Tuesday, November 18, 2014

අපේවත් නොවන අපි

ඇගේ වත් නොවන ඇය 
මගේවත් නොවන මට  
ඇගේ යැයි කියමින් උදම් අනනවා 

මගේ වත් නොවන මම 
ඇගේවත් නොවන ඇයට 
මගේ අයිතිය පවරා දෙනවා 

ඇගේවත් නොවන මම 
මගේ වත් නොවන ඇය 
එක්ව අපේ ආදරයක් හොයනවා 

අපේ වත් නොවන අපි 
අපිත් නොවන අපි 
අපේම ලොවක් හොයනවා 

ඔන්න ඉතින් යන්තම් පොස්ට් පනහක් කොටා ගත්තා. මෙච්චර කල් කෙටුවේ පොස්ට් පනහයි වෙන මුකුත් නෙමේ දිගට ලියන්න කම්මැලි කම, වෙලාවක් කලාවක් අවේලාවක් නැකතක් එහෙම නැතුවට තදින් දෙයක් හිතට වැදුනම ඉතින් දුවගෙන ඇවිත් කොටන එක තමා මගේ පුරුද්ද හොඳ නරක අඩු පාඩු නිතර ඇවිත් කියන සහෘද ඔබ තමයි හයිය. දෙඩෙව්වා වැඩිද මන්ද ?????

20 comments:

  1. ආයෙ මක්කයි පනහ අගට තව බිංතු දෙකක් වත් වැටෙන කං ලියන්න ඕන ඈ.......
    ජයවේවා

    ReplyDelete
    Replies
    1. ලියමු ලියමු 50 පැනගන්න තමා අමාරු වුනේ ලියන්නම්කො

      Delete
  2. පනහයි? ආපෝ මදි මදි. මේ වගේ තව දෙතුන්දාහක්වත් ලියන්න ඕනෙ. මොකද ෂැගී කියන්නෙ මගේ ප්‍රියතම කාටුන් චරිතයක්.

    කවිය මරු ෂැගියෝ.... සිම්පල් වචන ටිකකින්, සුමට රිද්මයකින්, පට්ටම ගැඹුරු අදහසක් දීලා....

    ReplyDelete
    Replies
    1. තැන්කු වේවා බස්සි.. හ්ම්ම් ඔව් ඔව් ලියන්න තමයි හිතන්නේ කම්මැලි කම තමා ගැටලුව

      Delete
  3. එළ කිරි පනහක් වේවා.. ඉදිරිය ජය වේවා...

    ReplyDelete
    Replies
    1. තැන්කු වේවා!! දේශකතුමෝ

      Delete
  4. උඹට මේවාට තමා කම්මැලි! චෙස් අදින්න එහෙම කම්මැලි නෑ! ශ්‍රී සුභ වේවා ඈ!!

    ReplyDelete
    Replies
    1. එක ඉතින් මොළේ කල්පනා කරලා අදින එක විතරනේ බන් ... තැන්කු වේවා!!!!

      Delete
  5. shagiyo..... අපිට අහිමි අප....... තමයි ඉතින්.....

    ReplyDelete
    Replies
    1. අහිම වෙන්න අපි අපිට හිමිද කියලා තමයි මගේ පුරස්නේ ??

      Delete
  6. 50ට සුබ පැතුම්.. කවුරු කාගෙද කියලා හොය හොය ඉන්නේ නැතුව ලියහං බං.. ඒක හොදයි ඔක්කොටම වැඩිය..

    ReplyDelete
    Replies
    1. තැන්කු වේවා!! ඒක තමා බැලුවේ දිගටම ලියන්නම්

      Delete
  7. පනහක් සපිරෙනසුබ දවසකනෙ මමත් ගොඩ වෙලා තියෙන්නෙ.මේ කවිය නියමයි ....ෂැගි කිව්වමයි මතක් උනේ ..මගේ කැම්පස් කාඩ් එක... හික්ස් ... ස්කුබිඩු නමක් නෙ ;) .... සුබ පැතුම් එහෙනම් දිගටම ලියමු :)

    ReplyDelete
    Replies
    1. එන්න එන්න දිගටම කැම්පස් කාඩ් එකෙනුත් නෑ කමක් තියනවනේ එහෙනම් :)

      Delete
  8. ජ ය ේව් වා !!!

    වේ වා !!

    ෙය් !!!

    ෙන් ටත ්!!


    ේන වා එඑ !!

    ජ ය වේ වා !!!

    ReplyDelete
  9. එල ද බ්‍රා...අරින්ඩ එපා ගහමු 100.

    ReplyDelete
    Replies
    1. අනිවා 100ක් ගහන්න ඕනි ඉක්මනට

      Delete
  10. සුබ පැතුම් ෂැගියෝ..දිගු ගමනකට සුබ පතනවා...

    ReplyDelete
    Replies
    1. තැන්කු වේවා!! තුශානි....

      Delete

හිතේ තියන් යන්නේ නැතුව හිතෙන දෙයක් කියලා යන්න...