Wednesday, October 22, 2014

මතකද?????

මතකද තරු කඩා වැටුණු රැය 
අපිව හැඳින ටික දිනකින් අපි හමු වුනු රැය 
පළමු වරට නුබ මා ළඟ හිඳගත් ඒ රැය 
නොකීව බස් නෙතින් නෙතට තෙපලමින් සිටිය රැය 

මතකද පන්සිළුගේ වීණා හඬ අසමින් සිටි රැය 
දහසක් මැද අපි තනියම තනිවූ මහ රැය 
හඳ එලියට වඩා අපේ සිත් එලි වුනු රැය 
නොකීව බස් සිතින් සිතට තෙපලමින් සිටිය රැය 

මතකද කඩා වැටෙන තරු දෙකකට පැතුම් දුන්නු රැය 
අහසේ ඉන්න බැරුව වැටුන තරු දෙකකට අපි රැවටුණු රැය 
කඩා වැටුණු තරුව වගේ අමතක වුනු රැය 
සැමට හොරෙන් ඔබත් මාත් නිතර යනෙන රැය 

28 comments:

  1. Replies
    1. මතකයට හොරෙන් අමතක කල රැය

      Delete
  2. සඳ හොරෙන් හොරෙන් හොරෙන් බලා
    වලා රොදක සැඟවිලා
    අපේ මියුරු පෙම්කතා
    අසා සිටිනවා..

    කඳුළු බිඳු ගලා සඳේ
    තුරුලතා පුරා
    සියොළඟ ම සැලේ මගේ
    නොහිම් හීතලේ
    ඔබේ නෙත යදී
    මහත් වියරුවෙන්

    කියඹුවැල් ලිහී ඔබේ
    මාරුතේ හැපී
    කොපුල් තල ගැටී මගේ
    සිතුම් සසලවයි
    නිවාලන්න මා
    ඔබේ සිහිලසින්


    පද රචනය - කුලරත්න ආරියවංශ

    සංගීතය - ප්‍රේමසිරි කේමදාස

    ගායනය - පණ්ඩිත් අමරදේව

    ReplyDelete
    Replies
    1. හ්ම්ම් ඔය වගේම පෙම් කතාවක් අමතක වෙලා ගිය එකක්

      Delete
  3. නැත්නම් නැත්නම්.. අමතක වෙන්නනම් බෑ කොහොමත්... හැබැයි ඔය හැමට හොරෙන් කිව්වට අපිට හොරෙන් නම් බෑ පුතේ... :D

    ReplyDelete
    Replies
    1. හරියටම එදා නාඩියාව මට මාට්ටු වුනා වගේ නේද? හැක් හැක්

      Delete
  4. එල ද බ්‍රා..
    අතිතය සිහිනයක්ම පමනයි...

    ReplyDelete
    Replies
    1. හ්ම්ම් ඉඳහිට අතීතයට ගිහින් එනකොට පොඩි ලල් එකතුත් තියනවා

      Delete
  5. මේ රැය ගෙවෙන්නේ shagiyo...... කැරෝකේ එකකද....? නැත්නම්, දේවදාස් එකේ තියන අර කියන... මඩමකද.......?

    ගැලපීම මරු.....

    ReplyDelete
    Replies
    1. හ්ම්ම්ම් ඒ වගේ තැනක් වුනත් වෙන්න පුළුවන්
      හැබැයි මතකේ විදිහට නම් එළිමහන් රංග පීටයක

      Delete
  6. හහ් හහ්...
    අමතක නැති සොඳුරු රැයක්..

    ජ ය වේ වා !!!

    ReplyDelete
    Replies
    1. කොහොම අමතක කරන්නද විදානේ

      Delete
  7. සරසවියේ මතක බිංදු වගේ....

    ReplyDelete
  8. මතකද අමතක කරන්න හැදුවට
    අමතකම නොවෙන රැය...
    නුඹත් එක්ක තුරුලු වෙලා
    පෙම් ගගුලක කිමිදුණ රැය...

    අපූරුයි ෂසගි ජයවේවා

    ReplyDelete
  9. මොන තරුවක්ද?? චිරි චිරි...

    ReplyDelete
  10. කිසිදා නින්දක් නොලබත් නිදි සුව දැනුනු රැය :D
    සීතල පිනි වැටෙද්දීත් උනුසුම් සුව විඳපු රැය :D

    ReplyDelete
    Replies
    1. දැන් දැන් නින්ද නොයමින් මතක් වන රැය
      මතකෙට එනවිට උණුසුම මකමින් මුළු ඇඟ සීතල වන රැය

      Delete
  11. ලස්සනයි ෂැගියා.....

    හරි කලාත්මකව හිතලා ඒවා පද බවට පෙරළලා... උත්සහය සාර්ථකයි... දිගට ම කවි ම ලියමුකෝ........

    ReplyDelete
    Replies
    1. හිතෙනවද ලියන කවි හොඳයි කියලා. මාත් ආසයි කවි ලියන්න ඒත් මන් හිතන්නේ නෑ මට ලොකු හැකියාවක් ඒකට තියනවා කියලා.. බලමු එහෙනම් කුරුටු ගෑ ගී පවුරෙ ඇරයුමින් ලියන්න උත්සහ කරන්නම් කවි නිතරම ;)

      Delete
  12. මතක නෑනේ..............!

    සුපිරි හොඳේ ෂැගියා අයියේ...

    ReplyDelete
    Replies
    1. මතකයි එකනේ බන් නිතර ඇයත් මමත් හොරෙන් හිතින් ගිහන් එන්නේ
      තැන්කු වේවා!!

      Delete
  13. :) මතකයි මතකයි

    ලස්සන පද පෙලක් ... අදයි මේ පැත්තට ගොඩවුනේ දිගටම එන්නම්කෝ...

    ReplyDelete
  14. සතුටින් පිලි ගන්නවා එන්න දිගටම :)

    ReplyDelete

හිතේ තියන් යන්නේ නැතුව හිතෙන දෙයක් කියලා යන්න...