Sunday, October 19, 2014

අන්තවාදී සමානාත්මතාව

අපේ සමාජයේ තියන මහම මහා පිළිලයක් වගේ දෙයක් කියලා මට හිතෙන දෙයක් ගැන කියාගෙන යන්න ඕනි කියලා මන් හිතුවා. මේක මන් ගමේ , නගරයේ පාසලේ , පන්තියේ විතරක් නෙමේ සරසවිය ඇතුලෙත් දැකපු දෙයක් ඒ තමයි අගේ නොකිරීම සහ අන්තවාදී සමානාත්මතාවය, නිසි තැනද සම තැනද හරි කියලා පස්සේ බලමු. ඒ වගේම සමානාත්මතාවය කියන්නේ හොඳ දෙයක් ඒත් කොයිදේකත් අන්තවාදය හොඳ නෑ වගේම මේ දේ වුනත් එහෙමමයි කියලා මට හිතෙන්නේ.
අන්න ඒ නිසා තමා වැටිලා ඉන්න මිනිහා දිහා අනුකම්පාවෙන් බලන යුක්තිය සාධාරණත්වය ඒ වෙනුවෙන් ඉටුකරන්න හදන අපේ වුන් දියුණු වෙන්න හදන එකාගේ කකුලෙන් අදින්නේ. ඇති හැකි අයව සතුරන් සේ දකින්නේ. දියුණු වුවන් තමන්ගේ සමාජීය වගකීම ඉටුකලයුත්තාසේම අපිට කිසිම අයිතියක් නෑ ඔවුන්ගේ දියුණුවට බාධා කරන්න.
මනුස්සයෙක් නැගිටිනවා දැක්කොත් සමාජයක් කියන්නේ ඔහෝම හම්බ කරලා කාට ගෙනියන්නද, පිදුරුසේවිකල පැල්පතේ ඇති සාමේ නැහැ මහා මන්දිරේ වගේ කතා ඒත් පිදුරු පැලේ ඉන්න මිනිහා විතරයි දන්නේ හැමදාම රණ්ඩු ගොඩයි කියලා.
සමානාත්මතාව මුවාවෙන් මේ කරන්නේ රටේ දියුණුව පුද්ගල දියුණුව අඩාල කරන එක පුළුවන් වුනොත් කියයි උබලාගේ ආත්මාර්ථකාමී කම කියලා. සරසවි ඇතුලේ ගත්තත් අඩුපාඩු බොහොමයක් තියනවා ඇත්ත ඒවා ලබාගතයුතු බවත් ඇත්ත ඒවා පාලකයන්ගේ වගකීම් බවත් ඇත්ත ඒත් දෙන දේවල් වලින්වත් සතපහක ප්‍රොයෝජනයක් නොගෙන තව තව ඉල්ලනවා.
ගොඩනැගෙන්න නෙමේ අවශ්‍ය යැපෙන්න එතැනදී මේ සමානාතමතාවය සමාජවාදය මාර විදිහට මාර්කට් කරනවා. සමහරු අවබෝධෙන් කරනවා තව සමහරු එක පොතක දෙකක කරුණු වලට ලගු වෙලා ඒ තුලින් ලෝකය බලමින් මුළු ලෝකයම පහදන්න හදනවා.
සමාජවාදී චිනතනයේ හරය ගනුවෙනුවට පුහු මතවලින් හිස් පුරවාගෙන ඉන්නවා. රටේ සංස්කෘතියට ගැලපෙන පරිදි සමාජවාදී චින්තයක් ගොඩනගාගන්න උත්සහ කරනු වෙනුවට රටේ සංස්කෘතිය සමාජවාදී පදනමකට ගෙනෙන අසාර්ථක උත්සාහයක නියතු වෙනවා.
මේ ලඟකදී එක් පුහු සමාජවාදියෙකු (ඔහු කිසිසේත් සැබෑ සමාජවාදියෙක් නොවන නිසා) අනගාරික ධර්මපාල තුමා ජාතිවාදියකු බව පැවසුවා ඔහුගේ නොදන්නාකමේ තරම නම් සියලු ජාතීන් එක්කර ප්‍රථම ලංකා දුම්රිය සේවක අරගලය අධිරාජ්‍යවාදීන්ට එරෙහිව සිදු කලේ එතුමා බවයි. පසුව මෙරට ජාතිවාදී ගැටුම් අද මෙන්ම එදත් එවකට පාලකයන් විසින් ඇති කර පසුව එතුමාව නිවාස අඩස්සියේ තබනවා.
ඉතින් මම නැවතත් කියමි,
මම සමාජවාදියෙක් නොවෙමි.........
එනම්
මත්පැන් බී ධනවත් බහුජාතික සමාගම් පෝසත් කරන සමාජවාදියෙක් නොවෙමි
ඒ තුලින් බාර් කාරයා පෝසත් කොට ඊළඟ ජන්දෙටත් කලින් පාලකයාගේම පෝස්ටර් වලට සල්ලි යවන සමාජවාදියෙක් නොවෙමි
බොබ් මාලිගෙන් ගතහැකි බොහෝ දේ තිබියදී ගංජා සුරුට්ටුව පමණක් ගත් සමාජවාදියෙක් නොවෙමි
මුළු ලොවටම එකවර ගංජා පොවා ලෝක සාමය ඇතිවේයැයි බලාපොරොත්තුවන සමාජවාදියකු නොවෙමි
ක්‍රමය බිහිකළේ මිනිස්සු නැතුව ක්‍රමය විසින් මිනිස්සු බිහි කලේ නැත. ක්‍රමය වෙනස් වුවත් මිනිස්සු එලෙසම වනු ඇත. මිනිස්සු වෙනස් කිරීමට සිත් වෙනස් කල යුතු වනු ඇත. මෙය කියූ කල ඔවුන් කියන්නේ ඔය ආගමික මතවාදයක් බවය එකී නෙකාගේ ආගම් වෙනස් බවය ඒනිසා මෙය ප්‍රායෝගිකද නැද්ද සිතීමටත් පෙරම ඔවුන් අත්හැර දමයි. හැබැයි මුළු ලෝකයටම එකවර ගංජා පොවා ලෝක සාමය ඇතිකිරීම ගැන නම් මිට වඩා සිතන බව පෙනේ.

"සියල්ල වෙනස් වන ලෝකයක, වරද දෙසට යන ලෝකයක , ඔබ නිවැරදි වන්න , දුප්පතාට මෙන්ම ධනවාදියටත් ආදරය කරන්න.         

24 comments:

  1. මොකද්දෝ තරහකින් මේක ලියල තියෙන්නේ shagiyo .....මාත් ඔහොම ලිව්වා...... මොනවා හරි අසාධාරණයක් උනාම...... මිනිස්සුන්ගේ සමහර ආකල්ප අපට හදන්න බැ shagiyo .....අපට මොනවා ලැබුනම සමහරු ඉරිසියයි....... නොකියන දෙයක් නැ. අපට මේවා උපේක්ෂාවෙන් බලන්න වෙනවා.

    ReplyDelete
    Replies
    1. ඔව් නිහංසා ඒත් තරහකින් ලිවුවෙමත් නෑ මට ලැබුණු දෙයක් නිසා නෙමේ වෙන දේවල් බලන් ඉදලා බැරිම තැන ලියලා දැම්මේ.. ඇත්තටම මේවා උපේක්ෂාවෙන් බාරගතයුතුයි ලෝකය වෙනස් කරන්න අපිට බෑ

      Delete
  2. කියන්න දෙයක් නෑ බං.. මෙහෙමයි කවුද කියලා තියනවනේ දෙයක් තේරුම් කරන්න පුළුවන් මනුස්සයාට තේරුම් කරන්න. තේරුම් ගන්න බැරි මනුස්සයාට ඒ දේ තේරුම් කරලා දෙන්න මහන්සි ගන්න එපා කියලා.

    ReplyDelete
    Replies
    1. අඩුම ගානේ උන් තේරුම් ගනිනේ බන් අපි එහෙම නෑ කියලවත් නේද??? :)

      Delete
  3. කියලා තියෙන ටිකනම් සහතික ඇත්ත. ගොඩක් "උගත්" ගිරවුන්ට තියෙන්නෙ යැපුම් මානසිකත්වය. අරක වැඩිකරව්! මේක දියව්! කිය කිය ඉල්ලනවා. දෙන ඒවයින් ගංජා ගහනවා. සෙද්දේ සමාජවාදෙ. ඕවට කියන්න තියෙන්නෙ "මාලෙ ගෙලේ චේ පපුවේ කිසිම දෙයක් නෑ ඔලුවේ" කියල තමයි.

    ReplyDelete
    Replies
    1. සමාජවාදය විතරක් නෙමේ බස්සි ඕන දෙයක් ගෙඩි පිටින් ගිලින්නේ නැතුව හපලා කෑලි කලා ගිලින්න ඕනි කියලා ගොඩක් අය දන්නේ නෑ ගෙඩිය පිටින් ගිල්ලොත් හිර වෙලා මැරෙන එක විතරයි වෙන්නේ. කියලා තේරුම් ගන්නේ නෑ...
      ඇත්තටම ගොඩක් වුන්ට ගැලපෙන්නේ බස්සි කිවුව කතාව තමයි "මාලෙ ගෙලේ චේ පපුවේ කිසිම දෙයක් නෑ ඔලුවේ"

      Delete
    2. මොකක්ද බ්ලොගක උඩ ඔහොම දෙයක් ගහලා තියෙනවා වගේ මතකයි :D

      Delete
    3. ඉවාන් ගේ බ්ලොගියේ නේද????

      Delete
  4. ෂැගිය මචෝ හුගක් ඔය සමාජවාදෙ අර වාදෙ මේ වාදෙ ගැන කතාකරන වුං ඉන්නව නේද හුගක් වුං දෙපැත්ත කැපෙන දැලිපිහි...
    හැරෙන පැත්තට කතාකරනව කවුරු හරි පරමාදර්ශී ඩෑල් එකක් අල්ලං ට්ට ගහන එක තමා උංගෙ වැඩේ කටිං බතල හිටුයන එක... ජනප්‍රියම සංකල්පය...

    මං නංවිස්වාස කරන්නෙ පැසිස්ට් වාදීන් විතරයි උං කියන දේ හරියටමකලේ...
    හිට්ලර්ල වග් ඩෑල්

    ReplyDelete
    Replies
    1. ඇත්ත සමාජවාදය හොද දෙයක් 100% සම්පුර්ණ මිනිස්සු නෑ ඒත් අඩුම ගානේ තමන් කරන දේ හරයවත් දැනගෙන කරන්න එපයි මුන් ගෙඩි පිටින් ගිලිනවා දිරවගන්න බැරි වුණාම වටේ තියන හැමදේම වැරදි කියනවා..
      මේක කිවුවහම ප්‍රජාතන්ත්‍රවාදි සමාජවාදියෝ මර්ධනය දියත් කරනවා
      දැන් ඉන්න ඇතැම් පුහු සමාජවදිනට වඩා හිට්ලර් සුපිරි තමයි

      Delete
  5. මිනිස්සු අදහන්න් ඕන , සමාජවාදේ, මාක්ස්වාදේ. ප්‍රජාතන්ත්වාදේ නෙවෙයි , මනුස්සකම

    ReplyDelete
    Replies
    1. ඔය ටික තමා ඉවාන් මටත් කියන්න ඕනි වුනේ..

      Delete
  6. දාර්ශනිකයින් ලොව විවිධාකාරයෙන් විග්‍රහ කරති, එහෙත් ප්‍රායෝගික ගැටලුව වන්නේ එය වෙනස් කිරීමය. කිසිවෙකුත් උත්සාහ නොකරන්නේද එයමය, ඔවුන් පම්පෝරි කරුවන්ම වේ - කාල් මාක්ස්.

    ReplyDelete
    Replies
    1. වෙනස් වන ලෝකයේ කුමක් වෙනස් කලද එයත් වෙනස්වේ අවබෝධයෙන් ලෝකය දැකීම වඩා වැදගත් වේ..

      Delete
  7. සුපිරි පැහැදිලිකිරීමක්....

    ReplyDelete

  8. █ මේ තියෙන්නේ අපේ අලුත්ම www.tinyurl.com/sinhalasyndi සිංහල Syndiya ඔයාගේ බ්ලොග් / වෙබ් සයිට් එකත් අදම එකතු කරන්න.

    ReplyDelete
  9. ඔය සමජවාදියෙක් කියා ගන්නා අයෙක් meeting 1ක දී නව ලෝක මුදලාලි සෑහෙන්න දෝෂාරෝපණය ට ලක් කලා ධනවාදියා කියලා.. ඒ මනුස්සයා දන්නේ නැතුව ඇති නව ලෝක මුදලාලිත් පිඩිත පන්තියෙන් ආපු කෙනෙක් කියලා.. a මන්නුස්සයව අගය කරනවා වෙනුවට කරන්නේ බනින 1ක, කවදත් ඔය සමාජවාදී කට්ටිය ගොඩක් බලන් ඉන්නේ හමදේම නිකන් ලැබෙන කන් නේ...

    ReplyDelete
    Replies
    1. ඔව් සමහරු කියන කරන දේ පවා නොදැන කට තිබුණු පලියට දොඩවනවනේ ඉතින්.. පව් ඉතින්

      Delete
  10. රැල්ලට අහුවෙච්ච හිස් ඔලුගෙඩි ටිකක් මිසක් දැං කොහෙවත් "සමාජවාදියො" නෑ ෂැගියො...

    ReplyDelete
    Replies
    1. වැඩේ කියන්නේ සංචාරකයෝ මේ සමාජවාදියෝ අනිත් වුන්ගේ වැරදි වලට කෑගහනවා තමන්ගේ වරදක් කිවුවහම ඒක මේ සිස්ටම් එකේ වරදක් කියලා සාධාරණිකරණය කරනවා

      Delete
  11. මිනිස්සු මිනිස්සුන්ට ගරුකරන්න ගත්තම ,මනුස්සකම අගය කරන්න ගත්තම ඔය ප්‍රෂන විසදෙවි. එත් එහෙම වෙවිද

    ReplyDelete
    Replies
    1. එහෙම වෙනවනම් ලෝකේ මාරම ලස්සන වෙයි ඒත් ලෝකයේ ස්වභාවය ඒක නෙමේ වෙනස් වෙන එක ඉතින් අවබෝධෙන් ජිවත් වෙන්න ඕනි

      Delete

හිතේ තියන් යන්නේ නැතුව හිතෙන දෙයක් කියලා යන්න...