Monday, August 1, 2016

මගෙ අලුත් ආදරෙ


සිහින් දිගැටි නුඹේ සිරුර මත
මගෙ දෑගිලි සෙමින් යවමින්
දෙතොල් නුඹගෙ මුවට ලන්කොට
සෙමින් මුදුවට හුස්ම රැල්ලක් මුසු කලා
මම නුඹෙ හදටම
නුඹෙ සිරුරම කලඹවාගෙන
සුසර වු ස්වර හඩ නැගෙන විට
මගෙ වෙහෙසත් දුක් හැගුම් හැම
මටත් නොදැනිම යයි තුරන් වී
ආදරෙයි මගෙ බටනලාවිට හැමදාම මම



6 comments:

  1. බටනලාවී....ඈට මාත් ආදරෙයි..ඒත් ඈව ආම්බාන් කරන්න තරං හැදියාවක් නෑ නොව...!

    ReplyDelete
    Replies
    1. මාත් තාම පුරුදු වෙනවා.. හැදියාව හැදිලා එයි

      Delete
  2. ආ.. දැන් බට"නලා" ගහන්නේ නේ? ඉස්සර නම් බට ඔතලා එහෙම ගැහුවේ නේ...

    ReplyDelete
    Replies
    1. බට ඔතලා බට නලාවක් ගැහුවම තමා හරියන්නේ ;)

      Delete
  3. මාත් යූ ටියුබ් වීඩියෝ බලල බලල ෆ්ලූට් එකක් පිඹින්න දත කෑව කොහෙද
    අල්ලල දැම්ම

    ReplyDelete
    Replies
    1. එච්චරම ගේමක් නෑ හැබැයි ඉවසීමයි පුහුණුවයි අවශ්‍යයි :) හොඳ බටනලාවකුත් ඕනි සමහර ඒවා අවුල්

      Delete

හිතේ තියන් යන්නේ නැතුව හිතෙන දෙයක් කියලා යන්න...