![]() |
(ජායාරුපය උපුටා ගැනීම www.thespiritscience.net වෙබ් අඩවියෙනි ) |
ඇය කවි කියන විට
හිතයි රාහු වී
එසඳ ගිලින්නට
නුඹව අහිමි කල ප්රමාදය
සිහිවන විට
හිතයි කාලය කරකවන්නට
රාවණා වී නුඹ ගෙනෙන්නට
හිතයි විටකදී
ගෙනාවොත් නුඹ දිනිනවා මම
විභීෂණ නැති නිසා පාවා දෙන්නට
සේරමත් හරි
තියන් ආදරය හිත යට
හංගගෙන ඉන්න උඹව දැක්කම
කේන්තියි මට
ෂැගියාට කවි ලියන්නට හැකි දෝ නොහැකිදෝ නොදනිමි හිතට එන සමහර ගොන් මොංගල් අදහස් ලෙක්චර් අතරතුර දී කොළ වල ලිය වෙයි ඒවා කවි යැයි මට සිතෙයි ඒවා එසේ නොවේ නම් සමාවුව මැනවි.
කාලෙකට පස්සේ ඔන්න මකුළු දැල් එහෙම කඩලා දැම්ම බ්ලොගියේ තිබ්බ.