දහසක් දේ හිතේ දරන්
මහමෙර සේ දුක් උහුලන්
පංකජ මල අතින් අරන්
නගින බසින කඳු පල්ලම්
අතර මැද්දේ මහ වලවල්
අඳුරු මහා කළු වනයන්
නේක විවිද මඩ ගොහොරුත්
පාලු රුදිරු සොහොන්
පිටිත්
ක්ෂේම භුමි නැති කතරත්
මහා සීතල කඳු පංතිත්
පහු කරගෙන ගෙන යද්දිත්
නොම පර වුනු පංකජ මල
අනෝතප්ත විල ගාවදි
පර කරගනු ඇයි මේ ලෙස..
මේ... තේරුනේ නෑ මේක! මොකද්දෝ "අවුලක්" වගේ.. ;) හෙට ආවම කියලා දියන්කෝ....
ReplyDeleteහෙට නෙමේ අනිද්දා උදේ ඇවිත් කියා දෙන්නම් කෑදැත්තෝ හොයන්න කැලේට පයින්නේ නැතුව හිටපන් ;)
Deleteඋඹලා ප්‍රයිවට් එකේ අහගන්නේ නැතුව අපිටත් දැන ගන්න තේරුම දාපංකෝ..
Deleteඅදහස් කලේ නම් අපි දුක් විඳගෙන ඒත් අපේ හොඳ ගති ගුණ රැකගෙන ජිවත් වෙනවා ඒත් කරදර සේරම ඉවරවෙලා සැප ලැබෙනකොට අපේ හොද ගතිගුණ අමතක කරනවා එකයි.. :P
Deleteෂැගියෝ.......බොහෝමයක් අයට කරදර ඉවරවෙලා සැප විඳිනකොට ඉතිරිවෙන්නේ නරක ගතිගුණ විතරයි..... හොඳ ගතිගුණ තිබුනද කියලත් හොයාගන්න බැහැ. එහෙමත් එකෙක් තමයි ඉතුරුවෙන්නේ.
Delete" නොම පර වුනු පංකජ මල
Deleteඅනෝතප්ත විල ගාවදි
පර කරගනු ඇයි මේ ලෙස.."
කියල ඇහුවෙත් ඒකම තමයි.. අපි ඉතින් මක්ක කොරන්නද?
ඔයා තේරුම උඩින් කියලා තියෙන නිසා තේරුණා.
ReplyDeleteයන්තම් ඇති :P
Deleteමටත් තේරුනේ තේරුම කියෙව්වට පස්සේ :D කියවනකොට තේරුනේ නැතත් පද වැල් ලස්සණ යි!
ReplyDeleteහ්ම්ම්ම් ... තැන්කු.......
Deleteමමත් අවා කැම්පස් සින්ඩියෙන් (බිත්තියෙන් )
ReplyDeleteතෙරුම කියලා තියෙන නිසා තෙරුනා
හිතලා බලනකොට ඇත්ට කතාවක්
කැම්පස් සින්ඩියෙ වැඩෙත් හොඳයි එහෙනම් ;)
Deleteඉඩක් ලැබුණු වෙලාවක ආයෙත් ඇවිත් යන්න එන්න..
නිර්මාණ කරුවා කියන දෙය කවදාවත් අපිට ඒ විදියටම තේරුම් ගන්න බෑ. ඒක තමයි එකේ ස්වභාවය.
ReplyDeleteඑහෙම කියලා තිබ්බට මේ වගේ අසරණ උණු වෙලාවට නම් උඹ ඇවිත් උදව්වක් කරලා යන එක හොදයි බන්
හ්ම්ම්ම්ම්ම් හ්ම්ම්ම්ම්
Delete