Thursday, February 28, 2013

නදිය සහ විල


නදිය සහ විල


සැඩ පහර හසුරමින් 
පෙණ බුබුළු නංවමින් 
දඟකාර ලෙස ගලා යන විට
නොගැඹුරු වුවත්
පැන් පහස ලබන්නට බියවීමි 
නුඹෙන් මම

නිසසලව 
චාම් ලෙස
අහිංසක සොඳුරු ලෙස
සඟවමින් රුදිරු බවසිටි විලට ලංවුනා

පැන් පහස ලබන්නට

පිහිනන්න නොදත් මම
තවත් දඟලමින් ඇත
ගොඩ එන්න..............

4 comments:

  1. මේ පුතේ...ගඟට පැන්නත් විලට නම් බහින්න හිතන්නවත් එපා....ඕනෙනම් හොද ඉඳන් වතුර උගුරක් අතට අරං බීපන්!

    ReplyDelete
    Replies
    1. හ්ම්ම්ම්ම්ම්ම්ම්ම්ම්ම්ම්

      Delete
  2. ඕකේ දියරකුසෝ ඇති ෂැගියෝ..ඕඕඕඕඕඕඕ..........!

    සුභ වේවා!!! රාජ සම්පත් ලැබේවා!!!

    ReplyDelete
    Replies
    1. එසේයි මහා රජ... මේ විලේ හිටියේ දිය රකුසියක්

      Delete

හිතේ තියන් යන්නේ නැතුව හිතෙන දෙයක් කියලා යන්න...