Thursday, October 30, 2014

කියන් මිහිකත් ලඳුනි අපි නුඹේ තුරුලේ බව

සොබා දම් මාතාව කුරිරු ලෙස හැසිරුනා
අපිට එක ලෙස සැලකු නුඹත් විරසක වුනා 
මහ මෙරක් උසට අපි දුක් උනත් ඉවසුවා 
එහෙව් අසරණ අපිව පස් වලින් යට කළා

පුංචි වුන් පාසලේ එවී අපි හොයාගෙන 
කියන් මිහිකත් ලඳුනි අපි නුඹේ තුරුලේ බව 
පුංචි වුන් බඩගින්නේ උදේ පාසල් ගියේ 
ලැබේවිද කුසට අහරක් උන්ගේ, රෑට වත් අද දිනේ 

කෝවිලේ දෙවියන්ට අපි යදිනකොට බයට 
මුලින් යට උනෙත් කෝවිලේ වහලෙයි තදට 
කුමක් අපි කරම්දෝ දෙවියො අසරණ කලට 
අපි වගේ දුපත්ද දෙවියනේ නුඹත් අද??????

හල්දුම්මුල්ල කොස්ලන්ද ප්‍රදේශයේ ඇති වූ හදිසි ආපදා තත්වය වෙනුවෙන් කළහැකි යමක් වේනම් සියලු දෙනා එක්ව සිදු කරමු!!!

ජායාරූපය හිරු නිව්ස් වෙතින් උපුටා ගන්නා ලදී

12 comments:

  1. මෙවන් විපත් තවත් නම් සිදු නොවේවා!!

    ReplyDelete
    Replies
    1. එලෙස පතමු අපි හැමෝම

      Delete
  2. මිහිකත කෝප කලේ..... අපේ උන්මයි...... පව් ගෙව්වේ අදත්...... අහින්සකයින්මයි.....

    ReplyDelete
    Replies
    1. හ්ම්ම් ඇත්ත ඒ මිනිස්සුන්ගේ හිස මත දුප්පත්කම ජීවන වියදම වගේ දේවල් මහමෙරක් වගේ ගොඩ ගැහිලා තිබුණු වෙලේ අමුතුවෙන් වුනේ පස් ගොඩක් වැටුණු එක

      Delete
  3. අන්තිමේදී පහත් තැනින් යයි ගලා ජලේ ... සොබා දහමත් ඇයි දුප්පතුන්ටම රිදවන්නේ

    ReplyDelete
    Replies
    1. අපිත් සොබා දහමට අවනත වෙන්න ඕනි නැත්තම් හැමෝම විනාශ වෙන දවස වැඩි ඈතක නෙමේ..

      Delete
  4. මොනවා හරි කරමු බං අපි

    ReplyDelete
    Replies
    1. ඒක තමා නාඩියෝ මාත් කිවුවේ අපි එකතු වෙලා මේකට පුළුවන් විදිහට උදව් කරන විදිහක් හොයා බලමු.. කවි කතා විතරක් ලිය ලිය ඉඳලා හරියන්නේ නෑ

      Delete
    2. එහෙම වැඩසටහනක් කෙරෙනවනම් අපිටත් එෆ් බී මැසේජ් එකක් දාන්න. මොනව හරි කරන්න ඕන ඇත්තෙන්ම

      Delete
    3. අනිවා අනිවා ළඟදීම මොනාහරි කෙරෙයි එතකොට කියන්නම්

      Delete
  5. ඉතිහාසයක එක්වුනු ඛේදනීය පරිච්ඡේදයක්..

    ReplyDelete
  6. මොකක් හරි දෙයක් කරනවානම් අපිවත් පොඩ්ඩක් දැනුවත් කරන්න අයියේ....පුළුවන් ඕනෑම දෙයක් කරනවා අහිංසක අසරණ උණු මිනිස්සු වෙනුවෙන්.

    ReplyDelete

හිතේ තියන් යන්නේ නැතුව හිතෙන දෙයක් කියලා යන්න...