනෙයි අඳුරු මූසල බව
දසතේ
ජනාදර
හිතාදර ෂැගියා.....